IMG-LOGO

හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට

(යොහාන් භාසුර)

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (27) නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙහි නිශ්චිත බර මේ වනවිට ගණනය කරමින් පවතින අතර එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව බව ද නාවික හමුදාව සඳහන් කළේය.

එම බහුදින ධීවර යාත්‍රා දික්ඕවිට වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව කළ වැඩිදුර පරීක්ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වූ බවත් දැනට කළ පරීක්ෂණවලින් එහි මත්ද්‍රව්‍ය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් හයසියයකට (600) වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවට තහවුරු වූ බවත් නාවික හමුදාව කීය.

එම බහුදින ධීවර යාත්‍රා දෙක සමඟ සැකකරුවන් 11ක් නාවික හමුදාව කළ එකාබද්ධ මෙහෙයුමකින්  නීතියේ රැහැනට හසුකරගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය එක්ව මෙම විශේෂ එකාබද්ධ මෙහෙයුම කළ බවත් නාවික හමුදාව කීය.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සමඟ නාවික හමුදාධිපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා සහභාගී වූ බව ද නාවික හමුදාව පැවසීය.  

මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩපැවැත්වීම සඳහා සියළුම මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිද හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියළු පාර්ශවයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව කරන බවත්, මත්ද්‍රව්‍ය  ජාවාරමට සම්බන්ධවන ඕනෑම පාර්ශවයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත්ය.      



අදහස් (1)

හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට

m.dammasiri Wednesday, 28 May 2025 03:04 PM

උසාවි ගබඩාවේදී පාන්පිටි නොවේවා...!!!

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 60 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 253 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site