‘ශ්රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාව’ පිහිටුවයි
ශ්රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්රී ලංකා පදනම් ආයතන ශ්රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි.