හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. 21 January 2025
ගල්වලේ සේවකයෙක් සිරවී මරුට ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බරපතල තුවාල ලබා අද මිය ගොස් ඇතැයි තෙබුවන පොලිසිය කියයි. 20 January 2025
ට්‍රම්ප් දිවුරුම් දෙයි ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය. 20 January 2025
හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම් මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පැවසීය. 20 January 2025
ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය. 20 January 2025
දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 20 January 2025
රග්බි සංගමයේ නිලවරණයට වාරණයක් ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය වලක්වමින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකුට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කළේය . 20 January 2025
වී සඳහා ‘අවම’ මිලක්? වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පැවසීය. 20 January 2025
බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා අද (20) පැවසීය. 20 January 2025
මහනුවර දුම්රිය එඩේරමුල්ලේද ගිනිගනී බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (20) පස්වරුවේ පැවසීය. 20 January 2025
ක්ලීන් ශ්‍රී ලංකා විවාදය හෙට අනිද්දා ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ. 20 January 2025
එජාප සජබ එකතුවට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20)ඒකමතික තීරණයකට පැමිණියේය. 20 January 2025
වරායේ වැඩ ගැන බිමල් කනස්සල්ලෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 20 January 2025
පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල වශයෙන් නිවේදනය කළේය. 20 January 2025
යොවුන් සේනාංකයට නව අධ්යක්ෂ ජෙනරාල්වරයෙක් ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස ගාමිණී වික්රමපාල මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී පත්වීම් ලිපිය භාරගත්තේය. 20 January 2025
කෝටි 2ක ගජමුතු සමග 2ක් අල්ලයි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු 7 ක් සමග සැකකරුවන් දෙදෙනකු දිවුලපිටිය නගරයේදී පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 20 January 2025
අල්ලස් ගත් සීවලී විදුහලේ විදුහල්පති රිමාන්ඩ් බණ්ඩාරවෙලා සීවලී මහා විද්‍යාලයේ පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා වැලි කියුබ් එකක් සහ සිමෙන්ති කොට්ට දහයක් ඉල්ලා රුපියල් දහ අටදාස් පන්සියයක මුදලක් පාසල අසල හාඩ්ව්යාර් එකට බැර කරවාගත් සැකකාර විදුහල්පතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (20) නියෝග කළාය. 20 January 2025
අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය 20 January 2025
ආණ්ඩුවේ ආයතන රටට බරක් කරන්නේ නෑ රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 20 January 2025
යෝජිත වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කෝටි ගණනක යකඩ දිරයි වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුකාර කාර්ලයක් ඉදි කිරීම සඳහා මිලියන 294 මුදලක් වැයකර බාගෙට ඉදිකර ඇති ගොඩනැගිල්ල විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති. 20 January 2025
වික්ටර් අයිවන් සමු දෙයි කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි. 20 January 2025
මහවැලි ගඟේ ගසාන ආ සද්ධන්තයා මහවැලි ගඟේ ගස් සැඩ පහරට ගසාගෙන ආ වන අලියකු මනම්පිටියේ පාලම අසලින් ගොඩගෙන ඒ අසල රක්ෂිතයට පලවා හැරීමට එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීහු අද දහවල් කටයුතු කළහ. 20 January 2025
බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඔවුන් මුහුන දෙන ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 20 January 2025
සාගරගෙන් - ජනපතිට උත්තර දේශපාලන වාසී ලබා ගැනීමේ අරමුණින් රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට හෝ විජේරාම නිවසින් ඉවත්කිරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේය. 20 January 2025
ගල්ඔයේ ඉවුර කැඩී කුඹුරු අක්කර 1000ක් යට වෙයි ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් ගල්ඔයා ගගට නිකුත් කරමින් පවතින ජල ධාරාවන් හේතුවෙන් ගල්ඔය ගංගාවේ දකුණු ඉවුර දීඝවාපීයට ආසන්න නයිනකාඩු ප්‍රදේශයෙන් අද (20) කැඩීගොස් ඇතිබව සම්ම්න්තුර වාරිමාර්ග කාර්යාලය පවසයි 20 January 2025
සුරාබදු ලොක්කාට එරෙහි පෙත්සමට දින දෙයි මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් නොකරන ලෙස කර තිබු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නොතකමින් කටයුතු කර අධිකරණයට අපහාස කර ඇති බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සිව්දෙනකුට එරෙහිවව ගොනු කර ඇති පෙත්සම පෙබරවාරි 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය. 20 January 2025
කෝටි 6ක ’’කුෂ්’’ කටුනායකින් අල්ලයි කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, පිට කර ගෙන යමින් තිබූ රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් සහ ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ . 20 January 2025
’’ජනාධිපති අපනයන සම්මාන’’ උළෙලට දින දෙයි ශ්‍රී ලංකාවේ අපනයනකරුවකුට ලැබිය හැකි ඉහලම සම්මානය පිරිනැමීම සඳහා වන ජනාධිපති අපනයන සංම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පෙබරවාරි 7 පැවැත්වීමට නියමිතය. 20 January 2025
මං ඉන්නෙ පොලිස් කොමිසම ගැන ’’අදිමදියක’’ ආණ්ඩුව විසින් ඉල්ලා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී මාරු කිරීම් වලට අදි මදි කරන පොලිස් කොමිසම ගැන තමාද සිටින්නේ ’’අදි මදියක’’බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හොරණ දී පැවසීය. 20 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026