( පාලිත ආරියවංශ )
නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීමෙන් වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය .
ඇල්ල නගරයේ සිට කි.මී. 3ක් පමණ දුරින් පිහිටි කි .මී 24 සහ 25 කණු අතර ප්‍රදේශයේ මෙම නායයාම ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් පසුගිය 25 වැනිදා මාර්ගය තාවකාලිකව වසා දැම්මේය.
මාර්ගය ඉහළින් ඇති මහා පර්වතයේ සිට අඩි දහසක් පමණ ක් පමණ පහළට ගල් පෙරලීම සිදුව තිබේ.
පර්වතයේ ඉහළ කොටසේ පිපිරීම් කීපයක් දක්නට ලැබෙන අතර තවත් ගල් කීපයක් පෙරලීමේ අවධානයක් පවතින බව ආපදා කලමණාකරණ ඒකකය පවසයි .
මේ අනාරක්ෂිත තත්වය නිසා මාර්ගය තව දුරටත් වසා දැමීමට (27) දා පියවර ගෙන තිබේ .
වැල්ලවායේ සිට මාර්ගය වසා දමා ඇති ස්ථානය දක්වා බස්රථ ධාවනය සිදුවෙයි. කුඹල්වෙල හන්දියේ සිට හා නමුණුකුළ මාර්ගයෙන් ඇල්ල නගරයට පිවිසීමට කිසිදුබාධාවක් නොමැත
විකල්ප මාර්ග ලෙස කරදගොල්ල අඹ දණ්ඩේගම මාර්ගය( කුඩාවාහන) ,පස්සර - නමුණුකුල මාර්ගය සහ කොස්ලන්ද බණ්ඩාරවෙල මාර්ගය භාතික කළ හැකි බව අපදා කළමනාකරණ ඒකකය මගීන්ට දැනුම් දී තිබේ.
ඇල්ල පොලිසිය හා යුද හමුදා නිලධාරීහු නාය යන ස්ථානයේ ආකරෂක කටයුතු නියැලී සිටිති .
මාර්ග සංවර්ධන අධිකාරිය ආපදා කළමණාකර ඒකකය යුද හමුදාව හා පොලිසිය මාර්ගය යළි විවෘත කිරීම සදහා ගතහැකි ක්‍රියමාර්ගයන් පිළිබදව සොය බලමින් සිටී .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් තවදුරටත් පරීක්ෂණ සිදුකරයි .
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ආපදාකළමණාකරන බදුල්ල දිස්ත්‍රික් ඒකකය සම්බන්ධිකරණය කටයුතු සිදු කරනු ලබයි.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා
R m thilakarahna bandara Tuesday, 29 October 2019 02:51 AM
බලවත් කණගාටුව
athula Wednesday, 30 October 2019 08:12 AM
තව පරිසරය සහ වනාන්තර විනාශ කරන්න. එතකොට සේරම සම්පුර්ණ වේවි. පාලකයෝ 71 වසරක් කරපු කෙරුම් වල ප්‍රගතිය. මේවා තේරුම් ගන්න ජනතාවක් අපට නැති එකේ ප්‍රති විපාක.