IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘ඇතින්නියන්ගේ මරණ වලට වගකිව යුත්තන් අසු වුණොත් තදබල දඬුවම්‘

(නිමල කොඩිතුවක්කු)

හබරණ   හිරිවඩුන්න වැව් ඉස්මත්තේ  ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ යම් අයෙක්  වරදකරු වුවහොත් අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග දැඩිව ක‍්‍රියාත්මක කරන බව   සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය.
 
ඇතින්නියන් මිය යාම  සම්බන්ධයෙන් වන සම්පූර්ණ වාර්තාවක් මේ සතිය අවසානයේදී මාධ්‍යයට නිකුත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

දැනට ඇති තොරතුරු අනුව යම් කිසි විසක් ශරීර ගත වීමෙන් මෙම සතුන් මිය යාමට ඇති බවට සැක කරන බවත් පැවසූ අමාත්‍යවරයා රජයේ රස පරීක්ෂක වාර්තාව  ලැබුණු  පසු මේ පිළිබද සම්පූර්ණ   වාර්තාවක් එළි දක්වන බවත් සදහන් කළේය.

 සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ අද(01)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
මේ පිළිබද පරීක්ෂණ කිරීම සදහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබන්ඩාර මහතාට ලබාදුන් උපදෙස් මත ත‍්‍රිප්දුගළ කමිටුවක් පත්කර ඇතැයිද ඔහු එහිදි සදහන් කළේය.
 
ජ්‍යෙෂ්ඨ  පශු වෛද්‍යවරයෙකු, සහකාර වනජීවී අධයක්ෂවරයෙකු සහ  වන සත්ව අඩවි  ආරක්ෂක උද්‍යාන භාරකරුවෙකු මෙම කමිටුවට ඇතුළත් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබන්ඩාර මහතා එහිදී  පැවැසීය.
 

වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුවන පරීක්ෂන වලට අමතරව පොලීසිය ඇතුලූ තවත් පාර්ශව කිහිපයකින් මේ පිළිබඳ  පරීක්ෂණ සිදු කරන බවත් ඔහු සදහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය සාම්පල,  රජයේ රස පරීක්ෂක, පශු පර්යේෂණ  ආයතනයට සහ පේරාදෙනිය  විශ්ව විද්‍යාලයේ  පශු වෛද්‍ය පීඨයට  යොමු කරන බවත්  වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
 
මෙම අවස්ථාව සදහා සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ



අදහස් (12)

‘ඇතින්නියන්ගේ මරණ වලට වගකිව යුත්තන් අසු වුණොත් තදබල දඬුවම්‘

Nissanka Tuesday, 01 October 2019 11:13 AM

එක්කෙනෙක් අසනීප පිට දාලා සිංගප්පුරු පනින්න හදන්නේ බිලි පුජාවේ තොරතුරු එළියට එයි කියලද?

:       123       3

Perera Tuesday, 01 October 2019 11:33 AM

ඔය වාර්තාව හැමෝම දන්නවා.අලුතෙන් දෙන්න දෙයක් නැහැ.

:       1       6

Nuwan Tuesday, 01 October 2019 11:39 AM

හිනා... ගොඩක් හිනා.....

:       0       5

janis Tuesday, 01 October 2019 11:45 AM

මේ පාප කර්මය කරපු අය එල්ලා මරන්න.

:       0       8

කුමාර Tuesday, 01 October 2019 11:47 AM

තදබල දඬුවම්........මේ කට්ටිය 2015 හොරු අල්ලන්න සූදානම් වෙච්ච හැටි මතක් වෙනවා.

:       23       50

RaveendraTuesday, 01 October 2019 12:40 PM

අපේ ජෝන් ආතට ගිය කේන්තිය.... දඩුවම් දෙනවා නම් මිට කලින් පව්කාරයන් කීදෙනෙකුට දෙන්න තිබුණද ?

:       0       26

Jayampathi Tuesday, 01 October 2019 12:05 PM

දැඩි දඬුවම්.......දැන් කොහොමද මේකට හිනා වෙන්න ඕන?

:       0       70

prem Tuesday, 01 October 2019 12:34 PM

සජිත් මහත්තයා භාරයක් ඔප්පු කළා කියන්නේ? බොරුවක්ද?

:       0       133

Jana Tuesday, 01 October 2019 12:40 PM

මෙහෙම ඇමතිලා පොල්පිත්තක් තිබ්බනම් කපා ගන්න තිබුණා.

:       0       19

tony Tuesday, 01 October 2019 12:51 PM

ඔහේ පලයන්........

:       0       6

janith Tuesday, 01 October 2019 05:36 PM

ජෝන් ඇමතිතුමෝ ඔය කියන්නේ, ලසන්ත, එක්නැලිගොඩ, තාජුදීන්, බන්දනාගාරේ මරපු 29 දෙනා, මීගමුවේ තෙල් ඉල්ලලා මරපු අය, වතුර ඉල්ලලා මරපු අය, සුද්දෝ මරපු, අය ගැන වෙන්න ඇති කියා අපි සිතමු.

:       0       1

chinthaka Tuesday, 01 October 2019 07:11 PM

මේ මලයාලම් බිලි පූජා තියල තියෙන්නේ "මලයාලම්" යන්ත්‍ර මන්ත්‍ර වලට මහත් ලැදි කමක් දක්වපු කෙනෙක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 475 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site