
(යොහාන් භාසුර)
ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750 ක් භාණ්ඩාගාරයට ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ලිට්‍රෝ සමාගම පසුගිය සැප්තැම්බර් මස රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සමාගම රුපියල් කෝටි 1,400 ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවත් මුදිත පීරිස් මහතා කීය.
රුපියල් කෝටි 2600 ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් දහස් ගණනින් ගෑස් මිල වැඩිකොට, පාරිභෝගිකයා මත දරාගත නොහැකි අධික තත්ත්වයකට පත් කිරීම මත කඩිනමින් භාණ්ඩාගාරයට ණය පියවීම සිදු කරයි. (රටේ ජනතාව ගැනත් හිතන්න)
ඉක්මණින්ම ණය මුදල ගෙවාදැමීම හොඳ වැඩක්.. ඒ ආයතනය පැත්තේ, පාරිභෝගික පැත්තේ ඔක්තෝබර් අගින් පස්සේ සැපයීම තමයි වැදගත් නේද?
ෙරුපියල් කෝටි 2600 ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කර ඉන්පසුව ගෑස් මිල අඩුකළ හැකිවුවත් පවතින මිල එසේ පවත්වාගෙන ගොස් ලබන්නාවූ ලාබය හෝ කොටසක් පාසල් දරුවන්ගේ දිවා ආහාර සදහා ලබා දිය නොහැකිද ?
මෙික හරියට පීරගෙන් හොරකමි කරල මුදිතට ගෙවනව වගෙ වැඩක්නෙ. ණයට ගත්තනමි කොන්දේසි අනුව ආපසු ගෙවන එක කළ යුතුයි. මස් රාත්තලම කපා ගත්ත, අසරණ රටවැසියට එල්ලෙන්න වැලේ වැලුත් නෑ.
අනේ ඊට පස්සෙවත් ගෑස් මිල තව අඩුකරන්න. ලබන ආත්මෙත් ලිට්රෝ සබාපති වෙලා ඔබ ඉන්නවා දකින්න අපිට වාසනාව ලැබේවා.