IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තැන් 20ක සනීපාරක්ෂක පහසුකම් දියුණු කරයි

(අංජුල මහික වීරරත්න)

දිවයින  පුරා නාගරික ප්‍රදේශ වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එදිනෙදා නාගරික ප්‍රදේශ කරා එන ජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිලි පද්ධති වලින් සමන්විත සනීපාරක්ෂක පහසුකම් ඉදි කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.

 නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත පහසුකම් ස්ථාපනය කළ යුතු උචිතස්ථාන නාගරික සංවර්ධන සැලසුම් වලට අනුව හඳුනාගනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 20ක් ඉදි කිරීමට යෝජිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 525.29 ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, පහත සඳහන් ස්ථානවල යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* දෙමෝදර දුම්රිය ස්ථානය

* සීගිරිය හෝටල් මංසන්ධිය

* නුවර වැවරවුම

*ග්‍රෙගරි වැව, නුවරඑළිය

* කින්නියා වෙරළ, ත්‍රිකුණාමලය

* මාබල් බීච්, ත්‍රිකුණාමලය

* නිලාවෙලි වෙරළ ප්‍රදේශය, ත්‍රිකුණාමලය

* පාසිකුඩා, මඩකලපුව

* රුවන්වැලිසෑය රථගාල පරිශ්‍රය

*ලංකාපුර, පොළොන්නරුව

* යාපනයේ කුරිකට්ටුවාන් ජැටි පරිශ්‍රය

*හික්කඩුව වෙරළ තීරය

* සිරිකැටිය, දික්වැල්ල

*පරෙයි වැල්ල වෙරළ උද්‍යානය, තංගල්ල

*ආරුක්කු නවය පාලම, ඇල්ල

*මොරගොල්ල වෙරළ, බේරුවල

* ගල්කිස්ස දුම්රිය ස්ථානය

*මීගමුව වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය, අදියර 1

*බත්තරමුල්ල මංසන්ධිය

* බඩගමුව වන උද්‍යානය, කුරුණෑගල

 



අදහස් (1)

තැන් 20ක සනීපාරක්ෂක පහසුකම් දියුණු කරයි

Bunny Preena Wednesday, 02 July 2025 03:00 PM

කොළඹ 14 දිවුල්ගස් හන්දියට සහ ආමර් වීදියට ප්‍රමුඛත්වය දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site