(යොහාන් භාසුර )
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව ඇප තැන්පත් කළ එක අපේක්ෂකයෙක් පමණක් නාමයෝජනා මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.



මෙවර ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයකු ලෙස ස්වාධිනව ඉදිරිපත්වන අනුරුද්ධ පොල්ගම්පොල මහතාද සිය නාමයෝජනා බාරදුන්නේය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස විජයදාස රාජපක්ෂ මහතාද සිය නාම යෝජනාපත්‍රය බාරදුන්නේය.
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් හතළිස්දෙනාගෙන් අපේක්ෂකයන් 31 ක් මේ වන විට නාම යෝජනා භාරදී ඇති බව මැතිවරණ ලේකම් කාර්යාලය පැවසීය.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා බාරදුන්නේය.

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසම වෙත භාර දුන්නේය.

ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද නාම යෝජනා පත්‍රය බාර දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා පත්‍රයේ භාරදුන්නේය.

ජනාධිපතිවරණය සඳහා පළමු නාම යෝජනාව පත්‍රය මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මීට සුළු මොහොතකට පෙර බාර දුන්නේය.
නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අපේක්ෂකයන් රැසක් නාමයෝජනා පත්‍ර භාරදීමට සූදානමින් සිටිති.
නාමයෝජනා භාරගැනීමට සියල්ල සූදානම්
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගැනීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසම පැවසීය.
නාම යෝජනා භාරගැනීම පෙරවරු 9.00 ට ආරම්භ වන අතර අපේක්ෂකයන් රැසක් නාම යෝජනා භාරදීම සඳහා මේ වන විටත් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.
ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ, සරත් ෆොන්සේකා, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, ඒ.එස්. පී. ලියනගේ යන අපේක්ෂකයෝ මේ වන විටත් මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සිටිති.
නාම යෝජනා භාර ගැනීම පෙරවරු 11.00 ට අවසන් වීමට නියමිත අතර එම නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට විනාඩි 30 ක කාලයක් හිමිවේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියත ජනපති සජිත්
සජිත් ප්‍රේමදාස වගේ හොද හදවතක් තියෙන කෙනෙක් ජනපති වුනොත් මේ රටේ දුප්පත් ජනතාව දිනුම්.
කවුද ඒ ආවේ නැති 40 වෙනියා?
2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූ පසුව බොහෝ දෙනෙකුට තේරුනා ජනාධිපති ධූරයට ඕනෑම කෙනෙකුට තරඟ කිරීමටත්, ජය ගැනීමටත් පුළුවන් කියලා. ජනාධිපති ධූරයේ ගාම්භීර බව හෑල්ලු කලේ මෛත්‍රීපාල මහතායි.
අනුර තමා හැම අතින්ම සුදුසු. අනික් දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
අනුර කුමාරට ඡන්ද කෝටියක්..!!!
පේනවනේ කවුද ආරක්ෂක සෙබළු පිරිවරාගෙන ඇවිත් ඉන්නේ කියලා. පාරේ බැහැලා යන්න පණ බයේ ඉන්න කෙනෙකුට රට හදන්න පුළුවන්ද? ඒ ගොල්ලෝ කොයිවෙලේ දිව්‍යෙලා්කයේ යන්න වෙයිද කියලා දින ගණන් කරනවා. අපට සෙතක් වෙන්නේ නෑ.
ජනාධිපති තනතුරට නියම සුදුස්සා අනුර කුමාර දිසානායකයි, ඔහුට වගේම ඔහු වටා සිටින පිරිසට දූෂණ චෝදනා, අපරාධ චෝදනා නැහැ. ඒ නිසා විශ්වාසයක් ඇතුව ඡන්දය දිය හැකියි...!
මේ හුඟ දෙනෙකුගේ බලපොරොත්තුව රටට වඩා තමන්ගේ පැවැත්ම වර්ධනය කර ගැනීමයි.
රනිල්ට ජය නියතයි...
පැරදෙන බව දැනගෙනත් මොකට ආවාද මන්දා...?
හොරු සහ මංකොල්ලකරුවන් එක මිටට...
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
අනුර පහත සඳහන් අත්‍යාවශ්‍ය දේ කරනු ඇත: 1. සැමට සමාන අවස්ථා. විශේෂයෙන් නීතියෙන්. 2. රුපියලේ විනිමය අනුපාතය අඩු කිරීම (අපනයනය වැඩි කිරීම) මේ දෙක ශ්‍රී ලංකාව එහි සංවර්ධන මාවතට ගෙන එයි.