IMG-LOGO

ත්‍රස්තවාදය මඩින්න සහය දෙන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි

(නිමන්ති රණසිංහ)

ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවත් ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (27) ප‍්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමට ශ්‍රී ලංකා පොලිසිය සහ මෙරට රජය ලබාදුන් සහාය අගය කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා අද පැවැති මාධ්‍ය හමුවේදී එලෙස ප‍්‍රකාශ කළේය.

කොළඹ හිල්ටන් හෝටලයේ ඔනෙක්ස් ශාලාවේ පැවැති මාධ්‍ය හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවේ පොලිස් අධිකාරී රන්ජිත් වෙදසිංහ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (2)

ත්‍රස්තවාදය මඩින්න සහය දෙන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි

හෙළ හඬ Tuesday, 27 August 2019 08:29 PM

සහයනම් නැතත් කමක් නෑ මහත්වරුණේ අ⁣පි වැඩේ ඉවර කරලා දැම්මම , මානව හිමිකම් කිය කියා අපට ගහන්නෙ නැතිව හිටියනම් ඇති

:       1       110

chandima Tuesday, 27 August 2019 09:30 PM

පව්, මේ ජාත්‍යන්තර කට්ටිය ගෙන්නගන්න එක අර නායක තුමාගේ අසාවනේ? එකනේ තවම ත්‍රස්තයෝ ඉන්නවා කියල පසුගිය දවස්වල කිව්වේ මේ ජාත්‍යන්තර කට්ටිය ගෙන්න ගන්න. මොන තරම් නම් ඔය ජාත්‍යන්තර කට්ටියට එක්කල ගැවසෙන්න ආසාවේ දඟලනවද? මහේ හිතේ පුංචි කාලේ ගියේ හික්කඩුව පැත්තේ ඉස්කෝලෙකට වෙන්න ඇති.

:       1       231

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 285 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 148 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1793 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site