IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික විපර්යාස තුළ ලෝකවාසීන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි එල්ල වී ඇති අභියෝග හඳුනාගැනීම, ඒවාට පිළියම් යෙදීම සහ දේශගුණික විපර්යාස තුළින් ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ප්‍රයත්නයන් තුළින් එකමුතුවක් ගොඩනැගීම මෙම සමුළුවේ මූලික අරමුණ වී ඇත. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන අතර මෙම සමුළුව තුළින් ජාත්‍යන්තර මට්ටමෙන් මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඉතා වැදගත් තීරණවලට එළැඹිය හැකි යැයි ඔවුන් අපේක්ෂා කරන අතර එනිසාම ඩුබායිහිදී පැවැත්වෙන කොප් 28 සමුළුව මාර්ගයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරන බව පෙනේ.

සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා සහභාගි කරවන විශාලම නියෝජිත පිරිසක් සමග එම සමුළුවට සහභාගී වන බවය. ඇතැම් පුවත්පත් ප්‍රමුඛතාව ලබා දී තිබුණේ සහභාගී වන සංඛ්‍යාව පිළිබඳව වන අතර මෙම සම්මේලනය ජාත්‍යන්තර මට්ටමෙන් හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් වන ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබුණේ අල්ප වශයෙනි.

මීට පෙර ජනාධිපතිවරයා සහභාගී වූ විදේශ සමුළුවලදී සහ සම්මන්ත්‍රණවලදී දේශගුණික විපර්යාස පිළිබඳව අනුගමනය කළ යුතු අනාගත පිළිවෙත් පිළිබඳව කරුණු මතු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව මෙන්ම අලු‍තින් ඇතිකර ගත යුතු එකඟතා පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය.

මෙම විෂය පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාස බලපාන ආකාරය පිළිබඳව හඳුනාගැනීමට ද ජනාධිපතිවරයා විසින් මේ වන විටත් පියවර කිහිපයක් අනුගමනය කර තිබේ. ඒ අතර ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීම, විවිධ යෝජනා සලකා බලා වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් සැකසීම සඳහා කටයුතු කිරීම, දේශගුණික විපර්යාස අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මධ්‍යස්ථානයක තත්ත්වයට පත් කිරීම, ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා ඒ හා සම්බන්ධ ව්‍යවසායන්ට විවෘත කිරීම සඳහා කටයුතු කිරීම වැනි පියවර රැසක් දැනටමත් අනුගමනය කර තිබේ.

මෙවර සමුළුවට ශ්‍රී ලංකාව සූදානම් වී ඇති ආකාරයත් එම සමුළුවෙදී ශ්‍රී ලංකාව විසින් කටයුතු කිරීමට සූදානම් වී ඇති ආකාරයත් බලන විට රට ඒ සම්බන්ධයෙන් කොතෙක් දුරට වැදගත්කමක් ලබා දී තිබේද යන්න පෙනී යනු ඇත. මෙම සමුළුවට ශ්‍රී ලංකාව විසින් යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ. ඉන් එක යෝජනාවක් වන්නේ දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම එවැනි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එවැනි ආයතනයක්  පිහිටුවීමෙන් දේශගුණ විපර්යාසවල ස්වරූපය, වෙනස්කම් සහ අනාගත ප්‍රවනතා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ශාස්ත්‍රීය ආයතනයක් බිහි කර ගැනීමට මග පෑදෙනු ඇත. එසේම අනාගත ප්‍රවනතාවන් හඳුනාගනිමින් ඇතිවන වෙනස්කම්වලට අනුව භෞතික හා මානව අංශවල ඇති කළ යුතු පරිවර්තන නිර්දේශ කිරීමට ද හැකියාව ලැබෙනු ඇත. ලෝකවාසී ජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීමේ ආයතනයක් ලෙසද එය ක්‍රියාත්මක වනු ඇත.

දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම දෙවන යෝජනාව වේ. සංවර්ධනය වූ රටවල ක්‍රියාකාරකම් බොහෝ විට දේශගුණික විපර්යාස සඳහා බලපා ඇතැයි සැලකේ. අනෙක් අතට දියුණු රටවල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් විවිධාකාරයේ අපහසුතාවලට මෙන්ම ගැටලුවලට ද මුහුණ දීමට සිදු වේ. එවැනි අවස්ථාවල දී එම රටවලට යුක්තිය ඉටු කර ගැනීමට ඉඩ ලබා ගැනීම සඳහා මේ ආකාරයට දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම යෝජනාව ශ්‍රී ලංකාව විසින් ‘‘කොප් 28’’ සමුළුවට ඉදිරිපත් කර තිබේ.

අනෙක් යෝජනාව වන්නේ නිවර්තන වැසි වනාන්තර පිළිබඳ සංසදයක් පිහිටුවීමයි. එම කලාපයේ වැසි වනාන්තරවල තත්ත්වය අධ්‍යයනය කිරීම සහ ඇති කළ යුතු වෙනස්කම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ එකමුතුවක් ගොඩනැගීම එහි අරමුණ වී තිබේ.

දේශගුණික විපර්යාස සහ ඒවාට ලෝකය සාමූහිකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව දිගු කලක් තිස්සේ ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා පැවැත්වේ. 1992 මිහිකත සමුළුව, 1997 කියෝතෝ සම්මුතිය ද මේ වන විට වශයෙන් ගොඩනැගී ඇති ජාත්‍යන්තර එකඟතා ඒ සම්බන්ධ ඉතා වැදගත් ජාත්‍යන්තර එකඟතාවන් සනිටුහන් කරයි.

එසේ වුවද එම එකඟතාවන්ගේ ඒ ඒ රටවල වගකීම් පිළිබඳව සම්මුතීන් ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම බෙහෙවින් දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. බොහෝ විට ගැටලු පැන නැගී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් මෙම එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක්වීම හෝ එම එකඟතාවන් ක්‍රියාත්මක වීම වැළැක්වීමට කටයුතු කිරීම බව පෙනේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරි ආයෝජන පිළිවෙත් සකසා ගැනීම පිළිබඳව ඉතා සූක්ෂමව සිතා බලා කටයුතු කිරීම හේතුවෙන් බව පෙනී යයි. කවර තත්ත්වයක් යටතේ වුව ද ඉදිරියේ දී ලොව බලවත් රටවලට දේශගුණික විපර්යාස පිළිබඳව වෙනස්කම් ඇති කර ගැනීම සඳහා තීරණාත්මකව මැදිහත් වීමට සිදුවනු ඇත.

ඒ අතරම ශ්‍රී ලංකාව වැනි රටවල සම්ප්‍රදායික කර්මාන්ත ප්‍රතිපත්තිය ද වෙනස් නොකරන්නේ නම් ඒවාට ද දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ අනාගත සම්මුතීන් හේතුවෙන් බලපෑම් ඇති වීමට ඉඩ තිබේ. රට බංකොළොත් වීමෙන් පසු ඇති කර ගන්නා නව ආර්ථික පිළිවෙතේ දී දේශගුණික විපර්යාසවලට අදාළ නිෂ්පාදන හා සේවාවල ආයෝජනය වැඩි කිරීම ඔහුගේ ඉලක්කය වී ඇති බව පෙනේ.

එවැනි ආයෝජන සඳහා බලවත් සහ ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත පැමිණෙනු ඇත. අප විසින් බලවත් රටවල් එවැනි ආයෝජන සඳහා පෙළඹීමක් කරවීම අවශ්‍ය නොවනු ඇත. බලවත් රටවල් එවැනි අංශවල ආයෝජනය කරන ලෙස සංවර්ධනය වෙමින් පවත්නා රටවල් පොළඹවනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ ඒ මාර්ගයෙන් රටේ ආයෝජන ඉහළ නංවා ගැනීම බව පෙනේ. දැන් සිටම ඒ සඳහ සූදානම්වීමෙන් සහ විවිධ පහසුකම් සැපයීම තුළින් ඒ සඳහා තරගකාරී අවස්ථාවන් සැපයීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වන මෙම සමුළුවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පිං සහභාගී නොවන නමුදු ඒ දෙදෙනා වෙනුවෙන් ප්‍රබල නියෝජිතයෝ දෙදෙනෙක් සහභාගී වෙති. මේ වන විට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් බලපෑම් කරන වගඋත්තරකරුවන් ලෙස අමෙරිකාවට සහ චීනයට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වුවද බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුෆක්, ඉන්දීය අගමැති මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටත් මාලදිවයින් නව ජනාධිපතිවරයාටත් මෙම සමුළුවේ ආරම්භක අවස්ථාවේදී දේශන පැවැත්වීම සඳහා ආරාධනා ලැබී තිබේ. ශ්‍රී ලංකාව ආසියානු රටවල් අතරින් දේශගුණික විපර්යාස පිළිබඳ කටයුතුවලදී විශාල උනන්දුවක් දැක්වීම එම තෝරා ගැනීම සඳහා හේතු වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා සමග පෙර නොවූ ආකාරයේ අති විශාල නියෝජිත  පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන බවට ප්‍රචාරය කර ඇති මාධ්‍ය වාර්තාව ඒ පිළිබඳ සැබෑ තොරතුරු සම්පූර්ණයෙන්ම ඉදරිපත් කිරීමට උනන්දුවක් දක්වා නැති බව පෙනේ. මෙම සමුළුව සඳහා රජය වෙනුවෙන් සහභාගී වන්නේ 15ක නියෝජිත පිරිසක් පමණි. සමුළුවට විවිධ යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් එවැනි පිරිසක් සහභාගී කරවීමට සිදුව තිබේ.

ඒ අතරම තරුණයන් 15 දෙනෙකුට ද නියෝජිතයන් වශයෙන් සහභාගී වීම සඳහා අවස්ථාව සලසා දී ඇති අතර ඔවුන් වෙනුවෙන් ස්වේච්ඡා සංවිධාන විසින් අනුග්‍රහය දක්වා තිබේ. ජාත්‍යන්තර මට්ටමේ සැසිවල දී තරුණ පිරිස්වල අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දීමට එමඟින් බලාපොරොත්තු වේ. නියෝජිත පිරිසෙන් ඉතිරිය පුද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත වේ. විවිධ ආයෝජන අවස්ථා ඇති කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට පුද්ගලික අංශයට එමගින් ඉඩ සැලසේ.

කොප් 28 ට රටවල් 198 කින් නියෝජිතයෝ 7000ක් සහභාගී වෙති. රාජ්‍ය නිලධාරීන් ඉන් සීමිත පිරිසක් වන අතර අති බහුතරය පුද්ගලික අංශයෙන්වේ. ශ්‍රී ලංකාවෙන් ද රාජ්‍ය නිලධාරින්ට අමතරව පුද්ගලික අංශයේ නියෝජිතයෝ සැලකිය යුතු පිරිසක් සහභාගී වෙති. රටේ නියෝජිත පිරිස වැඩි වීම සඳහා හේතු වී ඇත්තේ එයයි.

රට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉතා හොඳ දැක්මක් සහිතව දුර දක්නා නුවණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්වල වැදගත්කම හඳුනාගැනීමට අපට හැකියාව තිබිය යුතුය. කොරහේ කිඹුල්ලු‍ දැකීමට හුරුපුරුදුව සිටින පිරිස්වලට ‘‘කොප් 28’’ සමුළුවේ සැබෑ වැදගත්කම කවර දිනෙකවත් අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැක.

(***)



අදහස් (2)

දේශගුණික විපර්යාස සමුළුව ඇයි?

sam Thursday, 30 November 2023 05:20 AM

දේශගුණික විපර්යාස තුළ ලෝකවාසීන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි එල්ල වී ඇති අභියෝග හඳුනාගැනීම, ඒවාට පිළියම් යෙදීම සහ දේශගුණික විපර්යාස තුළින් ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ප්‍රයත්නයන් තුළින් එකමුතුවක් ගොඩනැගීම අවශ්‍ය වේ. එසේ වුවත් සොබාදහම මගින් ඇතිකරන්නාවූ කලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට ලෝකවාසීන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි එල්ල වී ඇති අභියෝග හඳුනාගෙන එම විනාශයන් අවම කිරීමට සහ මිනිසුන් වෙනස්වනවා හැරෙන්නට ඔවුන්ට සොබාදහම වෙනස් කළ නොහැකි නමුත් සොබාදහම ආරක්ෂා කිරීම තුළ මිනිසා ආරක්ෂා වේ. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් හෝ කිසිවකු නොමැත.

:       0       0

SIRIKOTHA Thursday, 30 November 2023 06:10 AM

දේශගුණික විපර්යාස සමුළුවට යන්නේ ආයෝජන ඉහළ නංවා ගන්නලු... සමුළුවේ මූලික හරය දන්නේ නැති මේ අයටත් පිස්සු.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3814 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3689 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 8324 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1812 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 561 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 716 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 173 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 237 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site