(රොමේෂ් මධුෂංඛ)
සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය.
මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමති නිලධාරියාගේ බිරිඳ අද(23) උදෑසන පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ ස්ථානයට පැමිණි අතර එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා එසේ හැඟීම්බර විය.
ඉලංචේලියන් මහතා ඊට පෙර සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීයාද හමු වීමට ගිය අතර එහිදී ද එම පොලිස් නිලධාරියා වැළඳගනිමින් හඩා වැළපුණේ ය.
මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම නිසා එම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.