IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සජිත් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට

( තිළිණි ද සිල්වා )

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හමුවේ විභාග වන පැමිණිල්ලට අදාළව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට ස්වල්ප මොහොතකට පෙර රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය.

ප්‍රේමදාස මහතා පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් පසුව කොමිසමේ හමුවේ සාක්කි ලබාදීමට නියමිතය.

ජනාධිපති පරීක්ෂණ කොමිසම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද (23)පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම නිවා‍ෙ, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ තිබූ අතර ඒ අනුව අද (23) පෙරවරු 9.40ට කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ආකරයෙන් සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇතැයි සඳහන් කරමින් එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

එම පැමිණිල්ල විභාගයට ගැනීමට කොමිසම ඉකුත්දා  තීරණය කළ අතර ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බාර අමාත්‍ය ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සිදු කෙරෙන බව කොමිසම සඳහන් කරයි. 

එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොනු පැමිණිල්ලේ  වැඩිදුරටත් සඳහන් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ලෙස බඳවා ගනු ලැබූ සේවකයින්ගේ 95 %ක් ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් වන බවය.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 



අදහස් (14)

සජිත් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට

Sam Monday, 23 September 2019 04:49 AM

අර කව්ද කෙනෙක් කිව්වා නේද මෙයාට කිසිම උසාවියක කිසිම චෝදනාවක් නැහැ කියලා. මේවට කියන්නේ තමන්ගේ නිලය අවභාවිතය කියලා.

:       1196       1556

ajith Monday, 23 September 2019 05:26 AM

රනිල් කිසිම විටෙක තීරණයක් නොගන්න නායකයෙක් . අපේක්ෂකයා තෝරන විදිය පේනවනේ . ඒ බය නිසා එක අඩියක් ඉස්සරහට තියල අඩි 2ක් පස්සට ගන්නවා . සජිත් ආයතනයක් දියුණු කරන්න දන්නේ නැති , පුද්ගලික දේශපාලනය ඉදිරියෙන් තියාගෙන යන අයෙක්. අදායමක් උපයන විදියක් ඔහු දන්නේ නැහැ.

:       1759       2046

දිමුත්Monday, 23 September 2019 05:49 AM

හරි හරි ඔයාගෙ කෙනා විතරයි දන්නේ......

:       75       257

වීරවිජේTuesday, 24 September 2019 08:58 AM

ආවටත් වඩා වේගෙන් ගිහින්නේ.ඇහුවේ ඔබතුමා වැරදිකරුද නිවැරදිකරුද කියලා විතරයි. දේශපාලන වහල්ලු.....

:       1       1

Uditha - London Monday, 23 September 2019 05:33 AM

මේවා ඉතින් තනිකරම ජවනිකා... ඇති වීම නැති වීම... ලෝක ධර්මතාවයට අනුව සිද්ද වෙන දෙයක්... එහෙම හිතල මේවගේ දේවල් කිසි හරයක් නැති තවත් එක් තරා පුවතක් විදිහට හිතල ගණන් නොගෙන සිටීම තමා මම නම් කරන්නේ... අවසානේ වෙන දෙයක් නැහැනේ... නිකන්ම නිකන් අපේ සල්ලි වලින් රජයේ නිලදාරීන් ටිකක් පඩි ගන්නවා

:       13       89

sarath Monday, 23 September 2019 05:39 AM

ඇයි සජිත් 70ක් ඉන්න ඕන තැනට 1400 ක් දාල කියන්නේ

:       244       213

thushara Monday, 23 September 2019 06:04 AM

පත්වීම දීලා තියෙන්නේ උස අයටද ? මිට අයටද ?

:       282       445

යාපා Monday, 23 September 2019 06:16 AM

මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන තමන්ගෙ ප්‍රතිරූපය හදන්න කෝටි ප්‍රකෝටිගනන් වියදම් කරන ජරාම දේශපාලකයෙක්

:       3503       4056

wipula Monday, 23 September 2019 06:48 AM

ජනාධිපති වුණොත් බලය කෙසේ අයුතු ලෙස පාවිච්චි කරයිද? රටට කවර කලදසාවක් ලබයිද?

:       1       1

sirisena Monday, 23 September 2019 06:52 AM

මේ වගේ මහජන දේපල හිතුමතයට බෙදන්න හපනෙක් වගේ...

:       1       1

Akila Monday, 23 September 2019 07:33 AM

අපේ රනිල් සර්ට පාර්ට් දන්නා ආව නිසා තමයි ඔය ඔක්කොම.

:       141       259

ChamTuesday, 24 September 2019 04:57 AM

දැන්වත් තේරුම් ගන්න අපේ රටේ හොද නායකයෝ ඉන්නවා රනිල්ට වඩා හොඳ එ් නිසා උගත් කෙනෙක් විදිහට ඔයා ගේ එක ඡන්දයක් උනත් මේ පාර රටට වටිනවා. එ්ක නිකන් වැරදි කෙනෙක්ට පාවිච්චි කරන්න එපා.

:       1       1

thushara Monday, 23 September 2019 07:59 AM

2000 ක් බලපු පෝස්ට් එකට ඩිස්ලයික් 2730යි..

:       1       1

nimaza Monday, 23 September 2019 09:45 AM

කාලයකට ඉහතදී පතිරුපදෙස වාසොච කියල කීවෙ කොළඹ සහ ගම්පහ දිස්තිරික්ක වලට. මොකද ඔවුන් රජුන් තනන දිස්තිරික්ක නිසා. එම කාලෙ පත්වීම් දුන්නේම කොළඹ සහ ගම්පහ දිස්තිරික්ක වලට. මහින්දගේ කාලෙ ඉදන් එය හම්බන්තොට වෙලා. පින් තියෙන මිනිස්ස්සු. එම නිසයි මෙහෙම රෑකියාවල් හම්බන්තොටටම දෙන්නෙ. රජුන් හදන පෙරහර තවත් ඉදිරියට. ගෝඨාභය නාමල්......? එසේම අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතාට සිහිපත් කළ යුතුයි එයාගෙ පියතුමා රජයේ සේවයට පුද්ගලයන් තොරාගන්නට විධිමත් විවෘත විභාග ක්‍රමයක් හදුන්වා දී තිබුනු බව.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්



ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු
2025 මැයි මස 07 18 0

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික





මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 839 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site