IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අර්ජුන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු වලංගුද

 (ජයන්ත සමරකෝන්)
 
සිංගප්පූරු  ජාතිකයෙකු  වන  හිටපු මහ බැංකු  අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල වලංගු භාවය පිළිබඳව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වැනි වගන්තියේ 4.7 උපලේඛනවලට අනුව මෙම නීතී විරෝධි ක්‍රියා සම්බන්ධයෙන්  බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
 
මේ පිළිබඳව  එවකට අධිකරණයට පැමිණිලි   කිරීමට  තීරණය කළ අවස්ථාවේ  බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබූ නිසා එම අදහස අත්හළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
  සිංගප්පූරුවේ පුරවැසියකු ලෙස  අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවල අත්සන් තැබීම  නීතී විරෝධි බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු  දිවුරුම් දී නොමැති බවද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
 
 කොළඹ 07 විපක්ෂ  නායක කාර්යාලයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී   මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.



අදහස් (21)

අර්ජුන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු වලංගුද

Mahee Tuesday, 01 October 2019 08:01 AM

මොකෝ වලංගු නැත්තේ? ඔයිට වඩා නම් දරාපු හොරු අත්සන් කරපු මුදල් නෝට්ටු විතරක් නෙමෙයි ගිවිසුම් පවා තියෙන්නේ. පස්සේ ඒ ගිවිසුම්වලින් කට්ටි පනින්න හදන වෙලාවට ලොකු රටවල් ඇවිත් සැර දානකොට අනේ සර් මේ අවුරුද්දේ නම් ඒ කියපුවා කරනවාමයි කියල ඔය ඕන තරම් ඇඟ බේරා ගන්නෙ.

:       50       130

gamarala Tuesday, 01 October 2019 08:08 AM

මන්ත්‍රීතුමා ඔබතුමාලා ප්‍රමාද උනා වැඩියි. මෙය ලංකා මුදල් පාවිච්චි කරන හැමෝටම ප්‍රශ්නයක්. වහාම ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. ශ්‍රී ලංකා පුරවැසියෙක් නොවන කෙනෙක් කොහොමද භාණ්ඩාගාරයේ අධිපති උනේ?

:       4       76

athuraTuesday, 01 October 2019 10:10 AM

අදහසුත් නමේ හැටියටමයි.....

:       0       14

RohanaWednesday, 02 October 2019 04:50 AM

ගමරාළ මහ බැංකුවයි භාණ්ඩාගාරයයි පටලවාගෙන. අධිපති පත්වෙන්නේ මහ බැංකුවට. භාණ්ඩාගාරයට පත්වෙන්නේ ලේකම්වරයෙක්. මේක ආයතන දෙකක්.

:       0       0

Buddika Tuesday, 01 October 2019 08:23 AM

ඇත්තද? එතකොට මේ පල් හොරුන්ගේ අත්සන් සහිත මුදල් නෝට්ටු වලංගුද?

:       14       4

BamunuarachchiTuesday, 01 October 2019 09:30 AM

මේ නෝට්ටුවේ අත්සන් කර ඇති දෙදෙනාම පල් හොරුය.

:       11       1

Johon Tuesday, 01 October 2019 08:33 AM

ඔබ සමග මම එකග වෙන ගමන්ම අහන්න ඕන ගෝටාබය අත්සන් කල සහ අණදුන්න දේවල් ඔහු ඇමරිකන් පුරවැසියෙක් වසයෙන් ඉන්න කොට.

:       0       0

lalithm Tuesday, 01 October 2019 08:37 AM

ඔහේ මෙච්චරකල් නිදාගෙනද හිටියේ?

:       1       159

SAM Tuesday, 01 October 2019 08:47 AM

ජෝන් එක්ස්ටර් (මහා බැංකුවේ පළමු අධිපති) මහත්තයා අත්සන් කරපුවා වලංගුද?

:       1       335

sunilTuesday, 01 October 2019 09:16 AM

දන්නේ නැති දේ කතා නොකර ඉන්න. මේ නීතිය බලාත්මක වුනේ 1983 විතර. එතකොට ඔයාගේ සුද්දා මැරිලත් ඉවර ඇති.

:       1       8

ArisTuesday, 01 October 2019 09:30 AM

යටත් විජිත කාලෙනම් වලංගුයි.

:       0       1

samTuesday, 01 October 2019 09:33 AM

එක්සෙටර් මහා බැංකුව පටන් අරගත්තේ සහ අධිපති තනතුර ඉසුලුවේ 1950,53 වසරවලදී. එතකොට ලංකාවේ ව්‍යස්ථාව වෙනස් ඒ වගේම ලංකාව බ්‍රිතාන්‍යට අයිති රටක්. ඒ නිසා 2015 තිබුණු ව්‍යවස්ථාවයි 1950යි සමාන කරන්න එපා.එතකොටත් තිබුනේ යු.එන්.පී. ආණ්ඩුවක් තමයි. අනික එක්සෙටර් ලාංකිකයෙක් නොවෙන බව රටම දන්නවා. අර්ජුන් මහේන්ද්‍රන් ලාංකික පුරවැසියෙක් බව මුලින්ම කියලා ඊලඟට ලාංකික පුරවැසිකම ගත්ත බව කියලා රට රැවැට්ටුවේ රනිල් සහ ජෝන් අමරතුංග. අන්න ඒ දෙන්නගෙන් ඔය ප්‍රශ්න අහන්න.

:       1       4

PA - RA Tuesday, 01 October 2019 08:55 AM

නැත.මොහු පල් හොරෙකි.

:       0       3

Amila Tuesday, 01 October 2019 09:25 AM

අර ගත්ත ණය ගෙවන්න. නිකමට හිතමු අවලංගු කරා කියලා අපහසුතාවයට පත්වෙන්නේ රටේ මහජනයාමයි. මෙයාලා කරන්නේම මිනිස්සු අපහසුතාවයට පත්වෙන වැඩමයි. සමපෝෂ ටිකක් කන්න මන්ත්‍රීතුමා.......

:       0       77

Razor Tuesday, 01 October 2019 10:25 AM

මතක නැද්ද අර රුපියල් 2500 න් පවුලම නඩත්තු කරන්න පුළුවන් කියලා කිපු කෙනානේ....

:       0       1

ලුම්බිණි Tuesday, 01 October 2019 10:06 AM

මෙයා කරොත් කරන්නෙම තකතීරු වැඩක්.

:       0       1

ajithTuesday, 01 October 2019 10:30 AM

මොකටද මහජනයා අපහසුතාවයට පත්වෙන්නේ, සල්ලි වලංගු නැත්නම් ඒවාට අලුත් ඒවා දෙන එක මහබැංකුවේ වැඩක්

:       0       0

Prabha Tuesday, 01 October 2019 10:37 AM

මන්ත්‍රීතුමෝ ආර්ථික කප්පිත්තෙක් හැටියට ඕකද තෝරගත්තේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ හැටියට.....

:       0       1

Chathuri Tuesday, 01 October 2019 11:15 AM

මෝඩ රැළ..... හැමදේටම අත උස්සලා දැන් අහනවා හරි වැරැද්ද. ඊට වඩා හොඳයි පිට රටින් ගේන එළදෙනුන්. කිරි ටික හරි ලැබෙනවා.

:       0       1

isueu Tuesday, 01 October 2019 06:10 PM

රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියපු කතාවත් අවලංගු ද

:       0       0

ajith Wednesday, 02 October 2019 05:11 AM

ලංකාවේ පුරවැසියෙක් නොවුණු කෙනෙක් ආරක්ෂක ලේකම් වෙලා වැඩ කරගෙන ගියේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 475 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site