IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි 22 ක ‘ටග් යාත්‍රාව’ විනාශයේ විමර්ශන අරඹයි

(යොහාන් භාසුර)

ජපන් ආධාර යටතේ මෙරට ලැබුණු රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් ‘ටග් යාත්‍රාව’ ත්‍රිකුණාමලය වරායේ තිබියදී පෞද්ගලික සංචාරයකට යොදාගෙන අනතුරකට ලක්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගත් බවත් එම පුද්ගලයන් අතර අනතුර වූ අවස්ථාවේදී ‘ටග් යාත්‍රාව’ පැදවූ නිලධාරියා ද සිටින බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කීපදෙනෙක්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ගැනීමට නියමිත බව කී එම නිලධාරියා එහිදී වර්තමානයේ වරාය අධිකාරියේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් ද කැඳවීමට සිදුවිය හැකි බව ද සඳහන් කළේය.

ත්‍රිකුණාමලය වරාය ආසන්නයේදී 2021 වසරේ අදාල ‘ටග් යාත්‍රාව’ අනතුරට පත්වීමෙන් රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් මේ වන විට රජයට වී ඇති බවත් වරාය බලධාරීන් එම අනතුර සඟවීමට උත්සහ කර ඇති බවත් පැමිණිල්ලක් ලැබුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (6)

කෝටි 22 ක ‘ටග් යාත්‍රාව’ විනාශයේ විමර්ශන අරඹයි

Ran Tha Tuesday, 01 July 2025 07:50 PM

පොඩ්ඩක් අවුල්. යාත්‍රාවේ වටිනාකම කෝටි 22. අනතුරෙන් වුණු අලාභය කෝටි 25

:       2       15

Deepal Wednesday, 02 July 2025 08:40 AM

ටග් එකේ වටිනාකම 22... "මේ වන විට 25ක්‌" කියන්නෙ ඒකෙ පාඩුව ශුද්ධ අදායම් අහිමි වීම යන ඒවයෙ එකතුව....

:       1       3

Chanuka Wednesday, 02 July 2025 09:02 AM

තවත් මොකක් හරි දෙයක් වදින්න ඇති. එතකොට ඒකේ අලාබෙත් එකතු කරලා තමයි ගනන් හදන්නේ

:       1       4

RukmalWednesday, 02 July 2025 09:55 AM

ආදායම් මාර්ග අහිමි වීම් වගේ දේත් එක් වෙනවා

:       1       3

Bunny Preena Wednesday, 02 July 2025 09:03 AM

ආරම්භ කළ පරීක්ෂණත් පසුවට 'අවුල් වියවුල්' නොවී හොඳින් සාර්ථකව අවසන් වුණොත් හොඳයි. නැත්නම් පාඩුව අය කරගන්න අවස්ථාවක් නොලැබී යා හැක.

:       1       3

යෝගා Wednesday, 02 July 2025 10:25 AM

එච්චර පාඩුවක් කරපු මනුස්සයට මේ ආණ්ඩුවෙ ලොකුම තනතුරක් දීලා. මොකක්ද ඩීල් එක?

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site