IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්වය සමත් අසමත් දරුවන්ට පණිවිඩයක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉකුත් දා නිකුත් විය. අතිශයින්ම තරගකාරී විභාගයකින් ඉහළ ලකුණු ලැබ ඉහළින් ම සමත් වූ දුවා දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම් පළමුව පිරිනමමු. අපේක්‍ෂිත ඉලක්කය ඒ අයුරින්ම සපුරා ගැනීමට අසමත්වූ දුවා දරුවන්ට මේ ගිලිහී ගියේ එක් අවස්ථාවක් පමණක් බවත් ඉදිරියේ තව බොහෝ අවස්ථා ඇති බවත් එම අභියෝග ජය ගැනීමට හැකි බවත් සිහිපත් කරමු. එම අභියෝග ජය ගැනීමට ඇවැසි ශක්තිය දිරිය නොඅඩුව ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු.

පාසල් භූමිය තුළ තිබූ අනාරක්‍ෂිතව ඉදිකළ ජල කරාම සහිත සිමෙන්ති කණුවකට යටවී පළමු වසරේ ඉගෙනගත් සිසුවියක අකාලයේ ජීවිතයට සමුදුන්නේ ඉකුත් සතියේදීය. එම සිදුවීමත් සමග හඬ අවදි කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ මෙරට පාසල් 74 ක අවදානම් ගොඩනැගිලි තිබෙන බවය. එයින් කියැවෙන්නේ එම පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සිටින්නේ හිසට ඉහළින් ළඹදෙන මරණීය අනතුරක් යට බවය.

මරණීය අනතුර සහිත පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දක්‍ෂතා හා පහසුකම් සපිරි පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දක්‍ෂතා එකිනෙකට සන්සන්දනය කිරීම සාධාරණ නැත. එසේ සන්සන්දනය කරන්නේනම් එය මරණීය අනතුර යට අකුරු කරන දුවා දරුවන්ට සිදුකරන තවත් අසාධාරණයකි.

පාසල් භූමිය තුළ තිබූ අනාරක්‍ෂිතව ඉදිකළ ජල කරාම සහිත සිමෙන්ති කණුවට යටවී මියගිය දැරිය ජීවත්වූයේ පියා සහ අත්තම්මාගේ සෙවණේය. ඒ, එම දියණියගේ මව දුරු රටක රැකියාවකට ගොස් ඇති බැවිනි. ඉගෙන ගන්නා දරුවකුට මවු සෙනෙහස කෙතරම් අවශ්‍යද යන්න තේරුම් ගැනීම අසීරු නැත. එහෙත් මෙම ශාපලත් ආර්ථික පරිසරය තුළ වින්දිතයන් වීමට දරුවන්ට සිදුවී තිබේ.

මව, පියා දෙදෙනාම අහිමිව ඥාතීන් සෙවණේ වැඩෙන දරුවෝ මෙන්ම මව්පියන් දෙදෙනාම සිටියද නොසලකා හැරීම්වලට ලක්වූ දරුවෝද පවුල් ආරවුල් නිසා පීඩනයෙන් කල දවස ගෙවීමට සිදුව ඇති දරුවෝද, ළමා නිවාසවල, අනාථ නිවාසවල වැඩෙන දරුවෝද සිටිති. එහෙයින් මේ සියලු දරුවන්ගෙන් සමාන ප්‍රතිඵල යමකු අපේක්‍ෂා කරන්නේනම් එය යුක්ති සහගත නැත.

අප බොහෝවර අවධාරණය කර ඇති පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරම් පන්ති බේදය ඇති වෙනත් ක්ෂේත්‍රයක් නැත. ජනප්‍රිය පාසල්, සුපිරි පාසල් යනුවෙන් පාසල් වර්ගයක්ද ගමේ පාසල් යනුවෙන් පාසල් වර්ගයක්ද වේ. එමෙන්ම පාසලක් යනුවෙන් හැඳින්වුවද එසේ හැඳින්වීමට තරම් මානව හා භෞතික පහසුකම් නැති පාසල් ද තිබේ. මෙවන් පන්ති බේදයක් සහිත අධ්‍යාපනයක් තුළින් සමාන ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම අසාධාරණය.

ඉහත දැක්වූ පරිසරයට ආදේශ වී ඇති පිළිතුර වන්නේ ජනප්‍රිය හා සුපිරි පාසල්වලට දරුවන් ඇතුල් කිරීමය. එය ළමා හිංසනයක් යැයි හැඳින්විය හැකි තරමේ අමානුෂික පොරයක් බවට පරිවර්තනය වී තිබේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අම්මාවරුන්ගේ විභාගය ලෙස හැඳින්වෙන්නේද එහෙයිනි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවා වසර තුන හතරක් අප්‍රමාණ ලෙස දුක් විඳිති.

නීතිය මෙන්ම අධ්‍යාපනය ද සැමට සමාන විය යුතුය. එවිට නිදහස් මනසින් යුතුව අධ්‍යාපනයේ නියැලීමට දරුවාට අවකාශය සැලසේ. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග ඇතිවන සංවාද සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කළ යුතු ය.

(***)



අදහස් (6)

ශිෂ්‍යත්වය සමත් අසමත් දරුවන්ට පණිවිඩයක්

jaya Monday, 20 November 2023 01:31 PM

5 ශිෂ්‍යත්වයේ අරමුණ රටේ අවුරුදු 10 වයස දරුවන් අතරින් ඒ අවස්ථාවේ දක්ෂතම 10% ට අධ්‍යාපනයේ උපරිම අවස්ථාව ලබා දීමයි. මේ දෙය ඕනෑම රටක දක්ෂයන් හඳුනා ගැනීමට, රටේ අභිවෘද්ධියට ඔවුන් සම්බන්ධ කර ගැනීමට භාවිතා කරනවා. අපේ රටේ අභාග්‍ය නං ඒ තෝරා ගන්න ළමයින්ට මාර්ගෝපදේශයක් නොදීමත්, සෑම ළමයෙකුටම මේ 10% ඇතුළත් විය නොහැකි යයි දෙමාපියන්ට නොතේරීමත්ය...!

:       2       14

sam Tuesday, 21 November 2023 06:56 AM

ජනප්‍රිය පාසල්, සුපිරි පාසල් යනුවෙන් පාසල් වර්ගයක්ද ගමේ පාසල් යනුවෙන් පාසල් වර්ගයක්ද කියා වෙන්වෙන් වශයෙන් හැඳින්වීම නැවතිය යුතුවේ. ලෝකයේ දියුණු රටවල සෑම පාසලකටම එක සමානව සම්පත් බෙදීයයි. දරුවන් සිටියද නොසිටියද දියුණු රටවල පාසල්...?

:       0       7

H. A. D sampath Tuesday, 21 November 2023 10:35 AM

පාසල් තුල බහුතරයක් ගුරුවරුන් විදුහල්පතිවරුන්, දරුවන් නියෝජනය කරන අධ්‍යාපනය ආයතනය තුළ නිලධාරින් පාවා දරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බව නිසි බලධාරීන්ගේ අවධානයට යොමුකිරිමට කැමැතියි. අප දරුවා ඉගෙනුම ලබන පාසල තුළ අසාධාරණය වෙනුවෙන් කතාකරලා විදුහල්පති, ගුරුතුමා අපිට දැක්වූ ප්‍රතිචාරය ඉතා කණගාටු දායකයි. දරුවන් වෙනුවෙන් පෙනී සිටින අය ගැන නිසි අවධානය යොමු කරන්න. පාසල් තුළ දරුවන්ට නිසි අධ්‍යාපනය ලැබෙනවාද යනු වෙනත් නිලධාරින් දමා මාසිකව විභාග තියා බලන්න. දරුවන් දෙනුවෙන් ඉල්ලා සිටිමි. දෙමාපියන් පාසල් තුළට ඇතුල්වීම නවත්වන්න. පාසල් තුළ මුදල් එකතු කිරිම නවත්වන්න කටයුතු කරන්න.

:       0       2

MAS chathurangani Wednesday, 22 November 2023 03:51 AM

අසමත් සමත් දරුවෝ සියලුම දෙනාට සුබපැතුම්..! 

:       1       1

Osith Wednesday, 22 November 2023 03:18 PM

මගේ දරුවට උණ ගැනුණා... ලිව්වා අපහසුවෙන්...!

:       0       2

Deepal Nirosh Thursday, 23 November 2023 02:25 PM

“සුපිරි පාසල්“ යනු යටත් විජිත සමයේ ආරම්භ කර දැනට ඉහළ පහසුකම් පද්ධතියක් සහිත පාසල්. “ජනප්‍රිය පාසල්“ නම් යටත් විජිත අවසාන සමයේ සිට මේ දක්වා නගර හා නගරාශ්‍රිතව ඇරඹූ මහා විද්‍යාල හා මධ්‍ය මහා විද්‍යාල... ඔය දෙකොටසට නොවැටෙන පාසල් “ගමේ පාසල්“ ලෙස ව්‍යවහාර වෙනවා. මේ පන්ති පරතරය අඩු කරන්න කළ හැකි ආරම්භක වැඩ පිළිවලක් නම් ලංකාවේ සියළු පාසල් අංකනය කර ඇති ආකාරය අනුව, දැනට පවතින නම් ඉවත් කර “ශ්‍රී ලංකා (අංකය) විද්‍යාලය“ ලෙස පොදු නමක් හැම පාසලටම යෙදීමයි. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න ඉතා දැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site