අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සභාපති සහ ලේකම්වරයා විසින් අද(17) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාරදෙන ලදී.
එම සංගමයේ සභාපති කිත්සිරි ගමගේ සහ ලේකම් එස්. ඒ. ඩී. ජගත් කුමාර යන මහත්වරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
මැතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු ලෙස අල්ලස් ලෙස සහනාධාර ලබාදීම, සමෘද්ධි ව්‍යාපාරය අරමුදල් අවභාවිතා කරමින් ප්‍රචාරණ කටයුතු සහ රැකියා ලබාදීම යන කරුණු මුල කරගනිමින් ඔවුහු පැමිණිල්ල ඉදිරිපත් කළහ.
(ඡායාරූප : වීඩියෝ - ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සජිත්ගේ ගෙවල් දීම?
තවම දිනය කියලා නැහැනේ... ඉතින් මොනවට කලබල වෙනවද? ගහනවැයි කියලා මෙහෙමත්?
අහිංසක සමෘද්ධිලාභීන්ගේ මුදල් වංචා කරන සමෘධි නිලධාරීන් ගැනත් සොයන්න. සමෘධි දීමනාව නියමිත මාසයට, දිනයට නොගෙවන සමෘධි බැංකු ගැනත්, තමන් ඉල්ලන මුදල වවුචරයේ සටහන් කිරීමට ඉඩ නොදෙන එම මුදල් ගන්න ඔවුන් විසින් සටහන් කර මුදල් ඔවුන්ගේ අභිමතය පරිදි ගෙවන සමෘධි බැංකු ගැනත් කෝප් කමිටුවෙන්ම සොයන්න...