(බන්දු තඹවිට සහ මහිපාල ජයලත්)
ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය.
දින ගණනක් අධිකරණය මඟහරිමින් සිටි සැකකකාරිය පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ඊයේ (30) භාරවීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම ජීප් රථය සම්බන්ධයෙන් සැකකාරියගේ සැමියා වන ධනුෂ්ක ප්‍රියදර්ශන හෙට දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියි.
එම සැක ජිප් රිය මිලදි ගත් මන්ත්‍රී ජගත්විතානගේ පුතා වන රසික විතානව රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර සිටියි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහිතගේ දියණියට ඇප
අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 03:02 PM
පොල්ගෙඩි දෙකක් හොරකම් කෙරුවා නම් ඇප ලැබෙන එකක් නැහැ.
විපරමා Thursday, 31 July 2025 07:05 PM
පොල් හොරකම් කරන්නේ නැති බැරි කමට. ඒ අයට ඇප දෙන්නවත් කෙනෙක් නැතුවා. ඒ වගේද රත්තරං, පට්ට හොරුනේ....
පිටිගල මිලානෝ Thursday, 31 July 2025 03:30 PM
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ…..
ravin Thursday, 31 July 2025 04:22 PM
මගේ ස්වාමිපුරුෂයා කිව්ව හින්දා මම කොළවලට අත්සන්කලා. රාජ්‍යබදු ගෙවීම් පැහැර අරින්න කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.