IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පිළිකාවට රහස් බෙහෙත් අපි ළඟ තියෙනවා

පාරම්පරික නාඩි වෛද්‍ය එන්.ආර්. චන්ද්‍රසේන

 

 

  • ජීවන රටාව වෙනස් නොකර පිළිකාවට වැට බඳින්න බෑ 
  • රෝහලක් හැදුවත් තවම බලපත්‍රය ලැබුණේ නෑ

 

පිළිකා, අංශභාගය, ආතරයිටීස් වැනි රෝග අද සමාජයේ බහුලව කතාබහ වෙන රෝග බවට පත්ව ඇත. එයිනුත් පිළිකා රෝගය අවාසනාවන්ත රෝගයක් ලෙස සැලකෙන අතර මින් පීඩා විඳින රෝගීන් ඉතාම කනගාටුදායක ජීවිතයක් ගත කරති. පිළිකා රෝගයට වයස් භේදයක් නැත.


කිරි දරුවාගේ සිට මේ අවාසනාවන්ත රෝගයෙන් බොහෝදෙනා දුක්විඳිති. විවිධ ප්‍රතිකාර ලබාගෙන සුවයක් නොමැතිව ජීවිතය අතහැර කාලය ගත කරන එම රෝගීන්ට බලාපොරොත්තු දල්වා ගැනීමට හැකිබව පවසන වෙදැදුරකු අපට හමුවිය. 


රත්නපුරේ එන්.ආර්. චන්ද්‍රසේන මහතා පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට නමක් දිනා සිටින හෙළ වෙදැදුරෙකි. පාරම්පරිකව වෙදකමට උරුමකම් කියන චන්ද්‍රසේන මහතාගේ සීයා අවුසදහාමි වෙද මහතාය. අත්තන්ගාමි වෙද මහතා ඔහුගේ පියාය. සර්වාංග රෝග පිළිබඳ නමක් දිනා සිටි වෙද මහතුන් දෙදෙනෙකුගෙන් වෙදකම උරුම කරගත් චන්ද්‍රසේන වෙද මහතා පිළිකා රෝගය පිළිබඳ වැඩි අවධානය යොදා සුවහසක් රෝගීන්ට සුවය ලබාදීමට දැඩි කැපවීමක් කරමින් සිටියි.


ඔහු පිළිකා රෝගයට අමතරව අංශභාගය, ආතරයිටීස් රෝග සඳහා ද ප්‍රතිකාර කරයි. එහෙත් ඔහු සඳහන් කරන්නේ ඇස් රෝගවලට හැර අනිකුත් ඕනෑම රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමට තමන්ට හැකි බවයි. වසර 30 ක් පුරා තමන් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත් නාඩි ඇල්ලීම තුළින් රෝගීන් පරීක්ෂා කර ප්‍රතිකාර කිරීම තමන්ගේ වෛද්‍ය ක්‍රමය බවත් ඔහු සඳහන් කළේය. 


“මගේ ළඟට එන රෝගියෙක් තමන්ගේ රෝගය කුමක්ද කියන එක සඳහන් කරන්න කලින් මට රෝගය හා රෝගය තිබෙන ස්ථානය පිළිබඳව කියන්න පුළුවන්. ඒක මට සහජයෙන්ම ලැබුණ දෙයක්. අපේ පරම්පරාවම වෛද්‍යවරු නිසා ඒ අයගේ ආශිර්වාදය මට ලැබෙනවා කියලයි මම හිතන්නේ.”

 

“මගේ ළඟට එන රෝගියෙක් තමන්ගේ රෝගය කුමක්ද කියන එක සඳහන් කරන්න කලින් මට රෝගය හා රෝගය තිබෙන ස්ථානය පිළිබඳව කියන්න පුළුවන්. ඒක මට සහජයෙන්ම ලැබුණ දෙයක්. අපේ පරම්පරාවම වෛද්‍යවරු නිසා ඒ අයගේ ආශිර්වාදය මට ලැබෙනවා කියලයි මම හිතන්නේ.”

 


“ප්‍රතිකාර ගන්න එන රෝගීන්ගෙන් 99%ක්ම පිළිකා රෝගීන්. පියයුරු පිළිකා, අක්මා පිළිකා, ආමාංශගත පිළිකා රෝගීන් ඒ අතර වැඩියි. පියයුරු පිළිකා 100%ක්ම සුව කරන්න පුළුවන්. අනෙක් පිළිකා 80%ක් විතර තමයි. 20%ක් විවිධ හේතු මත සුව නොවන අය සිටිනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් අතර පිළිකා බහුලයි. ඒකට හේතු කීපයක් තියෙනවා. ගෙදර රාත්‍රියට හැමෝම ආහාර ගත්තට පස්සෙ තමයි කාන්තාවන් ආහාර ගන්නේ. බොහෝවෙලාවට ඉතිරිව තියෙන මස්, මාළු අපතේ යනවා කියලා ප්‍රමාණයටත් වඩා කනවා. මේ නිසා පසුකාලීනව රෝගීන් බවට පත්වෙනවා.

 

 


අක්මාව, ආමාශය, බඩවැල් ආශ්‍රිත පිළිකා සඳහා ප්‍රධාන හේතුවක් තමයි පිටි. විශේෂයෙන්ම ආප්ප. ආප්ප හදන්න විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. (ප්ලාස්ටර් ඔෆ් පැරිස් වගේ) ඒවා ශරීරයට ගියාම බඩවැල් තුවාල වෙනවා. අනෙක ඉඳිආප්ප පිටි. ඇල්වතුර පිටිවලට දාපුවම උතුරනවා. එහෙම වෙන්නෙ ඇයි. රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා. මේවා බඩවැල්වල බැඳෙනවා. ඒ හරහා තුවාල ඇතිවෙලා පසුකාලීනව පිළිකා ඇතිවෙනවා.


● පිළිකා සුව කිරීමට තිබෙන අවස්ථා කොහොමද?


විවිධ ප්‍රතිකාර කරලා කොටස් ඉවත් කළ (මුත්‍රා, මලපහ බෑග් දාපු) රෝගීන් සුවකරන්න බෑ. නමුත් අනිකුත් ප්‍රතිකාර කරපු රෝගීන් සුවකිරීමට පුළුවන්. කිසිම බියක් විය යුතු නෑ. මීට මාස කීපයකට පෙර එවන් තරුණියක් සුව කළා. 


● ඔබගේ ප්‍රතිකාර ක්‍රම මොනවගේද?


පාරම්පරිකව පොතපතින් ආපු විදිහට අහවල් රෝගයට අහවල් ඖෂධ කියලා ලියලා තියෙනවා. ඒ ක්‍රමවේදයටම ප්‍රතිකාර කරනවා. සමහර බෙහෙත් හදන්න ගෝරෝචන, කස්තුරි, වෙල්ලපාෂාන වගේ මිල අධික බෙහෙත් වර්ගත් ගන්නවා.  


● ප්‍රතිකාරවලින් පසුව රෝගියාගේ වත්පිළිවෙත් කෙබඳු විය යුතුද?


විශේෂයෙන්ම ආහාරවලින් පත්‍ය විය යුතුයි. හරක් මස් ඉතා අහිතකරයි. පිළිකා වර්ධනයට හරක් මස් බලපානවා. ප්‍රතිකාර ගන්න කාලයේ මස්, මාළු, බිත්තර, උෂ්ණ අධික ආහාර නොගත යුතුයි. ඇල්වතුර සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. මේවායෙන් දුරස්වෙලා ප්‍රතිකාර ගෙන සුවය ලැබුවට පස්සේ ඉඳල හිටලා කැමැති දෙයක් ගත්තට කමක් නෑ.
චන්ද්‍රසේන වෙද මහතා දිවයින පුරා රෝගීන් දහස් ගණනක් සුවකර තිබෙන වෙද මහතෙකි. මෙරට පමණක් නොව විදේශ රටවලින් පවා රෝගීන් පැමිණ ඔහුගෙන් ප්‍රතිකාර ගනිති. ඔහු රෝගීන් නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කිරීමට රෝහලක්ද ඉදි කර තිබේ. එහෙත් ඒ සඳහා බලපත්‍රය තවමත් නොලැබීම පිළිබඳ ඔහු කතා  කළේ කනගාටුවෙනි. 


සටහන සහ ඡායාරූප : ශාන් බන්දු වීරසිංහ

 



අදහස් (0)

පිළිකාවට රහස් බෙහෙත් අපි ළඟ තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site