IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වගකිව යුත්තන්ගේ වගකීම් පැහැරහැරීම

ඉදිරි මාස් කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදාහැරෙන ආකාරය තීරණය කිරීම සහ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති කන්න රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යවරයා හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හෝ සහභාගි නොවීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයන් දැඩි අප්‍රසාදය පළ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එම කන්න රැස්වීමට සහභාගි වූ ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, වසරකට දෙවරක් පමණක් පවත්වන කන්න රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගි නොවීම සම්බන්ධයෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ දිසාපතිවරුන් සහභාගිවීම අනිවාර්ය නමුත්, මෙවර කිසිවකු සහභාගි නොවීම පිළිබඳව දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මෙවැනි වැදගත් කන්න රැස්වීමකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ දිසාපතිවරයා ඇතුළු වගකිවයුත්තන් සහභාගි නොවීම ගැටලුවක් බව ද රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පවසා තිබිණි.

හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කන්න රැස්වීමට සහභාගි විය නොහැකි බව දන්වා ඇතැයි එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ගොවීන්ගේ ඇතැම් ගැටලුවලට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. මෙම කන්න රැස්වීමට හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය, වව්නියාව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගොවි සංවිධාන රැසක නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී ඇත.

කෘෂිකර්ම අමාත්‍යවරයාට කෘෂිකර්ම විෂය පථයට වඩා වැදගත් රාජකාරි කටයුතු තිබිය හැකි ද යන ප්‍රශ්නය මෙහිදී අපි මතු කරමු. මන්දයත්, මෙම රැස්වීම පවත්වන්නේ වැටක, නියරයක මතු වන ගැටලුවක් විසඳා ගැනීමට නොවන හෙයිනි. ඉදිරි මාස් කන්නයේ ජලය මුදාහැරෙන ආකාරය තීරණය කිරීමට සහ ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට මෙම කන්න රැස්වීම පැවැත්වේ.

එමෙන්ම, මෙම රැස්වීම පවත්වනු ලබන්නේ වසරකට දෙවරක් පමණි. එබඳු වැදගත් රැස්වීමකට සහභාගි නොවී සහභාගි වීමට ඇති වැදගත් සුවිශේෂී රාජකාරි කටයුතු අමාත්‍යවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට, දිසාපතිවරුන්ට තිබිය හැකි යැයි අපි විශ්වාස නොකරමු.

‘වග නොවීම’ තරම් කරුමයක් මේ රටට තවත් නැත. අවශ්‍ය ප්‍රමාණයෙන් වගවීම නොවන නිසා මේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම බරපතළ ප්‍රශ්න මතු වී තිබේ. ‘එක දා ගැනීම’ පමණක් බොහෝ අයගේ උත්සාහය වී තිබේ. තමන් සතු වගකීම එයට හිමි නිසි බරින් ගැඹුරින් වටහා ගත් බවක් පෙනෙන්නට නැත. සිරිත බවට පත්ව තිබෙන්නේ සංහාරයෙන් පසුව සංරක්ෂණය පිළිබඳව කටමැත දෙඩවීම පමණි.

හෙට දිනයේ මතු විය හැකි ප්‍රශ්න පුරෝකථනය කරමින් ඒවාට කල් ඇතිව විසඳුම් සකස් කරගෙන සිටිය යුතුය. එහෙත්, අප රටේ එවැන්නක් සිදු නොවේ. වැව් පතුල් හාරා බීමට දිය පොදක් සෙවීමට සිදුවන තරමට නියඟය උග්‍ර වනතුරු කිසිවෙක් ඒ පිළිබඳ කල්පනා නොකරති.

ගංවතුර ගලා කඳු නාය යන තරමට ඛේදවාචකය වැඩෙන තුරා එවැන්නක් ඇති විය හැකි යැයි කල්පනා කරන්නකු නැත. වගාවට වතුර ඉල්ලා ගොවියා අරගල කරන තුරු එම ගැටලුවට මුහුණ නොදී එය මගහැර යා හැකි මගක් පිළිබඳව සිතන්නෝ නොවෙති. කපාගත් වී අස්වැන්න විකුණා ගැනීමට මගක් නොමැතිව ගොවියා මහ පාරට පැමිණ උද්ඝෝෂණය කරන තුරු අස්වැන්න මිලදී ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන වගකිව යුත්තෝ නොවෙති.

ගොවි බිම් අරගල බිම් බවට පරිවර්තනය වී තිබෙන්නේ එහෙයිනි. ඒවා එසේ සිදුවන්නේ ඇයි ද යන්න ඉකුත් 27 වැනිදා ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමට වගකිව යුත්තන්ගේ නොපැමිණීමෙන් පැහැදිලි වේ. මෙම පිරිස්වලට පළමුව වගකීම කුමක් ද යන්න ඉගැන්විය යුතුය. දෙවැන්න වගවීම වන්නේ කෙසේ දැයි තේරුම් කර දිය යුතුය. එසේ නොවුණහොත්, රට යනු ඇත්තෙත් ප්‍රපාතයෙන් ප්‍රපාතයටය.

(***)

 



අදහස් (0)

වගකිව යුත්තන්ගේ වගකීම් පැහැරහැරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31150 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site