
(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බන්දුල පී පතිරණ)
විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් ගිරිඋල්ල - මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇත.
පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත.
දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි.
අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩ හානි සිදු ව තිබේ.
මේ හේතුවෙන් දුම්රිය රැසක ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ කන්ටේනර් රථ පදවන්නෙ හරක්ද? මෙය ප්‍රදන පරක්. අනතුරු හැඟවීමේ සඥා පැහැලිවම ක්‍රියතමක් වෙන්න ඇති. ගෙට්ටුවත් අඩුම තරමෙ වැහෙමින් පවතින්න ඇති. ඒ අස්සෙනුත් මෙවන් විශාල වාහනයක් රිංගවන්න තැත් කරල. මොන මොඩයෙක්ද? කී දෙනෙක්ගෙ දවසම විනාශවෙනවද?
මෙය සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්කමකි!
ඇත්තම කියනවා නම්, මේක නම් මහ කාලකන්නි මිනිස්සු පිරිච්චි රටක්. හැම මනුස්සයාම කුලප්පු වෙලා වගෙයි හැසිරෙන්නේ. කිසිම හික්මීමක් නැහැ. හැමෝම අනෙකාව පරයමින් දිවයනවා. නොදියුණු ඇෆ්රිකානු රටවල ජනතාවත් හැසිරෙන්නේත් මේ හා සමානවමයි. කොතරම් ස්වභාවික සම්පත් තිබුණත්, ස්වභාව ධර්මයේ ශාපයට ලක්වී ඇති ඇෆ්රිකාවට සමාන තත්වයක් තමයි දැන් ලංකාවේත් පවතින්නේ. ඒ ශාපයෙන් ගැලවීමට උත්සාහ කරපල්ලා නොමිනිසුනේ...
මේවගේ මෝඩයින් නිසා අපේ සල්ලි කෝටි ගණනක් ඉවරයි. දැන් කියයි කෝච්චිය කන්ටේනරේට වෙට්ටුවක් දැම්මා කියලා...
ලංකාවේ මිනිසුන්ගේ පුදුම නොසැලිකිලිමත් කමක් තියෙන්නේ, මෙතැනින් මම හැමදාම යනවා.. දෙපැත්තටම ගොඩක් දුරට කෝච්චියක් එනවාද කියල පේනවා. දුම්රිය සඤ්ඤා ඉතාමත් හොඳින් වැඩ කරනවා...