IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘කතානායකවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ලක්ෂ්මන් යාපා කියයි‘

 (නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂය සංධානය පිහිටවූ වහාම ජනාධිපතිධූරාපේක්‍ෂකත්වය ලබාගැනීම සදහා කරූ ජයසූරිය මහතා කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) පැවැසීය.
 
ඒ සමඟම එක්සත් ජාතික පක්‍ෂය පාර්ශව තුනකට කැඩී යාම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු කීය.
 
මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් නම් කර අවසන් බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා එහෙත් රටේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයට මේ වනතුරුත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු නම්කර ගැනීමට නොහැකිව තිබෙන බවද කීය.
නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ගිවිසුම් අත්සන් කළ වහාම කරූ ජයසූරිය මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අශීර්වාදය ඇතිව ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වන බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා ඒ අනුව කරූ ජයසූරිය මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂනායකත්වය ආරක්‍ෂාකර දෙන බවද පැවැසීය.

අගමැතිවරයා සමග දාම් ඇදීමට හෝ චෙස් ක්‍රීඩාවේ නිරතවීමට කිසිවෙක්ට නොහැකි බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා ජනතාවගේ බලය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වුවත් පක්‍ෂයේ බලය ලබාගැනීමට ඕනෑම මොහොතක හැකියාව තිබෙන බවද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
 



අදහස් (12)

‘කතානායකවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ලක්ෂ්මන් යාපා කියයි‘

saliya Wednesday, 21 August 2019 10:14 AM

සුබ ආරංචියක් ගෙනාවාට බොහොම ස්තූතියි. අර දෙන්නාටම අපි මාරබයයි.

:       160       238

sirisena Wednesday, 21 August 2019 10:21 AM

රනිල් ට විරුද්ධව යටි ගේම් ගහන්න එන අයට ඉතිහාසයේ වුනේ හොම්බ බිම ඇනගන්න. මෙවරත් වන්නේ එ් ටිකමයි. රටට ගැලපෙන නායකයෙක් ඉදිරිපත් කිරීමට කරන සටන ප්‍රශංසනීයයි.

:       466       176

Raveendra Wednesday, 21 August 2019 10:25 AM

මේ ගොයියත් සෑහෙන කාලෙකට දැක්කෙත් නැහැ. අපි අදමයි දැක්කේ... එ්ත් ඉතින් දැක්ක දවසෙම කොහෙවත් යන හිඟන්නෙක්ගේ රෙදි හෝදන්න පටන් අරගෙන.. මිනිස්සු හැමෝම දන්නවා රෙදිහෝදන්න හරි දක්ෂයා කියලා... හෝදනවකෝ තමන්ගේ පැත්තේ ඉන්න වසුරු නාගත්ත කට්ටියක්... අන්න කරනවා නම් වැඩ... යන්න.. ගිහින් කිව්ව වැඩටික කරලා එන්න. අපි දෙන්නම් ඡන්දෙ...

:       36       127

එම්.මාකඳුරThursday, 22 August 2019 12:58 AM

ඉහළ නැග්ග ඉණිමගට පයින් ගසා බිම දැමූ මෙයා ගැන රවීන්ද්‍ර කියන දේ හරිතමයි..

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 21 August 2019 10:59 AM

ලක්ෂ්මන් යාපා දැනටම පේන කියන්න පටන් අරගෙන වගෙයි. ගාල්ලේ සුමනදාස ගුරා ඔහොම පේන කියලා තමයි මහින්ද රාජපක්ෂට පස්ස බිම ඇණගෙන හොම්බෙන් යන්න පිහිට වුනේ...! එජා පක්ෂය ඇතුළු සංධානය ගන්න තීන්දු තීරණ ගැන ඔහේලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරපුදා එය වර්ජනය කරපු තුන්මුල්ලේ විමලේ, වාසු වගේ අය ගැන ටිකක් ඇහැ ගහගෙන හිටියොත් නරකද?

:       105       30

sharm warn Wednesday, 21 August 2019 01:07 PM

ඔන්න ගැහුවේ දෙවෙනි සීනුව... පළවෙනි එක ඊයේ අර්ජුන... අපි කිව්වනේ සජිත් නිකන් අපරාදේ කාලයයි කැලරියි නාස්ති කර ගන්නවා කියලා..

:       0       30

Lion Wednesday, 21 August 2019 01:54 PM

හොඳ තීරණයක්...

:       0       1

rohana Wednesday, 21 August 2019 03:23 PM

මෙයාට අමු කැවිලද කොහෙද?

:       0       100

isuru Wednesday, 21 August 2019 07:48 PM

කතානායක නොවේ... විරුද්ධ පක්ෂයේ නායක තමයි ඉල්ලා අස්වෙන්න ඕනේ...

:       0       0

Chanak los angeles Wednesday, 21 August 2019 09:24 PM

මම කීවනේ මේ අනාවැකිය මුලින්ම... ඔන්න එහෙනම් දෙවෙනි එක රටේ ජනපති කරු ජයසූරිය...

:       0       0

එල්පීFriday, 23 August 2019 04:49 AM

කොයි රටේද?

:       0       0

Bandara Thursday, 22 August 2019 10:26 AM

අස්වෙන එක හොදයි පිනක් දහමක් කරගෙන විවේක සුවයෙන් කාලේ ගෙවන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 701 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17873 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site