බාල බෙහෙත් සිද්ධියට බෙහෙත් සපයන්නෙකුත් ගන්න යයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලටත් සහභාගි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නාය.