(අංජුල මහික වීරරත්න)
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.
එහිදී අදහස් දැක්වූ සමන්තා පවර් මහත්මිය කීවෙි තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බවයි.
රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සර්, ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයටත් සර් කැළලක්...
"මහමැතිවරණයක්" පවත්වා අලුත් කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමෙන් පසු රටට වෙනසක් ඇතිකිරීමට පහසු වනු ඇත.
කතාව විතරක් ප්‍රමාණවත් මදි... සර්, එයට අපි ඉක්මණින් මුහුණ දිය යුතුයි.
කිසිම සාධාරණ මැතිවරණයකින් 90% කට වඩා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලාට ජයග්‍රහණය කරන්න බැහැ.
අපිට ඉස්සර මතක විදියට....කලගෙඩි ලාම්පු සෙල්ලමක් දෙන්න වගේ හදන්නේ!!! මේවට රැවටෙන්න එපා...රටට පැහැදිලි අලුත් නායකත්වයක් අව්ශ්‍යය්.මුළු රටම ලෝකෙටම ණය කලේ මේ පරණ හොර නායකයෝ ටිකයි.
ඔය ලෝකෙට බොරු කියුවට , මිනිහ ජනමත විචාරණයක් හෝ මැතිවරණයක් නම තියන්න යන්නේ නැහැ , තිබොත් දන්නවනේ වෙන දේ.
මේ රට විනාශය කරා යන්නට මග පැදු ජේ ආර් ජයවර්ධනනම් ද්‍රෝහියා හෙවත් රනිල්ගේ මාමා කරපු " කල ගෙඩි - ලාම්පු සෙල්ලම " නොහොත් ප්‍රෝඩාකාරී ජනමත විචාරණය අපිට අමතක නැහැ. එයින් සිදුවුන විනාශයත් කිසිදාක අමතක වෙන්නේ නැහැ.එදා මාමා කරපු සෙල්ලම් මේ අලුත් පරම්පරාවත් සමග කරන්න " නරි බෑනාට " හෙවත් රනිල් රාජපක්ෂට කිසිදාක ඉඩ නොලැබෙනබව ඔහු හොඳින් වටහාගත යුතුයි.රටේ මිනිසුන්ට අවශ්‍ය " මහා මැතිවරණයක් " මිස ජනමත විචාරණයක් නොව. ඔහු මේ හදන්නේ මාමා කරපු සෙල්ලම කරන්නනම් සොරි තමයි කියන්න වෙන්නේ .ගඩාෆිට මහපාරේදී රටේ මිනිසුන් කරපු " ආදරණිය සමුදීම.." රනිල්ට අමතක නැතිව ඇති.
ලංකාව ඩැහැ ගැනීමට ලොකයෙ බලවත් රටවල් සහ ආගමික ත්‍රස්ථවාදී සන්විධාන බව අප දන්නා කරුණකි. රට අස්තාවරවීම ඔවුන්ගෙ බලාපොරොත්තුව ඒ නිසා,පාලකයින් ඉහල සිට පහල දක්වා දූශණ නාස්තිය වරප්‍රසාද ඉවතදා රටට අවංකව සේවය කරන්න එවිට රටත් ජනත්වත් ඔබත් රකීවි.
මොන ජනමත විචාරණද? දූෂිත දේසපාලුවෝ 225 ම එපා කියලයි ජනතාව කියන්නේ? හොරකම් වන්චා දූෂණ කරපු දූෂිත දේසපාලුවන්ට මැති ඇමතිකම් දීගෙන ජනාධිපති පුටුවේ වැජඹෙන්ටයි රනිල් හදන්නේ?
මේ හදන්නෙ නිර්පාක්ෂික අරගල කරුවන් එපා කියපු රාජපක්ෂලා 2030 දක්වා බලයේ තබාගෙන ජනාධිපති තනතුර රැකගැනීමේ කුමන්ත්‍රණයක් කියලා හිතෙනවා එනිසා බලය ගන්න බලා සිටින සියලු දෙනාම එකාවගේ එක්වී නාවොත් කිසිම වැඩක් කරන්න බැහැ කණ්ඩායම එක්වී රටට සුදුසු පාලන ක්‍රමයක් මැතිවරණය සදහා ඉදිරිපත් කර අනුමැතිය ඇතිව විධිමත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න
ඔය සමන්තා පවර් මුලා කරන්න ලියපු බොරුවක්... දැන් ජනමත විචාරණයක් තිබ්බොත් රනිල්, රාජපක්ෂ කල්ලියට 10%ක් වත් ගන්න බැහැ. ඉදිරි අවුරුදු 02ට මොවුන් කිසිම ඡන්දයක් තියන්නේ නැහැ.
මහ මැතිවරණයේ තියන්න සල්ලි නැහැ කියපු මෙයාට ඔය කියන ඡන්දෙ තියන්න සල්ලි කොහෙන්ද?
ස්තුතියි..!
ජනතා උද්ඝෝෂණ වලින් ඔවුන්ගේ මතය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා හමාරයි. නාකි මයිනලා රකින්නයි රනිල් හදන්නේ...!!!
ඡන්ද එකක්වත් නැතිව පිනට ජනාධිපති වෙලා ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීලාට දාන සැර බලන්නකෝ... හරියට චාල්ස් කුමාරයාට රජකම හම්බ වුණා වගේ කියලා හිතාගෙන ඉන්නේ...
ඔය කියන ජනමත විචාරණයට, රනිල්ගේ පාර්ශවයට ඡන්දෙ ඉල්ලගෙන ගෙවල්වලට යන්න වෙන්නේ හෙල්මට් දාගෙන STF ආරක්ෂා සහිතව... යන්න කළින් ජීවිත රක්ෂණයක් එහෙම අරගෙන අන්තිම කැමැති පත්‍රයත් ලියලා යන්න. නැතිනම් යැපෙන්නෝ අමාරුවේ...