(ඩයනා උදයංගනී )
රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
එමෙන්ම තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට පැවති ජාතික රජය කටයුතු නොකළ බව කී රතන හිමියෝ ඒ හේතුවෙන් රට ආර්ථික වශයෙන් මෙන්ම බොහෝ අංශයන්ගෙන් පිරිහුණු බව සදහන් කළහ.
රටේ ඒකීය භාවයට හානිවන හා බුදු දහමට හිමි ස්ථානය අහිමි වන ආකාරයේ යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැවති රජයට තිබූ ජනමතය වෙනස් වීමට හේතු වූ බවද උන්වහන්සේ කීහ.
ජාතික සම්පත් විකුණමින් කටයුතු කළ පැවති රජයේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බව රතන හිමියෝ ප්‍රකාශ කළහ.
එම කරුණු සළකා ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බවද උන්වහන්සේ කීහ. උන්වහන්සේ මේ බව පැවසුවේ රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප හා විඩීයෝ දසුන් - ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් දෙයක් නෙමෙයි. කාලෙක ඉඳලා මහින්දගේ රෙදි සේදුවනේ. උතුම්බුදුදහමට නිගාකරන්න එපා. කුමන භික්ෂුවක්වත් දේශපාලනය කළොත් ඒක වැරැදියි. දේශපාලනය කියන්නේ ක්‍රෝධය, වෛරය, කුහකකම වැපිරුණු තැනක්.. බෞද්ධ භික්ෂුවකට කිසිසේත්ම නොගැලපෙන්නක්.
කිසිවෙක් විශ්වාස කළ නොහැක. මන්ද මුදලට ගිජු මිනිසුන්ගෙන් අපේ මව්බිම විනාශ මුඛයට ඇද දමා ඇත. ඡන්දය ප්‍රකාශ කිරීමට යාම ගැන දෙපාරක් සිතන ඡන්දය පාවිච්චි කිරීම ඡන්ද දායකයාගේ පරම අයිතියලු. මගුල තමයි.. අපෙන් ඡන්දෙ ගන්නවා. එ් අයට ඕනෑ විදියට වැඩ කරනවා..
කිසිම ප්‍රතිපත්තියක් නැහැ.. අද සොබිත හාමුදුරුවෝ හිටියානම් මේ කිසි විනාශයක් වෙන්නේ නෑ.
රතන හාමුදුරුවෝ හරි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ගොවියන් තව තවත් වකුගඩු රෝග වලට ගොදුරු කරන පොහොර මිටිවල මිල නව රජයෙන් අඩු කිරීමත් ඔය හේතු ගොන්නට එකතු වෙන්න ඕනෑ වුණත් ඒ ගැන සඳහන් නොකිරීමයි...
අතන මෙතන රතන කොතන?
මෙන්න මේ වගේ අය අයින් කරලා දාන්න. මෙයත් සල්ලි කීයක් ගත්තද දන්නේ නෑ. මෙතන බලන්න ඕනෑ කවුද අගමැති කියලා නෙමෙයි.. මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී සිරිසේනගේ වැඩේ ගැනයි...
2015 සිට ඔබෙන් සිදුවූ නරක දේවල් ආපසු හරවා යවන්නේ කොහොමද?
ඕක අලුත් දෙයක්යැ?
අති පූජ්‍ය සෝහිත නාහිමිපාණන් වහන්සේට දුන්නු පොරොන්දුව දැන් ජනාධිපතිතුමන්ට වගේම ඔබවහන්සේටත් මතක නැතුවා වගෙයි පෙනෙන්නේ.. මාධ්‍ය නිදහසට සහ මාධ්‍ය සදාචාරයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හඬා ඇතිබවත් දරදඬු රාජ්‍ය භීෂණය ඉස්මතු වී ඒකාධිපතිවාදය ස්ථාපිත වෙන කාල පරිච්ඡේදයක් නැවතත් බිහිවන ලකුණු දැනටමත් ඇස් පනාපිට පැහැදිලිව පෙනෙන්නට ඇති වාතාවරණයක ඔබවහන්සේත්, එවන් තත්වයක් රටතුළ නැවත ස්ථාපිත වීම තහවුරු වීම භයානක ලෙස නොදකින්නේ මොකද කියන එක අපට ප්‍රශ්නයක්...? එය මුදල් අතමාරු වීමක් හේතුවෙන් ගන්නා ලද තීරණයක් නොවේවා යැයි ප්‍රාර්ථනය කරමු.
මෙයාට දැන් තමා තේරිලා තියෙන්නේ... අපිට තේරුනේ ගොඩක් ඉස්සර... මේ වගේ තිරිසනුන්ගෙන් ඈත් වෙන එක ඇඟට ගුණයි...
බුද්ධාගමේ ගෞරවය කෙලෙසන චීවරධාරීන් මුළුමහත් සමාජයටම පිළලයක්... මත් උවදුර එපා ලෙස මාධ්‍යයට රඟපාන, සිවුරක් නිසා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය සුඛිත මුදිත කරගන්නා අය නිසා අපේ රට දිනෙන් දින ආපස්සට යනවා.
පහුගිය රජය කරපු සියලුම වැරදි වල පළමු වග උත්තර කරුවා ජනපති සිරිසේන බව ඔබවහන්සේට දැන් අමතකද?
රතන හාමුදුරුවනේ, කරුණාකර සිවුර අයින් කරලා ඕනේ විදියකට ඕන පැත්තකට පනින්න. බුදු දහම සහ සිංහලකම වනසන සිවුරට මුවා වූ එන්ජිඕ වැඩ කරන්න එපා.
අනේ හාමුදුරුවනේ ඔබත්.....සීසර්!!!
2015 දී අලුත් රජයක් පත් වුනේ ඔබවහන්සේ වැනි සුලුපිරිසකගෙන් ලැබුණු සුළු වැඩි ඡන්ද ප්‍රමාණය නිසා... එ්කෙන් රටට වුණු හානිය දැන් හොඳටම පෙනෙන්න තියෙනවා. ඒ වරද නිවැරදි කරන්න දැන්වත් මේ ගත්තු තීරණය ඉතාම හොඳයි.
දේශපාලන අඥානයින් නම් මම අදහන බුද්ධධර්මයට අනුව පන්සිල් පද පහම කඩන්නෝය. සහතික කර ගැනීමට නිතර නිතර දළදා මාලිගයට යයි. සංඝයා වහන්සේලා අනුශාසනාත් කරයි. බුද්ධ ධර්මයේ වරද නොවෙයි. ආගමේ වරද විය හැකියි. ඔබ වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නේද? තව අදහස් ඇතත් ප්‍රකාශ කිරීමට ධර්මානුකූල මා හට නොගැලපේ...
හාමුදුරුවනේ, චීවරයෙන් ඉවත් වන්න. අපට පව් පුරවන්නේ නැතිව කෙලෙස් පිරුණු අය කොහොමද බණ දහම රකින්නේ?
අවවාදයයි, බැටළු හම් පොරවාගත් වෘකයින්ගෙන් පරෙස්සම් වෙනු...
අපේ කාලයේ තවත් ජුදාස් කෙනෙක්