IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ත්‍රිපෝෂ සමාගම පැය 24 පුරා වැඩ

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි.

සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිදභාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ යන්ත්‍රසූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාල ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුද සියලු බාධාවකින් තොරව සිදුවන බවද ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි.

යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන වෙළදපොළ උදෙසා සුපෝෂ නිෂ්පාදනය දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇත. සුපෝෂ මූලික අමුද්‍රව්‍ය ලෙස ලෙස භාවිත කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයෙන් යුතු කප්කේස් නිපදවීමටද කටයුතු යොදා ඇති බවද සමාගම දන්වා සිටියි.

එහි මූලික අදියර ලෙස ජා-ඇළ කපුවත්ත සුපෝෂ අවෙවිසැලෙහි එම නිෂ්පාදනය දැනටමත් අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර ඉදිරියේ දී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ.

 



අදහස් (0)

ත්‍රිපෝෂ සමාගම පැය 24 පුරා වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site