(ජයන්ත සමරකෝන්)
රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණි 18 ක සේවකයන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලීය කටයුතුවල අද (23) ප්‍රමාදයක් මෙන්ම දැඩි තදබදයක් ඇතිවිය.
මේ හේතුවෙන් දෛනිකව සේවා ලබාගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට ලක්වීමෙන් අද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.
කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දෛනිකව සිදුවන පාස්පෝට් හා හැඳුනුම්පත් නිකුත් කිරිමේ කටයුතු අද විධායක ශ්‍රේණි නිලධාරීන් යොදවා සිදු කෙරිණි.
හැඳුනුම්පත් හා පාස්පෝට් එක්දින සේවා කටයුතු වලදී විශාල ප්‍රමාදයක් සිදුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක්
rizwan mohamed Monday, 23 September 2019 09:13 AM
මහජනතාව අපහසුතාවයට පත්කරන එක තමයි... ඒ ගොල්ලන් හරියට කරන එකම එක රාජකාරිය...
Chanak los angeles Monday, 23 September 2019 05:00 PM
මොන ප්‍රමාදයක් තිබුනත් දේශපාලකයන්ගේ ගමන් බලපත්‍රනම් එවෙලේම හදලා අතට දෙනවා.මම එහෙම කීව්වේ අර ජනපති අපේක්ෂකයෙකුට එහෙම එවෙලේම ලැබුනා කියන දෙය සැලකිල්ලට අරගෙනයි.