IMG-LOGO

අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති

(ඉන්දිකා රාමනායක)

පාකිස්ථානයේ සිට  අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ  බහා  හොරොයින් කිලෝ  කිලෝ 99 1/2  ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන්   එම  කන්ටේනරය  මෙරටට ගෙන්වු බව කියන සමාගමේ හිමිකරු සමඟ සැකකරුවන් 11 දෙනෙකු     අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

වැල්ලවත්තේ පදිංචි මෙම  සමාගමේ හිමිකරු සමඟ ඔහුගේ පාකිස්ථාන ජාතික බිරිඳ හා දියණිය ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

අත්අඩංගුවට ගත්  සෙසු සැකකරුවන් අතර පාකිස්ථාන ජාතිකයකු, මෙම බහාලුම මුදා ගැනීම සදහා පැමිණ පුද්ගලයන් දෙදෙනා, බහාලුමේ ගමන් ගත් දෙදෙනා  ද බහාලුම ඉදිරිපසින්  පාකිස්ථාන ජාතිකයා සමඟ කුඩා ලොරි රථයෙන්  ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ද වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත,  මීගමුව, යටියන,  මාරවිල,  මිනුවන්ගොඩ, වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මීට දින කිහිපයකට පෙර  මෙම කන්ටේනරය මෙරටට පැමිණ ඇති අතර  එය  රේගුවෙන් මුදාගෙන   වෙන්නප්පුව බලා  රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් විසින් ඊයේ (12) සවස මීගමුව කොච්චිකඬේ ප්‍රදේශයේ දී මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබිණි.

 

මොවුන් මේවා  වෙන්නප්පුව  ප්‍රදේශයේ ගබඩාවක්  බලා රැගෙන ගොස් ඇති බවත්  ඩුබායි රටේ සිටින ජාවාරම්කරුවකු විසින් මෙය  මෙහෙයවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (13) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මංජුල සේනාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති

විපරමා Friday, 13 March 2020 11:14 AM

රේගුවෙන් මුදාහරින්න දැන් ඉන්න ඇමති බලපෑම් කෙරුවද කවුද දන්නේ ? එයා ගැන රටම දන්නවා.

:       3       69

නන්නාදුනන හාදයා Friday, 13 March 2020 12:21 PM

ඔව් ඒකම තමයි වෙන්න ඇත්තේ....................

:       0       24

nimal Saturday, 28 March 2020 11:21 AM

මේ මිනිස්සු මේවා ගෙනත් අපේ මිනිස්සුන් ළඟ තියෙන සල්ලි ඔක්කොම සුරගන රටම විනාස කරනවා. අපේ රටේ අනාගතය සම්පුර්ණයෙන්ම කා දමනවා. මේ රට බේරගන්න තියෙන හොඳම විදිය තමයි ඒ අල්ලගන්න මත්කුඩු අධි මාත්‍රාවකින් ඔවුන්ගේම ඇඟට ඇතුල් කිරීම. එවිට එක්කෝ උන් මැරෙයි නැත්නම් සදාකාලිකවම සිහි විකල් බවට පත්වේවි. එසේ නොකර හිරේ දැම්මම එතන ඉඳන් අපේ සල්ලි වලින් කකා තවත් හොඳට එම ජරා වැඩ බයක් නැතිව කරගෙන යනවා. දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැති නිසා හිරගෙවල් පුරෝගෙන කන්න දෙන්න ඕනේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site