(ගයාන් සූරියආරච්චි, බුද්ධික කුමාරසිරි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර තුර මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව නමැති 47 හැවිරිදි පුද්ගලයෙක්.
පොදුජන එක්සත් පෙරමුණෙ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයෙන් මැතිවරණට ඉදිරිපත් වුව ද ඔහු තේරි පත් වූයේ නැත.
හිටපු මන්ත්‍රිවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.
මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා අත්තේ හෝමගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතායි.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලදී පස්වරු 1.00 ට පමණ සිදුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා බෙදා ගන්න බැරුව මරා ගන්නවද දන්නේ නැහැ.
පාතාලයට සම්බන්ධ දේශපාලකයන් කවුරුන්දැයි දැන් පැහැදිලිවෙමින් තියෙනවා.
තාම බංකු ටික හදල නැහැ වගේ. මොකද දන්නේ නැහැ මෙච්චර පරක්කු?
අපරාදෙ. මන්ත්‍රී වශ්‍රාම වැටුප ගන්න කට්ටිය පෙළපාලි යන්න හිටියේ. එක වැඩෙත් කල් යනවා. දැන් කියයි අනිත් කට්ටිය අපිට බයයි සිකුරිටි දෙන්නා කියලා. බය කට්ටිය තමයි පාතාලී කෙදු මුදලාලිලා ටික. අනිත් අයත් බලාගෙනයි. දැන් බලය නැති නිසා පාතාලයේ අයියලා ඉල්ලන දීමනා දෙන්නා බැහැනේ එහෙම. කියලා හරි යන්නෙත් නැහැ. ජනතාවගේ පිටින් දාලා ටිකක් අඩලා බලන්න. පාතාලය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනෑ. රටේ කුණු ටික අයින් කරලා දුන්නොත්.
දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධ හා කුප්‍රකට (සැමවිටම මෙන්) විහිළුකාර පොලිස්පතිවරයෙකු පවසන්නේ ඔහුගේ පත්වීම අතරතුර අපරාධ රැල්ලක් නොමැති බවයි. පාරේ තවත් වෙඩි තැබීමක් සිදු විය. NAB සහ CID වැඩකට නැති පැරණි දේශපාලනඥයන්ගේ විවිධ දේවල් පසුපස හඹා යාමේ කාර්යබහුලයි. අපි දේශපාලන කඳවුරුවල වහලුන් පමණයි. ලස්සන රටක් සහ පොහොසත් රටක් පිළිබඳ පොතක් දැන් රටකජු වෙළෙන්දා ළඟ තිබේ.
වෙඩි තියපු එවුන් දැන් අත්අඩංගුවේ නිසා, වෙඩි තියැපු හේතුව මොකද්ද කියලාඅපිට දැනගන්න ලැබේවි කියලා හිතනවා.
ආණ්ඩුව විසින් පොලීසිය සහ සී.අයි.ඩී. එක යොදවලා තියෙන්නේ තමුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ සමාජ මාධ්‍යය වල ලියන අයව මර්ධනය කරන්න මිසක් සමාජගත තුවක්කු කරුවන් මර්ධනය කරන්න නෙවෙයි. ආන්ඩුවේ නායකයෝ තමුන්ගේ ආරක්ෂාව උපරිමෙන් තර කරගෙන සුවසේ ඉන්නවා අනෙකුත් පක්ෂවල අය සහ අහිංසක මිනිස්සු දවස ගානේ මැරි මැරී යනවා.
අයියෝ, ඔච්චර කල් හිටියා වගේ ඔහොම ඉන්නකෝ, තව පෝය දෙකයි! එතකොට ඔක්කොම ඉවරයි. එතකං බංකු පුටු ලෑස්ති කරගෙන ඉන්න.!!!