( නිමන්ති රණසිංහ)
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.



(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද නීතිය නමලා හැරෙන තැපෑලෙන් ඇප ගන්න විදිය?
මෙයාව පත් කරේ අපේ අනුර කුමාර මහත්තයලත් අනුමත කරලා නොවේද?
ඇප ක්ෂණිකයි.
රට කාපු කාලකණ්නි.
ටයි කෝට් කාරයන්ට ඇප ඇත. දුප්පත් අහිංසකයන්ට ඇප නැත. එකම රටේ නීති දෙකක්.මේක තමා ලෝකේ අංක එකට නීතිය දූෂිතම රට
ක්‍රිකට් වලදී, එක පිලකට අවාසි වෙන විදියට ලැබෙන වැරදි විනිසුරු තීන්දුවක් අනිත් පිලටත් අවාසි වෙන විදියට වැරදි තීන්දුවක් දීමෙන් සමනය වෙන්නේ නැහැ. එය ගණන් ගත යුත්තේ වැරදි තීන්දු දෙකක් හැටියටයි. ඒ වගේම මේ සිද්ධියේදීත් සිද්ධිය සිදු වූ කාලයේ ඒක විභාග නොකර යට ගැසීම වරදක්. ඒ වගේම දේශපාලන හෝ වෙනත් උවමනාවන් මත පැරණි සිද්ධි නැවත එලියට ඇදලා පළි ගන්න උත්සාහ කිරීමත් වරදක්. මොන විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළත් ඇත්ත ඒකයි.
මෙයාට කල පව් පළදෙනවා. මෙයා ගොඩක් වැරදි වැඩ වලට සම්බන්ධයි. මොනවා උනත් මේ කරපු වැඩේටනම් උසාවියට ගෙනියන්න. මේක පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක් කියල හොඳටම පැහැදිලියි.
මෙයාව දැන් බොහෝ දෙනෙකුට නරක උනාට, මෙයා සිටි කාලයේ මත්කුඩු තොග වශයෙන් අල්වන කොට මෙයා හොඳයි.
අන්තිම මාස ටික ඔක්කොම නඩු විසදන්න වගේ කල්පනාව.
උදේ අත්අඩංගුවට ගත්තා.ඊට පස්සේ ඇප දෙනවා.මම නම් කොහොමත් තව ටික වෙලාවකින් ඇප දීලා කියන ප්‍රවෘත්තිය බලාපොරොත්තුවෙන් හිටියා. ලංකාවේ හැටි එහෙමනේ. කිසිම පොලිස්පති කෙනෙක් රට විනාස කරලා මෙහෙම චාටර් වෙලා නැතුව ඇති. තමන්ගේ රාජකාරිය හරියට කළානම් ඕවා ඔහොම වෙන්නේ නැහැ.වැඩක් නැහැ කතා කරලා මේගොල්ලෝ ගැන.
දැන් තේරනවද එදා කළේ රඟපෑමක් කියලා.
තනතුරේ උසස් වුණාම ඉක්මනට ගෙදර යන්න පුළුවන්, මේවා විහිළු නේද? පොඩි මිනිහෙක් නම් අවුරුදු ගාණක් අැතුලේ, අනේ මන්දා මේ නාට්ටි කවදාක ඉවරයක් වේවිද කියලා...
බැන වැදුනා ම සුළු පැමිණිලි අංශයෙන් ඇප දෙනවා. එක මුළු රටම දන්නවා මේ අනිවාරයෙන් නිවාඩු යැවු පොලිස් පති තුමා එකම රටක එකම නීතියක් නම් ඇයි මේ යහපාලානේ මෙහෙම .
මොවා පලි ගැනීම් ගනයේ වැඩ කියා රටවැසියෝ කියති.
මේකද අපි ඉල්ලපු යහ පාලනේ
මෙයාගේ සුළු අඩුපාඩු කම් තිබුනා නමුත් මෙහෙම පලිගැනීම් මහජනයා අනුමත නොකරයි
ඉදිරි ජනාදිපති වරණයට මේ සිදුවීම් සිරිසේන රාජපක්ෂ ලා කෙරේ බෞද්ධයෝ අවදියෙන්
රනිල් මහත්තයෝ ඔබතුමා නිදිද ?
මේවද යහපාලානේ වැඩ එතකොට.
අරයා හිටපු හමුධාපති තුමාට කරපු දේ මෙයා පොලිස්පතිට කළා කාට කාටත් පරිසන් දෙයි ටිකක් කල් යයි .....