IMG-LOGO

වාමාංශික නායකයන් නිරුත්තර කළ ‘බනිස් මාමා’

(සටහන - එස්.ඒ.වයි.ද සිල්වා)

දකුණේ උපත ලද අයකු පළමුවෙන් මේ රටේ අගමැති පදවියට පත්වූයේ ආචාර්ය විජයානන්ද දහනායක මහතායි. ඒ මෙරට පස්වැනි අගමැතිවරයා වශයෙනි.

1956 දී බලයට පත් අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ රජයේ අධ්‍යාපන ඇමතිවරයා වූයේ ගාල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයානන්ද දහනායක මහතාය.

ඊට පෙර පැවති රජයෙන් පාසැල් දරුවන් දිවා විවේකයේදී කිරි වීදුරුවක් ලබා දීම සිදු කෙරිණි. එහෙත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති පදවියට පත්වීමෙන් පසු කිරි වීදුරුව ලබාදීම අත්හිටුවා තිබිණි. විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ අනුමැතිය ඇතුව පාසල් දරුවන්ට නවතා තිබූ කිරි වීදුරුවත්, ඊට අමතරව බනිස් ගෙඩියකුත් ලබා දීමට පියවර ගත්තේය. මේ නිසා එවක පාසල් සිසුන් සියලූ දෙනාම දහනායක මහතා හැඳින්වූයේ ”බනිස් මාමා” යනුවෙනි. ඇමතිවරයෙක් වුවද දහනායක මහතාද එම ඇමතීමට දැඩි ප‍්‍රසාදයක් දැක්වූවා මිස එරෙහි වීමක් නම් නොවීය. පාසලේ දිවා කාලයේදී ලබා දුන් කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසු පාසලේ සිසුවකු මිය ගියේය. එම මරණයට හේතුව පාසලෙන් දුන් කිරි පානය කිරීම නිසාම නොවීය.

වෙනත් අසනීපයකින් මියගොස් තිබිණි. මෙම සිද්ධිය මූලික කරගෙන වාමාංශික දේශපාලන නායකයෝ විජයානන්ද දහනායක ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී නොයෙකුත් අවලාද නගන්නට වූහ. පාසලෙන් දුන් කිරි වීදුරුව පානය කිරීම හේතුවෙන් මරණය සිදුවූ බව වාමාංශික දේශපාලන නායකයෝ කීහ. මේ අයගේ දැඩි වාග් ප‍්‍රහාරය පිළිබඳව දහනායක මහතා කලබල නොවීය. ”මේ පාසල් ශිෂ්‍යයා මිය ගිය බව ඇත්ත. පාසලෙන් දුන් කිරි වීදුරුවත් පානය කළ බවත් ඇත්ත. මිය යාමට පෙර කිරි වීදුරුව පානය කළ බවත් ඇත්ත. එහෙත් කිරි පානය කිරීම මරණයට හේතුව නොවෙයි. වෙනයම් අසනීපයකින් මිය ගොස් තිබෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු යම් කෙනෙක් බණ ගෙදරකට හෝ පන්සලකට ගොස් බණ අහල ගෙදර එන විට මිය ගියා කියල, එවිට ඒ මරණයට හේතුව බණ ඇසීමද? එහෙම වෙන්නේ නැහැ නේද? මේ මරණයත් ඒ වගේ සිද්ධියක් විතරයි.” අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතාගේ මෙම විග‍්‍රහයෙන් පසු වාමාංශික දේශපාලන නායකයෝ නිරුත්තර වූහ. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පසුව පැමිණ දහනායක මහතාට ප‍්‍රශංසා කළේය.



අදහස් (0)

වාමාංශික නායකයන් නිරුත්තර කළ ‘බනිස් මාමා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site