කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්
නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.