IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රේගු බහාලුම් ගැන කමිටු වාර්තාව මුජිබුර් සභාගත කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්නට ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාව ආණ්ඩුවෙන් ප්‍රසිද්ධ නොකරන නිසා තමා එය සභාගත කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"අප රටේ රාජ්‍ය ආදායම ඉහල දමන එක ආයතනයක් ලෙස රේගුව හඳුන්වා දිය හැකියි. රේගුව ගැන පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා වුණා. ජනවාරියේදී රේගුවේ බහාලූම් තදබදයක් ඇතිවී ආන්දෝලනයක් වුණා. රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්න ජනාධිපති යම් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව ජනපතිට බාර දී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙනවා.තාමත් ඒක පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. ආණ්ඩුව ඒක සභාගත නොකරන නිසා මම අද එය සභාගත කරනවා. මොකද ඔබලා මේ වාර්තා පෙට්ටි වල දාගෙන ඉන්නවා. රතු ලේබල් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස්  කිරීම වැරදි බව අදාළ කමිටුව දක්වා තිබෙනවා. බහාලුම් තදබදය වලක්වා ගැනීම සඳහා මෙය කළත් එමගින් අපගමනයක් සිදුව ඇතැයි අදාල කමිටුව කියනවා. ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බලය අවභාවිත කර තිබෙනවා. රේගුවේ කන්ටේනර් නිදහස් කිරීමෙන් විශාල දූෂණයක් සිදුවී තිබෙනවා. මේක වහන්න හැදුවේ ඇයි? ආණ්ඩුවට ඡන්දෙදි උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් මෙලෙස නිදහස් කළාදැයි අපට සැකයක් තිබෙනවා. මහ බැංකුවේ සිද්ධියේදී රනිල්ට චෝදනාවක් එල්ල වුණා. එලෙස චෝදනා එල්ල වුනේ අදාල කාලයේ දී මහා බැංකුව තිබුනේ රනිල්ගේ යටතේ නිසයි. හොඳට මතක තියාගන්න, අද රේගුව තියෙන්නේ අනුර දිසානායක යටතේ. ඒක නිසා අනුරට මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.



අදහස් (1)

රේගු බහාලුම් ගැන කමිටු වාර්තාව මුජිබුර් සභාගත කරයි

අරවින්ද මොණරවිල Monday, 30 June 2025 03:49 PM

කට වාචාලකමට කියවනවා ඇරෙන්න වෙන ගත යුත්තක් නැහැ. උන්ගේ ඔලුවේ හැදෙන මනෝවිකාර කියවමින් පාර්ලිමේන්තුවේ කාලය කා දමනවා.

:       14       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 89 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site