

සුපුන් අතුකෝරළ විවිධාකාර භූමිකා ඔස්සේ පාඨක ඔබට හමුවන චරිතයකි. මුලින්ම හොඳ රසිකයකු සේම කියවන්නකු වන ඔහු කවියකු, ලේඛකයකු මෙන්ම නිදහස් මාධ්‍යවේදියකු ලෙසද ඉන් පසු අපට මුණ ගැසේ.වෘත්තියෙන් රාජ්‍ය බැංකුවක මාධ්‍ය සම්බන්ධිකාරකවරයා ලෙස කටයුතු කරන සුපුන් ලංකාදීප මතුමහල සංවාදයෙන් මෙවර අපට මුණ ගැසේ.
*සාහිත්‍ය කලාවට ලිවීමට ඇල්ම පාසල් යන කාලයේ ඉඳන් තිබුණාද?
ඔව්. මම කුඩා කාලයේ ඉඳන්ම පත්තර, සඟරාවලට ලිව්වා. ඒවා බොහෝමයක් පළ වුණා. ඒ වගේම මං අධ්‍යාපනය ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ලේකම් ලෙස කටයුතු කළා. මගේ මාධ්‍ය හා ලේඛන දිවියට පාසලෙන් විශාල පන්නරයක් ලැබුණා.
*ඔබ කවියෙක් විදියට කාව්‍ය සංග්‍රයක් නිකුත් කර කාලයක් වෙනවා. එතනින් පසු නැවත කවිපොතක් කළේ නැත්තේ ඇයි?
ඇත්තටම මං අවසන් කවි පොත කරලා දැනට අවුරුදු හතරක් වෙනවා. කවි කියන දේ ලියවෙන්නේ හිමි හිමින්. එහෙත් ලියූ සහ ලියවෙමින් පවතින කවි ටිකක් දැනට එකතු වෙලා තියෙනවා. පළමුවෙන් ඒ කවි පිළිබඳ මා සෑහිමකට පත් විය යුතුයි. මගේ කවිවල පළමු රසිකයා මමයි. බොහෝ දුරට ඉදිරියේදි මගේ කෙටි කවි පොතක් නිකුත් වෙයි.
*ඔබේ නවතම කෘතිය "අහස් ගඟ" තීරු ලිපි සංග්‍රහය පසුගියදා නිකුත් වුණා. ඔබ තීරු ලිපි මාධ්‍යය හඳුනාගන්නේ කවර ආකාරයටද?
පුවත්පත් කලාව සම්බන්ධයෙන් කතා කරන විට තීරු ලිපිය කියන මාධ්‍යය කිසිසේත්ම මඟ හැර යන්න බැහැ. මුල් කාලයේදි ප්‍රධාන ලිපිය පිටුවකට ගැළපෙන පරිදි සැලසුම් කරද්දි ඉතිරි වන ඉඩ ප්‍රමාණය පුරවන්න තීරු ලිපි පළ කළ බව සඳහන් වුවත් ඕනෑම පුවත්පතක අනිවාර්ය විශේෂාංගයක් බවට පත්ව තිබෙනවා.
තීරු ලිපිය කියන්නේ සංක්ෂිප්ත, එහෙත් ප්‍රබල මාධ්‍යයක්. ඒ වගේම සීමාසහිත වචන ප්‍රමාණයකින් තම අදහස ඉදිරිපත් කළ යුතු නිසා එය ලිවීම පිළිබඳ හොඳ අභ්‍යාසයක්ද වෙනවා.
*ඔබේ නවතම තීරු ලිපි සංග්‍රහය පුවත්පතක පළ වූ තීරු ලිපි එකතුවක්. ඒ සඳහා ඔබ යොදා ගත් තේමා පසුකාලීනව පොතක් බවට පත් කිරීමේදී මාතෘකා පැරැණි වන්නේ නැතිද?
මම හිතන්නේ එසේ වන්නේ නැහැ. මොකද අහස් ගඟ තීරු ලිපි මාලාවේ
සමන්විත වන්නේ ලෝක ඉතිහාසයේ සුවිශේෂ බලපෑම් සහගත සිදුවීම්වල, ලෝ පතළ ඡායාරූපවල, කලා නිර්මාණවල හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවල නොදුටු සැඟවුණු බොහෝ දේවල්වලින්. ඒ නිසා මෙහි ඇතුළත් කරුණු එක්තරා කාලයකට පමණක් සීමාවෙන්නේ නැහැ. අනික පුවත්පතේ පළවූ ලිපිවල තොරතුරු පොත පළකිරීමේදි යාවත්කාලීන කිරීමටද මම කටයුතු කළා.
*සාහිත්‍ය මාසයේ මේ කාලය වන විට සාහිත්‍ය ප්‍රබෝධයෙන් ඇළලෙනවා.මෙවර ඡන්ද උණුසුමට සාහිත්‍ය උණුසුමත් හේදී ගියාද?
මම හිතන්නේ ඡන්ද උණුසුමින් සාහිත්‍යය ප්‍රබෝධයට ලොකු බලපෑමක් වුණේ නැහැ කියලයි. ඡන්ද උණුසුම වගේම සාහිත්‍ය කටයුතුත් සමාන්තරව ගලාගියා. අනෙක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙත් ජනාධිපතිවරණය අවසන් වෙලා සතියකින් පමණ අනතුරුව. ඒ නිසා ඡන්ද කටයුතුවලින් සාහිත්‍ය ප්‍රබෝධයට ලොකු බලපෑමක් සිදු නොවුණු බවයි මගේ මතය.
*ඔබ වෘත්තියෙන් බැංකුකරුවෙක්.වෘත්තීය ජීවිතය හා සාහිත්‍ය ජීවිතය සමබර කරගෙන පවත්වාගෙන යන්නේ කොහොමද?
විශේෂයෙන් මෙහිදී මගේ රාජකාරි කරන බැංකු ආයතනයේ කළමනාකාරිත්වයෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ.ච මීට අට වසරකට පෙර පළමු පොත ප්‍රකාශනයට පත්කරන කාලයේ ඉඳන්ම රාජකාරි ස්ථානයෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මා වෘත්තියෙන් මාධ්‍ය සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන නිසාම රාජකාරි කටයුතු සමඟ කලා, මාධ්‍ය කටයුතු සහ සම්බන්ධතා බැඳී පවතිනවා. ඒ නිසා මෙම අංශ දෙකම සමබර කරගෙව ඉදිරියට යාමට මට අවස්ථාව ලැබී තිබෙනවා.
*ඔබ පොතක් මාර්කට් කිරීමේ රටාව ගැනත් උනන්දුවකින් කටයුතු කරන බව පේනවා.ඒ අත්දැකීම ගැන යමක් කියමු.
අප සිදුකරන නිර්මාණයක් පාඨකයා අතරට හැකිතාක් යැවිය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඒ සඳහා භාවිත කළ හැකි අවස්ථා උපයෝගි කරගැනීමට මම පසුබට වන්නේ නැහැ. පොත් පාඨකයා අතර වැඩි වැඩියෙන් යන තරමටයි ග්‍රන්ථ කර්මාන්තය වුණත් දියුණු වෙන්නේ.
*මේ මොහොතේ වැඩිපුරම පාඨකයාගේ උනන්දුව තියෙන්නේ කවර සාහිත්‍ය ඉසව් කෙරෙහිද?
සමස්තයක් ලෙස ගත්තොත් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළම පිබිදීමක් තියෙනවා. ස්වර්ණ පුස්තක වැනි සම්මාන උළෙල පැවැත්වීමත් සමඟ නවකතාව කෙරෙහි දැඩි උද්යෝගයක් තියෙනවා. ඒ වගේම කවි,කෙටි කතා සහ පරිවර්තන කෙරෙහිත් ස්ථිර පාඨක පිරිසක් සිටිනවා.
*මේ දවස්වල අලුත් සාහිත්‍ය ක්‍රියාකාරකම් මොනවාද?
මගේ රාජකාරි ස්ථානයේ ප්‍රකාශයට පත්කරන සඟරා දෙකක සංස්කරණ කටයුතුවල නිරතවෙනවා. ඒ වගේම මාගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය වන කවිය සමඟ ගනුදෙනු කරන ගමන් 'අහස් ගඟ' තිරු ලිපි මාලාවට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ අවදියෙන් සිටිනවා. කෙටි කවි පිළිබඳවත් යම් හැදෑරිමක නිරත වෙනවා.
*ප්‍රකාශකයෙකු සමග පොතක් කිරීම ලේඛකයෙකුට පහසුවක්ද?
ප්‍රකාශකයෙක් සමඟ වැඩ කරන විට පොත් බෙදාහැරීම, අලෙවි කිරීම අතින් යම්කිසි පහසුවක් ලේඛකයාට තියෙනවා. ඒ්ත් ප්‍රකාශකයෙකු සම්බන්ධ කටයුතු කිරීම පිළිබඳ මට ඇත්තේ මධ්‍යස්ථ අදහසක්. ලේඛකයා වගේම ප්‍රකාශකයාත් තම වැඩේට අවංක වෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ප්‍රකාශයෙක් සිටියත් ලංකාවේ ඇති සීමිත පාඨක සමාජය තුළ අලෙවිකරණ කටයුතුත් බොහෝ විට ලේඛකයා මතම පැවරෙනවා. පොත් ප්‍රකාශනයට අමතරව ප්‍රකාශකයන් අලෙවිකරණ කටයුතු සඳහාත් සහාය දෙනවා නම් හොඳයි කියන එක මගේ අදහස.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද උණුසුමින් සාහිත්‍යයට බලපෑමක් වුණේ නෑ