IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මාකටිං කියන්නෙත් සාහිත්‍යයේම කෑල්ලක් - නිදුක් මදුෂික

තුරුණු මඬල

 

 

සාහිත්‍යකරුවකු වීමට නිදුක්ට කිසිම හදිසියක් තිබුණේ නැත.ඒ නිසාම ඔහු පත්තරකාරයකු ලෙස දීර්ඝ කාලයක් පුවත්පත්කලාවේ සැරි සැරිසැරුවේය. අත්දැකීම් එකතු කරගත්තේය. ඒ අතරතුරම ඔහු ගුවන් විදුලි නාට්‍ය රචකයකු ලෙසද සිය හැකියාවන් එළි දක්වමින් සිටියේය. අනතුරුව ධරණි හා සැලෙනා නුවන් ටෙලි නාට්‍ය හරහා ටෙලි නාට්‍ය රචනයටද කම්බිලි හරහා සිනමා  තිර පිටපත් රචනයටද පිවිසියේය.  ඔහු පළමුවරට නවකතාකරුවකු ලෙස දැන් කරළියට පැමිණ සිටි.ඒ "ශේවේත  අග්නි" නවකතාව හරහාය.එය පසුගියදා පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදුටුවේය.මේ කතා බහ නිදුක් මදුෂිකගේ නවතම නිර්මාණ කාර්යය පිළිබඳවය.


* ලිවීම ඔබට අමුත්තක් නෙවෙයි.එය  ආශ්වාදජනක දෙයක් වන්නට ඇති  බව විශ්වාසයි.නවකතා පොතක් පළ කිරීමේ අත්දැකීම ගැන මුලින්ම දැනගන්න කැමතියි.

නවකතා පොතක් පළ කිරීමට කලින් පුවත්පත් තුළ නවකතා රචනා කීරීමට මට අවස්ථාව ලැබුණා.ඉන්පසුව ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව ඇතුළු හැම තැනකදීම රචකයෙක් ලෙස කටයුතු කිරීමට ලැබුණා.නවකතා රචනය හැරුණහම ඒ හැම තැනකදිම මට වැඩ කරන්න ලැබුණේ සමූහයක් එක්ක.සමූහයක් එක්ක වැඩ කරන අතරේ මම හිතුවා මගේ ප්‍රකාශනය සෘජුවම පාඨකයාට ඉදිරිපත් කළ යුතු මාධ්‍යයකුත් තෝරාගත යුතුයි කියලා.ඒ අනුව තමයි මම නවකතා රචනයට පිවිසෙන්නේ.

 

* පුවත්පත් නවකතාකරණයට වඩා පොතක් ලෙස නවකතාවක් පළකරද්දි ඔබ සැලකිලිමත් වූ කාරණා තිබෙනවද?

පුවත්පතකට අපි නවකතාවක් ලියන්නේ කොටස් වශයෙන්.එය සමහරවිට පළවන්නේ සතියකට හෝ සති දෙකකට වරක්.සමහර වෙලාවට පාඨකයකුට එක කොටසක් මගහැරුණොත් ඊළඟ සතියේ කතාව ගලාගෙන යෑම ගැන වටහා ගන්න අමාරුයි.පොතක් ලෙස පළ කිරීමේදී පාඨකයාව ඒකාත්මික කරන්න ලේඛකයාට පහසුයි.අනික පාඨකයාට කැමති වෙලාවක තමන් කියවන පොත රස විඳින්න පුළුවන්.සෘජුවම 
ලේඛකයාට පාඨකයා හා ගනුදෙනුවක් හදාගන්න පුළුවන් තැනක් ලෙස නවකතා රචනය මම විශ්වාස කරනවා.

 

* "ශේවේත අග්නි" නම ඇතුළේ සැගවුණු යමක් තිබෙන බව අපට සිතෙනවා. ඔබ පාඨකයා හා යමක් බෙදා හදාගන්න මේ හරහා උත්සාහ කරනවද?

ශේවේත කියන්නේ සුදු පාරිශුද්ධ කියන අදහසක්.ඒත් සුදු කියන වර්ණය ඇතුළේ ගින්දරත් තියෙන්න පුළුවන් බව මම හැමවෙලේම කල්පනා කළා.මේ නවකතාවට පාදක වෙන්නේ අපි සුන්දරයි කියලා බදාගෙන ඉන්න දේවල් පිටිපස්සෙ තියෙන අඳුර පිළිබඳව.අපි වන්දනාමාන කරන සමහර මිනිස්සුන්ගේ අභ්‍යන්තරය මොන වගේද කියන එක පෙන්වා දෙන්න මේ නවකතාවෙන් මම උත්සාහ කළා.අපි ඒ අයත් එක්ක කරන ගනුදෙනුව දෙදරන්නෙ කොයි ආකාරයටද කියන එක මේ පොත කියවන පාඨකයා තේරුම් ගනීවි.සමාජ අත්දැකීම් ලැබෙද්දී මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද කියන එක මේ නවකතාව ඇතුළේ තිබෙනවා. දැන් මේ නවකතාව මම පාඨකයාට ලබාදීලා අවසානයි.

 

 

* සැප්තැම්බරේ තවත්  සාහිත්‍ය මාසයක් අවසන් වුණා. බොහෝ අය මේ මාසය ඉලක්ක කර ගනිමින් පොත් පළ  කිරීමට කැමැත්තක් දක්වන බව පේනවා.ඔබත් සැප්තැම්බරේ පොත පළ කළේ මාකටිං උපක්‍රමයක් විදියටද?

තරග කිරීමේ අදහසින් සාහිත්‍ය කෘති නිර්මාණය කිරීම මට පුරුදු කාරණාවක් නොවේ.මොකද මේක මගේ පළවෙනි නවකතාව.සැප්තැම්බර් කියන්නේ සාහිත්‍යයට වැඩි ඉඩකඩක් වෙන්වෙන මාසයක්.පොත් ගැන සාකච්ඡා සංවාද බොහොමයක් පැවැත්වෙනවා.පොතක් පළ කිරීමේ අදහස මට දිගු කලක ඉඳන් තිබුණා.මම ලියන්නෙක් විදියට පටන් අරන් දැන් දශකයකට වැඩියි.මට නවකතාවක් ලිවීමට උත්තේජනය සැපයූ කාරණා ගොඩක් තිබෙනවා.සැලෙනා  නුවන් නාට්‍යය රචනා කර අවසන් කර අලුත් නාට්‍යයක් පටන් ගන්නකම් තිබෙන කාල අවකාශය මේ නවකතාව ‍රචනා කිරීම වෙනුවෙන් මම යොදා ගත්තා.

 

* සාහිත්‍යයේ රැළි දකින්නට ලැබීම සාමාන්‍ය කාරණාවක්.සමහර පොත් රැල්ල නිසාම වැඩිපුර අලෙවිවන බවකුත් පේනවා.ඒ පොත්වලට චෝදනාත් එල්ල වෙනවා.ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

හැමදේම අද ව්‍යාපාරයක් බවට පත්වෙලා.අපිත් හැමදේම විකුණමින් විකිණෙමින් ජීවත් වෙනවා.සාහිත්‍ය විකිණීම වැරදි දෙයක් නෙවෙයි.මාකටිං කියන්නෙත් සාහිත්‍යයේම කෑල්ලක්.සමහරු පොත් ගන්නෙ පිට කවරේ බලලා කියන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ.මම මේ පොතට එළිදැක්වීමේ උත්සවයක්වත් කළේ නැහැ.ඒකට හේතුව තමයි මම දන්න මිනිස්සු ටිකකට එන්න කියලා ඒ අයටම කියලා හොඳ අහගන්න වුවමනාවක් මට තිබුණේ නැහැ.ඒ අයටම පොත විකුණන්න ඕනේ වුණේ නැහැ. මට ඕනෑ වුණේ මේ පොත කවුරු හරි කියවන පාඨකයෙක් කියවලා ඒකේ  සැබෑ ප්‍රතිචාරය ලේඛකයා විදියට විඳගන්න.රැල්ලට ආපු පොත් වලටත් හොඳ නම් සමාජ වටිනාකමක් ලැබේවි.ඒවා හොඳ නැත්තං පාඨකයාම ඒවා ප්‍රතික්ෂේප කරන දවසකුත් ඒවි.

 

"ශේවේත අග්නි" සදහා ලැබෙන ප්‍රතිචාරය කොහොමද ?

ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.ඒ ගැන ලොකු සතුටක් මට තිබෙනවා.මට තියෙන ලොකුම සතුට තමයි පාඨකයන්ගේ ප්‍රතිචාරය.ඒක තමයි ලේඛකයකුට ලැබෙන ඉහළම වටිනාකම විදියට මම විශ්වාස කරන්නේ.මේ දිනවල මම අලුත් ටෙලි නාට්‍යයකුත් රචනා කරමින් සිටිනවා.ඒ අතරේ මගේ නවකතාව පාඨකයා අතරට ගෙනි යා හැකි ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරමිනුත් සිටිනවා.ආප්ප බානවා වගේ එක දිගට නිර්මාණ කරන්න මම සූදානම් නැහැ.මෙතනින් පස්සේ මේ ලැබුණු ප්‍රතිචාර එක්ක හොඳ හුස්මක් අරගෙන අලුත් නවකතාවක් රචනා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 



අදහස් (0)

මාකටිං කියන්නෙත් සාහිත්‍යයේම කෑල්ලක් - නිදුක් මදුෂික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1572 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site