ඔට්ටු මධ්‍යස්ථානවලින් රුපියල් කෝටි 262 ක බදු පොල්ලක්
සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.