IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අද පළවන කවි නැවත සංස්කරණය විය යුතුයි

තුරුණු මඬල

 

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට  රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි.  මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදාංශයක් ලෙස සලකා එහි නිරත වේ.

 විවේක කාලය කවි පොත් කියවීමටත් ලිවීමටත් යොදවන බව ඔහු පවසයි.  දැනට මහනුවර සිට සාහිත්‍යයකරණයේ යෙදී සිටින ප්‍රසාද් සමග ලංකාදීප මතුමහල කළ සංවාදයකි මෙි.

 

* ඔබ කවියට යොමු වන්නේ මොන කාලයේ ද? 

මම  කුඩා කාලයේ සිට කවියට ආසක්තයි.  මගේ කුඩා කාලය ගෙවුණේ ඒ දවස්වල ඉතාම පිටිසර වූ රත්නපුර දිස්තික්කයේ කලවාන කියන ගමේ.  මගේ මවුපියන් දෙදෙනාම සිංහල භාෂාව විෂය ඉගැන්වූ ගුරුවරු.  ඔවුන් සමග මම පසුකාලීනවත් තරගෙට කවි කිව්වා.  ඒ ආභාසය මට පොඩි කාලයේ දී ඉඳලම ලැබුණා.  

මම අවුරුදු 6-17 කාලයේ කුඩා කවි පොතක් රචනා කළා.    ඒ දිනවල සිට අද දක්වා කවි රචනා කළත් පොත් ලෙස ප්‍රකාශ කළේ ළඟදී.

 

*ඔබ පළ කළ කෘති ගැන හැඳින්වීමක් කරන්න.

මම කවි පොත් තුනක් පළ කරලා තියෙනවා.

බෝසතුන් සහ බෝ සතුන්

ධම්මපදය සිව්පදයෙන්  සහ 

ගමන් සහ ගිමන්  ලෙස. ඒ පොත් පාඨකයා ආද⁣රයෙන් වැලඳගෙන තිබෙනවා.

 

* ඔබ වෛද්‍යවරයෙක්.  ඔබ වැනි කාර්ය බහුල අයකුට කවි ලිවීම සඳහා කාලය හොයාගන්න පුළුවන් ද ?

වෛද්‍යවරයෙක් වීම කවි ලියන්න අනුබලයක් මිස බාධාවක් නොවෙයි.  ආදිකාලයේ සිටම වෙද්‍යවරුන් කලා කටයුතුවල යෙදිලා තිබෙනවා.  ලංකාවේ පමණක් නොව විදේශවල පවා. අන්ටන් චෙ⁣කොෆ්, ස්පිට්ල්, විදේශීය වශයෙනුත් ගුණදාස අමරසේකර, කාලෝ ෆොන්සේකා දේශීය වශයෙනුත් උදාහරණ ලෙස දැක්විය හැකියි.  

 

මීට අමතරව බොහෝ ක්ෂේත්‍රත්‍වල (දේශපාලන, ව්‍යාපාරික වැනි ක්ෂේත්‍රවල)වෛද්‍යවරුන් යෙදී සිටිනු දැකිය හැකියි.  

මහගමසේකර  කියලා තියෙන දෙයක් තමයි  සිගරැට් කොලේක දුම්රියේ යන ගමන් ලියන්න ඔහුට කවියක් තියෙනවා කියන එක.  දෙවැන්න  නම් කවි කියන එක කාලය තිබුණු පළියටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.  අනුභූතියක් එක්ක එය නිරායාසයෙන් එන දෙයක්.  කවියක් හැදීම දරුවෙක් හදනව වගේ වැඩක්.  බීජයක් මනසේ පිළිසිඳගෙන එය මෝරන්න ඕනෑ.

 

*ඔබ කවි ලිවීම සඳහා කවි නිමිති සොයා ගන්නේ කෙසේ ද?

කවි නිමිති හැමවිටම හැම තැනම තිබෙනවා.  ඒවා කවි බවට පත් කිරීමේ හැකියාවයි කවියෙක් කරන්නේ.  ඒ සඳහා මූලික වශයෙන් ප්‍රතිභාව, ප්‍රඥාව සහ පරිණත භාවයක් අවශ්‍යයි.  ප්‍රතිභාව කියන්නේ ජානමය දෙයක්.  මට එවැන්නක් ඇත්නම් එය මගේ මවුපියන්ගෙන් ලැබුණා යැයි මම සිතනවා.  වෛද්‍යවරයෙක් වීමේදී සියලුම ජාන ස්ථරවල මනසට ඇතුළුවීමේ හැකියාවක් තියෙනවා.

මෙය විශාල වාසියක්. කවියක් යනු සියුම් මිනිස් හැඟීම් සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කිරීමයි.

 

*කවිය ගැන ඔබේ නිර්වචනය?

කවියට මගේ පුද්ගලික නිර්වචනයක් නැහැ.  එහෙත් මා පිළිපදින නිර්නායක තිබෙනවා.  කවියක් නම් චමත්කාර ජනක විස්මය උපදවනසුලු විය යුතුයි.  එය භාවාත්මක (හැඟීම්වලට අමතන) විය යුතුයි.  අපූර්ව (පෙර නොදුටු), අව්‍යාජ, සංයමයෙන් යුත් ප්‍රකාශනයක් විය යුතුයි.  ජිවිතය පිළිබඳ ප්‍රඥාවක් ඇති කරන්න පුළුවන් නම් හොඳයි.  කවියක් බිහිවීමට කවියාගේ මනස මේ නිර්නායකයන්ට සුසර කර තිබිය යුතුයි.

 

*කවි පොතකින් පිටපත් 250ක් වත් අලෙවිකර ගැනිමට නොහැකි යයි සමහරු චෝදනා කරනවා.  ඒ චෝදනාව ඔබත් කරනවා ද?

මෙය හා මා එකඟ වෙනවා.  මීට බොහෝ හේතු තිබෙනවා.  

සමාජය කවියා හා සවිඥානික වී නැහැ.  දේශපාන අධිකාරිත්වය, අධ්‍යාපන ක්‍රමය, පවුල් සංස්ථාව කලා රස වින්දනයට එතරම් තැනක් 1948 සිටම දී නැහැ.  කවිය පමණක් හැදෑරීමෙන් රැකියාවක් සපයා ගත නොහැකි සත්‍යය අප අවබෝධ කර ගත යුතුයි.

එසේම කවියට ප්‍රමිතියක් දෙන තැනක් නැහැ.  මා සිතන්නේ පළවන බොහෝ කවි පොත් (මාගේ පොත් ඇතුළුව) සංස්කරණය විය යුතු බවයි.  සංස්කෘතික අමාත්‍යාංශයෙන් මේ සඳහා පියවර ගත යුතුයි.  කවීන්ට මාර්ගෝපදේශයක් දෙන අංශයක් පිහිටුවිය යුතුයි.  

ආර්ථික වශයෙන් පිඩාවට පත්ව සිටින සමාජය කවි පොත්වලට ප්‍රමුඛත්වයක් නොදෙයි.

ඕනෑම නිෂ්පාදනයක් ජනතාවට අතරට ගෙනයාමට ක්‍රමවේදයක් ඇත.

නිෂ්පාදනයේ ප්‍රමිතිය, ප්‍රචාරය, මිල සහ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව මේ අතර වේ.  කවි පොත්වල මේ අංශයන්හි පසුබෑමක් තිබෙනවා.  

වඩාත්ම වැදගත් දේ වන්නේ විද්‍යාව ආර්ථිකය කෙතරම් දියුණු වුණත් සිතේ සතුට ලබා ගැනීමට අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍ය බවයි.  මෙම අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට කලාව මහගු පිටිවහලක් වන බව සමාජයට ඒත්තු ගැන්විය යුතුයි.

 

*සංදේශ කාව්‍ය රචනා කරන කාලය වගේ කවීත්වය තිබෙන පිරිස් අඩු බවට සමහරු චෝදනා කරනවා.  ඒ චෝදනාව ඔබත් කරනවා ද?

මම එය හා එකඟ වෙනවා..  එදා තත්වයත් අද තත්වයත් සෑම අතින්ම අහසට පොළොව වගේ.  කවිය සඳහා පූර්ණකාලීනව යෙදිය හැකි අය අද නැත.  කවිත්වය යනු ප්‍රතිභාවයි.  එවැනි කවීන් ද කවි රස විඳින්නන් ද දුලබ බව ප්‍රසිද්ධ වැකියකි.  (පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ)  අනෙක කාලයත් සමගම සියල්ල වෙනස් වෙනවා සේම කවිය ද වෙනස් විය යුතුයි.

 

*අනුකරණය සහ අනුගමනය යනු දෙකක්.  ඔබටත් ආභාසය ලුබුණු නිර්මාණකරුවන් සිටී ද?

මම බොහෝ කවි පොත් පරිහරණය කරනවා..  මම දන්නා විදියට එවැනි ආභාසයක් නැහැ..  එහෙත් මගේ පොත් බලන අයට මගේ පොත්වල එවැනි ආභාසයක් තිබේ යැයි කිව හැකියි.

 

*ඔබ කවි ලියන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් ද ? නැතිනම් ජනතා සම්මානය සඳහා ද ?

කිසිදා සම්මානයක් උදෙසා කවි ලියන්න බැහැ.  කවියක් යනු හදවත් ප්‍රකාශනයක්.   සම්මාන ලැබුණත් නැතත් එය එයමය.  එහෙත් විද්වතුන්ට එය වඩා උසස් රචනාවක් ලෙස සකස් කළ හැකියි.  .  එහෙත් සම්මාන දීම හොඳයි.  සම්මානයෙන් කෘතියක් , කෘතියෙන් සම්මානයත් දෙකෙන්ම විනිශ්චය මණ්ඩලයත් බැබළිය හැකි බව මම හිතනවා..

 

*මේ දිනවල ඔබ යෙදී සිටින අනෙකුත් නිර්මාණ කටයුතු දැනගන්න කැමතියි.

මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණය මේ වසරේ එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.  ඊට අමතරව මාගේ සිව්වන කාව්‍ය සංග්‍රහය සඳහා සූදානම් වෙමින් සිටිනවා.



අදහස් (0)

අද පළවන කවි නැවත සංස්කරණය විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17137 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site