IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ

තුරුණු මඬල 18

 


රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධානය දිනා ගත්තේ විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදුටු "කොළඹ මතක"කෘතිය හරහාය. ඇය පසුගිය දිනවල මෙම කෘතියේ දෙවැනි කොටසද පාඨකයා අතට පත් කළාය.මේ සියලු භූමිකාවන්ට අමතරව ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද සමාජය ආමන්ත්‍රණය කරමින් සිටින්නීය.මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකයේ තුරුණු මඬල විශේෂාංගයෙන්  අප සමග සම්මුඛ වන්නේ ඇයයි.


*ඔබ පසුගිය දිනයේ කොළඹ මතක 2 කෘතිය එළිදැක්වූවා.ඒ අත්දැකීම ලේඛිකාවක් විදියට ඔබට දැනෙන්නේ කොහොමද?

මෙහි පළමු කොටසත් විශාල පාඨක ආකර්ෂණයක් දිනා ගත්තා. පසුගිය මාර්තු මාසේ තමයි මෙහි දෙවැනි කොටස එළිදැක්වීමට මම සූදානමින් සිටියේ. එහෙත් විවිධ කටයුතු නිසා එය මගහැරුණා.කොහොම නමුත් කුමන අභියෝගය මැද්දේ හරි මෙහි දෙවැනි කොටස ඉක්මනින්ම එළිදැක්වීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා.

 

*කොළඹ මතක මුල් කෘතිය පාඨකයා ඉතාම ආදරයෙන් වැළඳ ගත්ත කෘතියක් වුණා. ඒ වැළඳ ගැනීමද දෙවැනි කොටසක් එළිදැක්වීමට හේතු වූයේ?

කොළඹ මතක පළමු කොටස එළිදක්වන විටත් මම පොත් පහක්ම ලියල අවසන් කරලා තිබුණේ.කොළඹ මතක පොත් දෙකට අමතරව කෙටිකතා පොතක්, පරිසරය ගැන පොතක් සහ මගේ අත්දැකීම් සහිත තව පොතක් මම රචනා කරලා තියෙනවා.වැඩ අවසන් කරපු නවකතාවක් වගේම මේ දිනවලත් මම තවත් අලුත් නවකතාවක් ලියාගෙන යනවා.මම මෙහි දෙවැනි කොටසක් එළිදැක්වූයේ පළමු කොටස පාඨකයා වැළඳ ගත් නිසාම නෙවෙයි. මගේ අත්දැකීම් ලියන්න මම හරි ආසයි.මුල් කොටස පළ කරද්දිත් මම මේ පොතේ දෙවැනි කොටසක් කරනවා කියන අදහසේ හිටියා.

 

*වඩා වැදගත් වන්නේ පාඨකයා පොත වැළඳ ගැනීම ද ?එහෙමත් නැතිනම් විචාරකයා පොත වර්ණනා කිරීමද?
  
මම ආසයි මගේ පොතක් වැඩි පිරිසක් දෙනා කියවනවට.මගේ අත්දැකීම් මම ලියන නිසා ඒ අත්දැකීම් තව කෙනෙක් කියවන එක මට සතුටක්. ඒ අයගේ ප්‍රතිචාර මට වටිනවා.ප්‍රබුද්ධ විචාරකයන්ට වඩා සාමාන්‍ය අය අතර පොත තියෙනවට මම කැමැත්තක් දක්වනවා. එහෙත් විචාරක අදහසුත් මම පිළිගන්න කැමතියි.ඒ හරහා මගේ අඩුපාඩු හදාගන්න මං ගැනම ආපහු හැරිලා බලන්න මට හැකියාව ලැබේවි.

 

*ඔබ වේදිකා නාට්‍යය රංගනයේත් නිරත වෙනවා. ඒ අතර ලියන්නියක් ලෙසත් කටයුතු කරනවා. මේ මාධ්‍ය දෙකේ සමීපතාවක් ඔබ දකිනවද?

මම අවුරුදු හතර පහකින් වේදිකාවට ගොඩවෙලා නැහැ.එහෙත් මං ඒ කාලේ රංගන ශිල්පිනියක් විදියට පිටපත් කියවලා තිබුණු පළපුරුද්ද දෙබස් කියවලා තිබුණු අවබෝධය මට සාහිත්‍යකරණයේදී ගොඩක් වැදගත් වුණා.

 

*කාන්තාවක් විදියට ඔබට ඕනෑම තැනක හිඳගෙන ඕනෑම විදියකට ලියන්න පුළුවන්ද?නැතිනම් ඒකට වෙනම සූදානම් වීමක් අවශ්‍යද?

මට එහෙම වෙනම සූදානම් වීම අවශ්‍ය නැහැ.මගේ මූඩ් එක හොඳ ඕනෑම වෙලාවක මට ලියන්න පුළුවන්.ඒ වගේම ඕනෑම කාර්යබහුල තැනක ඉඳගෙනත් මට ලියන්න පුළුවන්.හැම වෙලාවෙම මං ලියන කතාව මගේ ඔළුවේ තියෙනවා.මගේ ඔළුවෙන් මම කතාවේ සැලැස්ම හදාගෙන ඉවරයි.මං ලියන්න වාඩිවෙන්නෙම කතාවේ අවසානයත් දැනගෙන.මම ලියපු දේ කපමින් කොටමින් නැවත එඩිට් කරන්න මං හරි ආසයි.

 

*සාහිත්‍යකරුවා බොහෝවිට ගම උත්කර්ෂයට නැගීමට උත්සාහ කරනවා. ඒත් ඔබ මේ කෘති ද්විත්වය හරහා කොළඹ මතක ස්මරණය කරනවා?

මට ලිවීමේදී වැදගත් වෙන්නේ ගමද නගරයද නෙවෙයි.මම ජීවත් වූ පරිසරය ගැන තමයි මම ලියන්නේ. මට වඩා කිට්ටු සහ මට දැනෙන්නේ මම ජීවත් වූ වටපිටාව.ඒ අත්දැකීම් තමයි මා අතින් රචනා වුණේ.

 

*වෙසක් එකට වෙසක් කූඩු විකුණනවා වගේ වැලන්ටයින් එකට වැලන්ටයින් කාඩ්,රෝසමල් විකුණනවා වගේ සැප්තැම්බර් මාසයට පොත් විකිණීම අනිවාර්ය දෙයක් වෙලා නේද?

එහෙම එකක් නැහැ.කැමති අය සැප්තැම්බරයට පොතක් පතක් අරගෙන කියෙව්වාට ඒක කිසිම වරදක් නැහැ.සාහිත්‍ය මාසෙ පොත් ගන්න අකමැති අය එහෙම නොකර ඉඳීවි.පොත් කියවීමෙන් අපට ලැබෙන ලාභ ගොඩක් තියෙනවා.අපේ නිවාඩුව අර්ථවත්ව ගත කරන්න අපිට පුළුවන්.මං හිතන්නේ මොන වෙලාවක හෝ පොතක් කියවීම තමයි වැදගත්ම දේ.ඒකට මාසය අදාළ නැහැ.

 

*ඔබේ සාහිත්‍ය ගමන පෝෂණය වෙන්න ළමා කාලය බලපෑවේ කොහොමද?

මට ලස්සන ළමා කාලයක් තිබුණු කෙනෙක්.ඒ කාලය මම ගත කළ විදිය ගැන මම දැකපු පරිසරය සහ මට ලැබුණු ආදරය මට ලිවීමේදී ගොඩක් වැදගත් වුණා.එ්වා තමයි පහුකාලීනව වැඩිහිටියෙක් වෙලා මම ලිවුවේ.ඇත්තටම  ළමා කාලය ලිවීමට මට උත්තේජනයක්.

 

*:ඇතැමුන් සම්මාන බලාගෙන ම පොත් ලිවනවා.එහෙත් සම්මාන මෙිනියාව ලේඛකයකුට එතරම් හොඳ දෙයක් නෙවෙයි නේද?

ඇත්තටම සම්මාන ලිවීමට උත්තේජනයක් සපයනවා. ඒත් සම්මාන බලාගෙන පොත් ලියන්න මම කැමති නැහැ.ඒත් තමන් ලියපු නිර්මාණයකට යම්කිසි ඇගයීමක් ලැබෙනවා නම් ඒකට මම කැමතියි.මං ආසයි මං ප්ලේස් වෙන්නේ කොතනද කියලා මටම දැනගන්න.එහෙම  දැනගැනීම මට සතුටක්.

 

*කුමුදු කුමාරසිංහ කියන ලේඛිකාව නිර්මාණය වෙන්න උදව් කරපු අය කවුද?

මා වටේ ඉඳගෙන මට ලියන්න දිරිදෙන හැමෝම මං මේ මොහොතේ සිහිපත් කරනවා.ඒ අතරින් ජනක ඉණිමංකඩ විශේෂයි.විදර්ශන කන්නන්ගර, කල්‍යානන්ද පෙරේරා, නිර්මාල් දේවසිරි යන මේ  අයත් මං මේ මොහොතෙත් මතක් කරන්න කැමතියි.අම්මා සහ පවුලේ අය වගේම සැමීත් ආදරයෙන් සිහිපත් කරනවා.



අදහස් (0)

මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site