මනූෂගෙන් පැය 06ක ප්‍රකාශයක් කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ඔස්සේ පුද්ගලයන් පිරිසක් දකුණු කොරියාවට යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු අමාත්‍යවරයාගෙන් පැය 6 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. 21 January 2025
UN සම්බන්ධීකාරක - මහජන ආරක්ෂක ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අද (21) පැවැත්විණි. 21 January 2025
දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක් සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසියට ප්රදානය කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඕල්කට් මාවත පිහිටි සී.සී.ටී.වී කොට්ඨාසයේදී සිදුකෙරිණි. 21 January 2025
බහලුම් 3,000ක් තවමත් වාරායේ කොළඹ වරාය තුළ ආනයනික බහලුම් 3,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වීමෙන් තව දුරටත් සිරවී ඇති බව බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. 21 January 2025
අනුරාධපුර නගරය යටවෙයි අනුරාධපුරයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් අද (21) දහවල් කාලය වන විට, අනුරාධපුර සංචාරක පොලිසිය , අනුරාධපුර පුරාවිද්‍යා අධ්යක්ෂ කාර්යාලය පරිශ්‍රය , අනුරාධපුර හෝටල් පාසල සහ පූජා නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. 21 January 2025
පාසල් පෝෂණ වැඩසටහනට කැබිනට් අනුමැතිය පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
නව පනතක් ගේනකම් ත්‍රස්ත පනතෙන් වැඩ ගන්නවා ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 January 2025
රජයට ලෝක බැංකුවෙන් සහතිකයක් රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය. 21 January 2025
මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කරයි මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම 2025 ජුලි මස දී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව ඇත. 21 January 2025
සිසුන්ට ආණ්ඩුවෙන් පාවහන් යුගලක් තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
නර්තන ශිල්පියකු උණ්ඩ - කුඩු සමග මාට්ටු ගිනි අවිවලට දැමිය හැකි පතුරම් විස්සක් හා අයිස් සමග නර්තන ශිල්පියකු බව කියන පුද්ගලයකු අද (21) ගෝනපිනුවල දි සැකපිට ප්‍රශ්න කිරිම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. 21 January 2025
’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook)මුහුණු පොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කළේ යැයි කියන ’’නාමල් කුමාර’’ සැකකරු ලබන 23 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(21) නියෝග කළාය. 21 January 2025
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් පත් කරයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
කැලණිවැලි දුම්රිය පාරේ අනවසර පදිංචිකරුවන්ට වෙනත් තැනක් කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් තැනක පදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
ලංකා-ඉතාලි ගුවන් සේවා ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
සිවිල් ආරක්ෂක අධ්යක්ෂ ජනරාල් පත් කරයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
අපරාධයකින් ලබා ගත් දේපොළ පනත පාර්ලිමේන්තුවට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
ඉඩම් කොමසාරිස් ජනරාල් පත් කරයි ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2025
රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත් ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 January 2025
මහින්ද එළියට දැම්මොත් මිනිස්සු ගෙවල් දහයක් අරගෙන දේවි මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැම්මොත් ඔහුට ගෙවල් දහයක් අරගෙන දෙන්නට මේ රටේ මිනිස්සු ඉදිරිපත් වනු ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 January 2025
උතුරු දුම්රිය මගේ අඩුපාඩු අහන්න ප්‍රවාහනයේ ලොක්කෝ උසාවි කඳවයි උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 19 වන දින 21 January 2025
මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 January 2025
අර්චුනා තවත් ලෙඩක් දාගනියි අනුරාධපුර - රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ රථය නතර කළ අවස්ථාවේදී, වලංගු රියදුරු බලපත්‍රයක් ලබා නොදී පොලිස් නිලධාරීනට සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 21 January 2025
කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108යි ග්‍රෑම් 460 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය පල්ලිකුඩා ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 21 January 2025
ඒ - 9 මඟේ ලොරි අනතුරකින් තුනක් රෝහලේ යාපනය,නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය, ගල්කන්දේගම විද්‍යාලය ඉදිරිපිට දී අද (21) අලුයම ලොරි රථයක් තවත් ලොරි රථ තුනක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලිසිය පවසයි. 21 January 2025
මහනුවර - මහියංගන පාර යළි විවෘත කරයි නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කෙරුණ බව පොලිසිය කියයි. 21 January 2025
මුලතිව් වී ගබඩාව යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරයි මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් වසා දමා තිබු වී ගබඩාවක් ශුද්ධ පවිත්‍ර කර යළිත් වී ගබඩා කළ හැකි අයුරින් ප්‍රතිසන්සකරණය කිරීමට මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. 21 January 2025
පොළොන්නරු - මනම්පිටි දුම්රිය නවතී පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 21 January 2025
වැඩි මිලට රතු කැකුළු විකිණූ සමුපේට වැඩ වරදී යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 21 January 2025
දෙමටගොඩ කසළ ගොඩින් උණ්ඩ මතු වේ දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේ පිහිටි කසළ ගොඩක තිබි උණ්ඩ හයක් සොයා ගත් බව පොලිසිය පවසයි 21 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026