(ඉන්දිකා රාමනායක)
(ඡායාරූප - ගයාන් අමරසේකර)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 - සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.
ජනප්‍රිය චිත්‍රපට නළුවකුද වන රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට ගෙන එන බවත් හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියයි.
රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කරන ලදි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් කියන්නේ මොන පක්ෂේ හිටියත් තිත්ත ඇත්ත කතා කරන කෙනෙක්. හොරෙක්, දුෂිතයෙක් නෙමේ. සමහරවිට ඒ නිසාම එයාට අනික් අයට ලැබෙන වරප්‍රසාද ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන් බන්ධනාගාරයේදි. මොන උනත් මේකෙන් වෙන්නේ ඊලග ජන්දෙන් දිස්ත්‍රීක්කයේ වැඩිම මනාප රංජන් ගන්න එක තමයි.
බදුර්දීන්, අසාත් සාලි, හිස්බුල්ලා එළියේ රන්ජන්ලා ඇතුලේ... මරැ ආණ්ඩුව. දැන් මේක එදාවේල ටුවර්ස් වගේ. අහස උසට යන එළවලු මිල, හාල් මිල, බඩු මිල පාලනය කරගන්න බැරැව ආණ්ඩුවේ අසමත්කම වහගන්න සතියෙන් සතියට නාට්‍ය පෙන්නනවා... ඔහොම යමු...
රංජන් අහිංසකයි. අයුක්තියකට විරුද්ධව කතා කරනවා. ඉතා දරුණු ගණයේ අපරාධකාරයෙක් විදියටනේ අත් අඩංගුවට ගන්නේ. තනිකරම විහිළුවක්.
රන්ජන්.. ඔබව බේරගන්න හෙලිකොප්ටරෙන් ජනාධිපතිලා තියා විපක්ෂ නායකලාවත් හෙලිකොප්ටරයක් එවන එකක් නැහැ. මොකද ඔබ ගාව තිබුනේ රජයෙන් දුන්න පිස්තෝලනේ. කුඩු ටිකක්වත් තිබුනනම්, මහා බැංකුව බිඳින්න උදව් කරා නම් ඔබව බේරා ගන්න ගොඩාක් අය ඉදීවි රන්ජන්.
තවත් බයිස්කෝප් එකක්ද? වීදී නාටකයක්ද ? ගොන් වීරයන් ප්‍රතිනිර්මාණයක්ද අනේ මන්දා ?? මෙයත් අර අනිත් නිවට ගොන් බුරුවන් වගේ අත්දෙක උස්සගෙනම යයිද ඇතුලට ?
දැනටමත් දඩයම පටන් අරන්......
විභාගෙත් අසමත් වෙලා දුකෙන් ඉන්න රංජාට මේ මොකද උනේ?
අනේ මේ බංකලොත් ආණ්ඩුව ජනතාවට විනෝදය සපයනවා. බදු මිල අහස උසට, රජයේ වටින ඉඩම් පිටරැටියන්ට විකිණීම එම්.සී.සී වහන්න සපයන විනෝදේ. ඇවිල්ලා සති හයයි. නොහැකියාව දැනටමත් පෙන්වලා.
මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. මේක පිටිපස්සේ එජාපයේ ප්‍රබලයෙක් ඉන්නවා කියල මට හිතෙන්නේ. රන්ජන් කියන්නේ කෙලින් කතා කරන කිසිම කෙනෙක් එක්ක දේශපාලන ඩීල් දාන මිනිහෙක් නෙමෙයි. වැරැද්ද දැක්ක තැන කතාකරන කෙලින් මිනිහෙක්. මට හිතෙන්නේ ඡන්දෙට ඉස්සරවෙලා ගෝඨගේ ප්‍රතිරූපය විනාස කරන කුමන්ත්‍රණය ප්‍රතිඵලයක් මේක.
ඔය විකාර සංදර්ශන වලින් ජනතාවට වැඩක් නෑ. ආණ්ඩු දෙකම ජීවත් වෙන්න හදන්නේ මේවයින් ද? ඉක්මනට හාල් මිලයි එළවළු මිලයි අඩු කරන්න. ඒවා වහන්න විකාර නටන්නේ නැතුව.
අනේ මේක අලුත් චිත්‍රපටියක්ද ?නැත්නම් කිඹුල්ලු නාට්‍යෙය් අලුත් කොටසක්ද ? අනේ මොකක් උනත් කමල් නෑ. විහිළු කැලි එහෙම දාල ලස්සනට කරන්න. නැත්නම් අනේ අපිට එපාවෙනවා. කිසි ගතියක් නෑ.
අන්තිමට කොහොමහරි හොදට ඇග තියන එකක් හොයාගත්ත නේද අලියට පාගන්න දාන්න.
නළුවා මාර සතුටින්. නොමිලේ ප්‍රසිද්ධියක්.
හොරකම් කළ සල්ලි වලින් දෙමාපිය කෞතුකාගාර හදපු අය රජවෙනකොට සත්‍ය කතා කළ අය ඇතුලට යන එක රටේ දේශපාලනය තමා. ඇතුලට ගන්න ඕන උන් එළියේ. එළියේ ඉන්න ඕන උන් ඇතුලේ.
ඊළඟට බිලී බාන්නේ ෆොන්සේකා මහත්මයාද ?
"රජය අපහසුතාවයට පත්වන ප්‍රකාශ"? එහෙනම් සමස්ත විරුද්ධ පක්ෂයම අත් අඩංගුවට ගන්න එපාය. ඒ ගොල්ලනේ රජය අපහසුතාවයට වැඩිපුරම පත්කරන උදවිය. රටෙන් බාගයක්ම එවැනි ප්‍රකාශ කරනවා නේද? දැන් නම් පේනවා මේ ආණ්ඩුවටත් තියෙන්නේ නීතිය ඉටු කිරීමේ උවමනාවක් නොව පළි ගැනීමේ උවමනාවක් පමණක් බව.
එක වඳුරෙක් අහුවෙනකොට අනිත් වඳුරොත් එතෙන්ට රේස් වෙනවා. අංශු බන්සු වගේ වඳුරොත් නිතරම කැරකෙනවා මැස්සෝ වගේ.
මෙය විය යුතු දෙයක්. මොහු අධිකරණයට අපහාස කළ, බොරු ප්‍රචාර කළ කෙනෙක්. මොහු ආයුධ ලග තියාගන්නේ නිකන් නෙමෙයිනේ. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා ආණ්ඩුව ඇතුලෙත් අත්අඩංගුවට ගන්න ඕනේ අය. එයාලවත් ගන්න ඕනේ .
මේ වගේ බොළද වැඩ වලට කවුද දන්නේ නෑ උපදෙස් දෙන්නේ .......
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් !!!
අපිත් චීනය වගේ වේගෙන එන බව නම් පැහැදිලියි.
රට සීඝ්‍රයෙන් සංවර්ධනය කරා....
මහ බැංකුව හොර කාපු නඩය එළියේ. මොනම හොරකමකටවත් සම්බන්ධ නැති රන්ජන් ඇතුලේ. රන්ජන් රටේ සල්ලි හොරා කාපු එකෙක් නොවේ. මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කොට කීවේ සාක්ෂි තිබියදීත් සාෆි, රිෂාඩ්, හිස්බුල්ලා කලින් ආණ්ඩුව අත් අඩංගුවට ගත්තේ නැහැ කියලා. දේශප්‍රේමී චුන් කරල ඡන්ද ගන්න ඒක කීවේ. සාෆි, රිෂාඩ්, හිස්බුල්ලා අත් අඩංගුවට ගන්න කියලා කෑ ගහපු රාවණා බලය සහ අනෙක් සංවිධාන වල හාමුදුරුවුරු දැන් කොහෙද ඉන්නේ? දැන් මේ ආණ්ඩුව ඇවිත් මාස එක හමාරක් වෙනවා. තවම උන් ඔක්කොම එළියේ.
මේ පිස්තෝලය මන්ත්‍රීවරුන්ට රජයෙන් නිකුත් කරන ගිනි අවිය බවත්, එහි බලපත්‍රය 2016 වසරෙන් පසුව අලුත් කර නොමැති බැවින් දැන් එය බලපත්‍ර නොමැති ගිනි අවියක් බවත් මම කියෙව්වා. එහෙම නම් මේකත් රාජිත, පාඨලී වර්ගයේ තවත් නාඩගමක් ලෙසත් මේ මගින් රජය අප්‍රසාදයට පත්කිරීමේ අරමුණකින් කළ දෙයක්ද කියා හිතෙනවා.
අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ රංජා නිල් චිත්‍රපටි බලපු එකද? පාස්කු ප්‍රහාරය, එම්.සී.සී ගිවිසුම, වැඩිවෙන බඩු මිල නෙවේද ප්‍රශ්න ?
මට හිතෙන විදියට මේකත් ස්වීස් එම්බසියේ කොටසක් වගේ.මොකද රන්ජන් වැඩකාරයා ඔවැනි දේවල් වලට.
ඔහුගේ ප්‍රචාරක නාට්‍යවල කොටසක් ලෙස මෙය ඔහු විසින්ම සැලසුම් කර ඇති බව පැහැදිලිය. දැන් ඔහු නැවතත් ඔහුගේ ජනප්‍රියතාවය වැඩි කළේය. ඔහුව සිරගෙට යැවීමට හෝ රිමාන්ඩ් කිරීමට තරම් චෝදනා නොමැත. ඔහුගේ මැරයින්ගෙන් එක් අයෙක් පොලිසියට කතා කර පිස්තෝලය ගලවා දැමුවා විය හැකිය. එය නීති විරෝධී දෙයක් නොව බලපත්‍ර රහිත දෙයකි.
එක විකටයෙක් ගියා තව එකෙක් ආවා කියලා මිනිස්සු කියන්න පටන් ගන්න එක වැඩි ඈතක නෙමේ මේ කරන විහිලු වැඩ එක්ක. අත්අඩංගුවට ගන්න චේතනාවෙන්ම පරීක්ෂා කරා කියන එක පැහැදිලියිනේ. හොයපු ලිපි සිඩී එක හොයා ගන්න බැරි නිසා මොකක් හෝ හේතුවක් හොයාගෙන අත්අඩංගුවට ගත්තා කියන එක පේනවා. මේ දක්වා පෙන්වූ ආණ්ඩුවේ විකට නාට්‍ය තුනෙන් ආණ්ඩුව ලකුණු කපාගෙන ඇත.
තමන්ව විවේචනය කරන අයගේ කටවල් හොඳින් හෝ නරකින් වසා දැමීමේ "ගෝටාස් තියරිය" නැවත ක්‍රියාත්මක වෙමින් පවතී. සමහර මාධ්‍යවේදීන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වුනෙත් ගුටි කන්න සිදු උනෙත් මේ තියරියටම තමයි. ජඩ ඩීල් දේශපාලුවන්ගේ පිහිටෙන් තම හොරකම් වසාගත් රාජපක්ෂ නඩය දැන් තම විරුද්ධවාදීන්ගෙන් පලිගනිමින් සිටියි. හැට නම ලක්ෂයක් බයියන්ට මෙය නොතේරීම කරුමයකි.
අපි ඡන්දය දීපු රජයක් හැටියට ලැජ්ජයි. මේ වගේ දෙකයි පනහේ වැඩ කරනකොට රජය තවත් නින්දිත තත්වයට පත්වෙනවා. ජනතාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා විසඳන්න. ඒ සේරම අමතක කරලා මේ වගේ ණයට රගපාන එක කළයුතු නැහැ. බුද්ධිමත් ජනතාව දන්නවා මේ නාඩගම් මොනවද කියලා. පහුගිය රජයත් මේවා කරා. ඒ පාරේ යන්න ඕනේ නෑ මේ රජය. නින්දිතයි.
දැන් තියෙන දෙයක් විකුණගෙන ගහන කොමිසමක් ගහනිල්ලා. එච්චර දුවන පාටක් පේන්නේ නෑ. පළිගැනීම් හැර වෙන කිසිම දෙයක් කරන්න බැරි ආණ්ඩුවක් බවයි පේන්නේ.
මොනවා කිව්වත් අනිත් අය කතා නොකරන ඇත්ත නොබියව කතා කළේ මොහුයි. මොහුව හිරේ යවන්න පක්ෂ, විපක්ෂ බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුනා. නීතිය, සාදාරණය , යහපත් ලංකාව ගැන කතා කරන හැමෝම මොහු වෙනුවෙන් කතා කළ යුතුයි.
එකම නාඩගම..මේ රට කවදාවත්ම හැදෙන්නේ නෑ මේ දේශපාලන පක්ෂ 2 තියෙනකල්.
ආණ්ඩුව මාරුවීමක් සිදුවූ බව පිළිගත නොහැකිය පෙරදා පාලකයන් සේම මොවුන් ද රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කරමින් තිබේ . සහල් ,එළවළු මිල අහස උසට ඉහළ ගොස් ජනතාව දුක් විදිමින් සිටියදී දේශපාලන නරි නාටක පෙන්වමින් රට විනාශ කළ පක්ෂ දෙකෙහිම හොරුන් දුෂකයන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ගජමිතුරු දේශපාලනය සිදු කරමින් සිටී. මහත්වරුනි, අමතක ද අප්‍රේල් අග අප නැවත ..හමුවන බව ?
අපිට විශ්වාස කරන්න බැහැ මහ බැංකු හොරුන්ව අත්අඩංගුවට ගනීවි කියලා. මොකද ඔතන රනිල්, රවී ඉන්නවා මේ හොරකමේ. රනිල් රාජපක්ෂලාට කළ සහයෝගවලට සහ රවී පහුගිය ජනාධිපතිවරණයේදී කළ සහයෝගවලට මේ ආණ්ඩුව උපකාර කරන්න එපායි. මහින්දානද, කෙහෙළිය කොච්චර කැගහුවත් වැඩක් නැහැ.
ගෝඨගේ වගේම කමල් ගුණරත්නගේ මානසිකත්වය ගැනත් අපි හොඳට දන්නවා.
ඔහොම යන්. ඔහොම යන් වැඩි කල් යන්නේ නෑ ......
උගුර කැඩෙනකල් ඡන්දෙදි කිව්වේ මහ බැංකු හොරුන් පැය 24 න් අල්ලනවා කියලා. අද ඒවා මතක නෑ. රථවාහන නඩු අල්ලන්නේ නෑ. දේශපාලන දඩයම වේගවත් වෙලා. මේවා එජාලයට හොඳ පාඩම්. හොරුන් රැක්කේ රනිල් වික්‍රමසිංහ. අද ඒ පල් හොරු දේශපාලන දඩයම පටන් අරන්. මේ වෙද්දිම මධ්‍යස්ථ ඡන්ද ආණ්ඩුව නැතිකරන්න පටන් අරගෙන
කාගෙද දන්නේ නෑ මේ පිටපත.
ඇත්ත කියන්නයි .. බිම ඉඳගන්නයි බය නැති මනුස්සයෙක්.
2020 මහමැතිවරණයෙන් අනිවාර්යයෙන්ම තේරී පත්වන රන්ජන් රාමනායක ගරු මන්ත්‍රීතුමාට කල්තියාම සුබ පැතුම්..!
අපේ පන්නේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන මේවගේ පාරාදීසයක් ලෝකේ තවත් තිබේද?
කණගාටුයි, රන්ජන්ට එහෙම නොවිය යුතුයි. තිත්ත ඇත්ත කතා කරන්න හයිය හැමෝටම නැහැ...
මොනවා කළත් පුරුද්ද අතාරින්න බැහැ...
ලොකුම හොරාව අල්ලලා මෙන්න. අනික් ඒවා පොඩි පොඩි හොරකම්නේ.
මොවුන් විජාතික බලවේගවල අත කොළු. මොවුන් පස්සේ ඉන්නේ මුලධර්මවාදී කිතුනු නඩ
මොලේ කලදක් නැති මෙවන් මින්ස්සු පාර්ලිමේන්තුවේ ඉන්න එකත් ජාතියට ලැජ්ජාවක්. කරපු හරියක් කරේ ගොන් තකතීරු වැඩ.....