අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. 4 years ago
එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000 අතුරු ආබාධ ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 4 years ago
සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්‍රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය. 4 years ago
උද්ඝෝෂණ සංවිධායකයන්ට වැඩ වරදී සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 4 years ago
ඩොලර් අර්බුදයට ණය ගන්න රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 4 years ago
රැස්වීම හා උත්සව සති දෙකකට තහනම් මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය. 4 years ago
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උයය ගම්මන්පිල මහතා පවසයි. 4 years ago
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 4 years ago
බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය. 4 years ago
තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 4 years ago
චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී. 4 years ago
පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 4 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago