
ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේණි.
ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ.එයට වරාය සහ නාවික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය






(සටහන සහ ඡායාරූප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගිහිල්ලා සම්ප්‍රදායික තොරණත් සිතින් ඈත්කරලා බුදුහාමුදුරුවන්වත් රෝබෝ කෙනෙක් විදියට ගෝල්ෆේස් එකේ ඇවිද්දවයිද?. "අළුතෙන් එන හැමදෙයක්ම අපේ සංස්කෘතික උරුමයන්ට උදව් නොවේ".
මෙතන කිසිම වරදක් තියෙනවද නන්දාවතී. ?
අන්න අරහේ සම්ප්‍රදායික තොරණ ගේට්ටුව ඉස්සරහ බිම පතබැවිලා...
නත්තලට ලෝකයේ උසම නත්තල් ගහ හදන්න ගිහිල්ල නා ගත්තා. දැන් ඒ ගමන ලෝකයේ පළමු වතාවට ලේසර් තොරන්. මොකද චිත්‍ර ශිල්පියෝ හොයාගන්න බැහැ තොරණක් ඇඳ ගන්න. මිනිසුන්ගේ දැවෙන ජීවන ප්‍රශ්න වෙනතකට යොමු කරන්න ලෝකයේ උසම නත්තල් ගස්, ලෝකයේ ප්‍රථම ලේසර් තොරණ ඒ විතරක් නොවෙයි ලෝකයේ නගරයක් මැද්දේ ගොඩ ගැසූ උසම කුණු කන්ද, දෙවෙනියට වැඩිම පිරිසක් ඊට යටවී මියයාම, ජනගහන අනුපාතයට අනුව ලෝකයේ වැඩිම රථ වාහන අනතුරු හා සාපරාධි ක්‍රියාත් මේ ගීනස් වාර්තාවට එකතු කරන්න ඕගොල්ලෝ අකමැති වුනත් ජනතාව එය වෙලාවට කරාවි.
කුනු ජරාවක්
මේවා මගින් රටට ආගමට ලෙබෙන විමුක්තියක් නෙත . නමුත් මේවා මගින් සාක්කු වලට යම් යම් දේ පිරෙනවා ඇත .
කරුණාකර මේකට ගිය විය හියදම් පිළිබඳව ගණන් හිලව් වාර්තාවක් ඉදිරිපත් කරොත් හොඳා. ඒකත් වාර්තාවක් වේවිද?...
එහෙනම් තොරණේ කාලයත් ඉවරය. අනාගතේ තොරණ කියන්නේ හරියට වෙසක් දවසේ එලියට ගිහින් බලලා අව වගේ වේවි!!!. අනේ අනිච්චන් කට මේවා කියන්නද?
මේක කිසිම ප්‍රමිතියකට නැති වැඩක්.... අලුත් ක්‍රමයට ලේසර් තොරණක් කළාට කමක් නැහැ. ලේසර් පින්තූරය තව ලස්සනට වැටෙනවා නම් තමයි හොඳ...
ඔය වගේ සිතුවම් මම දෙකේ පන්තියේ ඉද්දි ඇඳල තියෙනවා. කවුරු හරි හොඳ ගාණක් කඩා ගත්ත වගේ මැජික් පෙන්නලා.
වෙසක් තියෙන්නේ ලංකාවේ විතරයි ඉතින් කොහොමද මේක ලෝකෙම ප්‍රථම වෙන්නේ