කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ උත්සවය අද (29) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි. 29 August 2017
‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘ දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. 29 August 2017
රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත්ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා පවසයි. 29 August 2017
නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය. 29 August 2017
ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. 28 August 2017
අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය. 23 August 2017
පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ. 21 August 2017
විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි ඉන්දීය, බංග්ලාදේශ බාල ඖෂධවලට වෙළඳපොළ විවෘත කරමින් ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රෝඩාවක් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගාල්ලේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය. 18 August 2017
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය. 17 August 2017
නඩු පැටලුණු නාවක්කුලි විහාරස්ථානය විහාරස්ථානක චෛත්‍යයක් ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රාදේශීය සභාවෙන් නඩු පැවරීමක් ගැනත්, ඊට මහේස්ත්‍රාත්වරියගෙන් සැනසිලි සහගත තීන්දුවක් ලැබුණු බවත් පසුගිය ජනමාධ්‍ය වාර්තා කළේය. මේ පන්සල සොයාගෙන අපි යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයට ගියෙමු. 15 August 2017
චන්දිමාල් තරගය ගැන කියයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය පිළිබඳ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අදහස් දැක්වීම. 11 August 2017
ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ. 11 August 2017
ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි. 05 August 2017
රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. 02 August 2017
ක්‍රිශාන්ත පුෂ්පකුමාර රැස්වීමේදී ගී ගයයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා අද (29) පැවති රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කවියක් ඉදිරිපත් කළේය. 29 July 2017
මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 July 2017
‘පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ක්‍රමයක් ඕනෑ‘ පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නිසා පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 July 2017
බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක් අධිවේගයේ බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විවිධ පුද්ගලයන්ට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පොලිස් මුලස්ථානයට අද (27) පැමිණිල්ලක් කළේය. 27 July 2017
මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් විනිසුරු හඬාවැටෙයි සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය. 23 July 2017
වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය. 21 July 2017
පිළිකා රෝගීන්ට හිසකෙස් දන් දෙති පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ. 20 July 2017
ඩෙංගු තවාන් සෙවීමේ හදිසි මෙහෙයුමක් දිවයින පුරා මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණින් කොළඹ නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි හා පාසල් පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් අද(20) උදෑසන කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකය මගින් ක්‍රියාත්මක කෙරිණි. 20 July 2017
අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන් දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා පාලම මතින් අද (20) ධාවනය කෙරිණි. 20 July 2017
පොලිතින් තහනමට එරෙහිව පිටකොටුවේ වීදි බසිති පරිසරයට අහිතකර පොලිතීන් ආශ්රිත නිෂ්පාදන සැප්තැම්බර් 1වැනිදා සිට විකිණීම හා භාවිතා කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කොළඹ පිටකොටුව වෙළඳ සංගමය සංවිධානය කළ උද්ගෝෂණයක් පිටකොටුව පීපල්ස් පාර්ක් ඉදිරිපිටදී අද(19) පැවැත්විණි. 19 July 2017
නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ් තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරිමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය. 19 July 2017
400කට සාම විනිසුරු පත්වීම් ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය මගින් අද18) සිදු කෙරිණ. 18 July 2017
නවක වදය දුන්නැයි හතකගේ පන්ති තහනම් පතන ශ්‍රී පාද විද්‍යාපිඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දුන් සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාපිඨයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් හත් දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි පංති තහනමක් පනවා ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා පවසයි. 18 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි. 17 July 2017
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026