(අජන්ත කුමාර අගලකඩ)
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත‍්‍රීයේදී තීරණය කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත‍්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දෙන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ලබන 05 වැනිදා රාත‍්‍රී 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ ගැටළුවක් නොමැති නමුත් පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන්නේ නම් සහය දීම ගැටළුවක් බව මධ්‍යම කාරක සභිකයින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර ඇත.
මේ අතර පොදුජන පෙරමුණ සමඟ එක්වන්නේ නම් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
එම කෙටුම්පත හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
මධ්‍යම කාරක සභා රැස්වීම පැය 3 1/2 ක පමණ කාලයක් පැවැති බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි යටි අරමුණ නම් ගොඨාභය මහතාට විරුද්ධව දැමූ නඩුවෙ විසදුම එනතුරු ඔවුන් කල් මරණ අතර යු.එන්.පිි. එක සමගද රහස් සාකච්ඡා කරනු අැති බවයි.කෙසෙ වෙතත් අාප්ප කා පළමු වතාවට රැවැට්ටූ අය මහා මැතිවරණයේදි දෙවනුවත් පසුගිය ඔක්තෝබර් 26 තෙවනුවත් රැවටු අය සාර්ථක 04 වෙනි වතාවටත් රවටන්නෙ නැතැයි කියන්නෙ කෙසෙද..? ජනාධිපති වරයාගෙ සිහිනය සජිත් ජනාධිපති කර අගමැති ධූරය ඔහුට ලබා ගැනීමයි. ලකුණෙ එල්ලිලා ඉන්නෙ එ්කයි කෙසේ වෙතත් මෙම කල් මැරීමෙ හානිය ශුුි.ල.නි.ප. මන්ත්‍රීන්ට දැක ගත හැක්කෙ මහා මැතිවරණයේදි තමන්ගෙ නමට ඉදිරියෙන් අැති මනාප දකින විටය. පෙහෙට්ටුවට ඡන්දය දෙන පාක්ෂිකයන් තුල දැන් මොවුන් කෙරෙහි බලවත් අපුුසාදයක් හටගෙන අැති බව තෙරුම් ගත යුතුය.
මේක මළ විකාර යෝජනාවක්නෙ, එමඟින් කිසිවෙකුට ලැබෙන සෙතක් නැත. පොහොට්ටුව සලකුණ වෙනස් කිරීමෙන් අහිමි වන ඡන්ද ප්‍රමාණය ශ්‍රි.ල.නි.ප. හවුල් වීමෙන් එකතු වන ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි විය හැකියි. අනෙක් කාරණය දැනට වඩාත් ජනතා ආකර්ශනයක් සහිත පොහොට්ටුව වෙනස් කිරීමට කරන යොජනාව තවත් යහපාලන කුමන්ත්‍රණයක් විය හැකිය. මේ නිසා අවසන් මොහොතේ සලකුණ වෙනස් නොකිරීම වඩාත් කාලෝචිත බව පෙනී යයි.
සජිත්ට ශ්‍රී .ලං.නි.පක්ෂයේ සහය ගන්න බැහැ අගමැති පුටුවේ රනිල් ඉන්නකම් .සහයෝගය අවශ්‍ය නම් එක කොන්දේසියයි...රනිල් අගමැති කමින් ඉවත් කරන කොන්දේසිය ලිඛිතව දෙන්න වෙයි.
ඇයි පොහොට්ටුවට බැරි අපේ ජනාධිපතිතුමාව දාන්න. රාජපක්ෂ කෙනෙක් උන පලියට ඇමරිකානුවෙක් නොදා අපේ දෙශීය නායකයෙක් දාන්නකෝ. එතුමාට ඔය සියලු දෙනාට වඩා සුදුසුකම් තියෙනවා.
ඔය දෙගොල්ලෝ කවදාවත් එකට පෑහෙන්නේ නැ.
තව ටිකක් ඔහොම ඇද ඇද ඉන්නකොට පොහොට්ටුව එක්කලත් අවබෝධතාවෙට කැමතිවෙයි. එතකොට පොහොට්ටුවෙන්ම ඡන්දෙ ඉල්ලලා අර පැත්තෙන් කට්ටියක් ඉල්ලගන්න පුළුවනිනේ මදි උනොත්.
රටේ ප්‍රශ්න විසඳීමට නොව තම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කෙතරම්බලලෝභී ලෙස ක්‍රියා කරනවාද යන්න මේ පක්ෂ දෙකෙ වර්තමාන හැසිරීම තුළ මොනවට මේ රටේ ජනතාව පසක් විය යුතුය. මෙවැනි නින්දිත දේශපාලනයක් මේ ලොවේ කොතනකවත් නැත
පොහොට්ටුව කියන්නේ පුද්ගලික වාසි තකා අත කාපු කට්ටිය
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ
කේන්දර බලනවා ඇති... මෙවරත් පරදී වගේ...
පක්ෂයක ශක්තිය තියෙන්නේ ඒ වටා එක්වුණ ජනතාවගෙන්... හවුල් ආණ්ඩුවෙන් ඒජාප, ශ්‍රීලනිප පක්ෂ දෙක ගැනම තියන විශ්වාසේ ජනතාවට නැති වුණා. සජිත් අලියා අතඇරලා හංසයාගෙන් එන්නේ මේ බව දන්නා නිසා... පොහොට්ටුව වුණත් විශ්වාසේ තියෙන්න ඕනෑ. ජනතා ඡන්ද ගැන මිසක් ජනතා විශ්වාසය අහිමි වුණු පක්ෂ ගැන නෙමේ. ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ, දේශපාලකයින්ට වාසිවෙන විදියට නෙමේ, මේ රටේ මිනිසුන්ට වාසිවෙන විදියට රටට වැඩදායි වෙන්න ඉදිරිපත් කරලා ඒ අනුව වැඩ කරගෙන ගියානම් පොහොට්ටුව දිනන්නේ අති බහුතරෙන්, වෙලා තියෙන්නේ රටේ මිනිසුන්ට වඩා මෙයාලට තවමත් විශ්වාස යන එනමන් නැති වෙච්ච පක්ෂයි බොරු කියලා නක්ෂත්‍ර කාරයන් වියත් මගේ කොච්චර උගතුන් කතා කරත් ගෝඨාභය කොච්චර කොන්ද පණ තියන කෙලින් නායකයෙක් වුනත් පාර්ලිමේන්තුවට එන්නේ පරණ 225ම නම් එතැනින් එහාට කතා කරලා වැඩක් නෑ.
අතිතය අමතක කරන්න එපා. මෙතන ඇත්තේ එක්වී රැකෙමුද. නැත්නම් වෙන්වී වැනසෙමුද යන න්‍යායි. 2015 ගිය වැරදි මග නිසා ශ්‍රිලනි පක්ෂය විනාශ මුඛයට ගියා. පක්ෂය අත්හැර රටේ පුරවැසිකමවත් නොදැරූ කෙනෙකු නායකත්වය දරු පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුවත් ඔහුට පක්ෂයේ නායකත්වය දුන්නේ පක්ෂය රැක ගැනීමේ අරමුණින් මිස පක්ෂය විනාශ කිරීමේ අරමුණින් නොවේ. පසුව යුඑන්පියට වාසි වෙන විදිහට වැඩ කලේ කවුද යන්න අමතක කරන්න එපා? එදා ඔබලා ශ්‍රීලංනි පක්ෂයේ ප්‍රතිපත්ති වලට සම්පුර්ණයෙන්ම පටහැනිව කටයුතු කර රට බේරා ගත් පුද්ගලායට එරෙහිව කටයුතු කලේ ජනතාවට යහපතක් කිරීමේ අරමුනෙන්ද? තව දුරටත් ශ්‍රිලනි පක්ෂය විනාශ නොකර හිටියොත් රට විනාස වීමෙන්වලක්වා ගතහැකියි පක්ෂයක ලකුණ යන්න අදුන ගැනීමට දෙයක් මිස එය කරතබා ගෙන යායුතු දෙයක් නොවෙයි. ඔබ අතර සිටින වෘකයින් ගැන අවධානයෙන් සිටියොත් ඔබත් ගොඩ රටත් ගොඩ. මේ අවස්ථාව මගහැරියොත් ඔබත් විනාශ මුඛයේ රටත් විනාශ මුඛයේ බව අමතක නොකළ යුතුයි. මේ අවස්ථාවේ රට හා ජනතාව ගැන සිතා අනුවණකම් නොකර සිටියොත් පසුව ඔබලාට අවස්ථාවක් ඒවි. එහෙම නුනොත් ජනතාව නිසි තීන්දුවක් දෙනු නොඅනුමානයි!
අපි කිව්ව විදියටම ගෝඨා කැපෙන හැඩයි.. පුරවැසිකම, හැඳුනුම්පත, ගමන්බලපත මේ සියලුම දේවල් සිද්ධ වී තිබෙන්නේ වංචනික ලෙසයි. ඒ බව ඉදිරියේදී තහවුරු වෙයි. අන්න ගෝඨාගේ ජනපති සිහිනය හබක් වෙයි කියා... ඔහුට අනතුරු අඟවලා.. ඒ නිසා දිනේෂ්ට ලැහැස්ති වී ඉන්න කියා.. මහා සාටක පවුලේ වෙනත් කෙනෙකුට ඉල්ලන්න නොදී දිනේෂ්ට ඉල්ලන්න කියන්නේ නාමල් කුමාරයාට මතුවට රජවෙන්න පාර කපලා දෙන්න ඕනෑ නිසයි. සාටක බයයි පවුලේ වෙන කෙනෙකුට ඕක ගියොත් රජ වෙන්නේ ඔවුන් හා ඔවුන්ගේ දරුවන් කියා... කෙසේවෙතත් දියයටින් ගින්දර ගෙන යන බැසිල් තම ඇමරිකානු පුරවැසිකම කාටත් හොරා අහෝසි කරගෙන කියලා මෙහෙ රාවයක් යනවා. මගේ පුද්ගලික විශ්වාසය නම් ගෝඨාගේ සියලු නීතිවිරෝධී විස්තර අවශ්‍ය පාර්ශවවලට ලබාදෙන්නේ බැසිල් කියලයි. කොහොමද සාටක මණ්ඩලේ තිබෙන බල අරගලය. රට වැසියෙනි සැදී පැහැදී ඉන්න ඉදිරියේදී හොඳ හොඳ සාටක සෙල්ලම් නරඹන්න.