IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එදා බිහිවුණු ගැඹුරු නිර්මාණ අද නැහැ - සම්මානලාභී ලේඛක පද්මසිරි ජයතිලක

තුරුණු මඬල

 

වයස 84  ක් වුවත්  තවමත් ඔහු කඩිසර තරුණයෙකු සේ සාහිත්‍ය ලෝකයේ උනන්දුවෙන් කටයුතු කරයි. ඔහු හිටපු විශ්‍රාමික ගණිත ගුරුවරයෙකි. විශ්‍රාම දිවියට පා තැබූ පසු තවත් අවුරුදු කීපයක් බැංකුවක සේවය කළ ඔහු  ඉනික්බිතිව සාහිත්‍යය නිර්මාණය කෙරේ  සිත යොමුකළේය.විශේෂයෙන් කාව්‍ය කරණයට ඔහුගේ ලොකු ඇල්මක් ඇතිවිය. දැන් ඉතා සැහැල්ලු  ජීවිතයක් ගත කරමින් සාහිත්‍යකරණයේ නිරත වන පද්මසිරි ජයතිලක   මෙවර මතුමහල සාහිත්‍ය සංවාදයට ආරාධනා කළෙමු. ඊට හේතුව පසුගියදා පැවති ගොඩගේ සාහිත්‍ය උළෙලේදී හොඳම ඉංග්‍රීසි කාව්‍ය කෘතියට සම්මාන හිම් කරගත්තේ ඔහුය.ඒ Widhight dew කෘතිය වෙනුවෙනි.මේ ඔහු සමග සිදුකළ සංවාදයකි.         

                        

* මෙවර ගොඩගේ ඉංග්‍රීසි කාව්‍ය තරගයේ සම්මාන ලබන්නේ ඔබ . ඒ ගැන ඔබට දැනෙන දේ දැන ගැනීමට මුලින්ම කැමතියි ?                  
   
ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා . එහෙත්  මා එමගින්  උද්දාමයට පත්වන්නේ නැහැ.. තවත් නිර්මාණ කිරීමට යුහුසුලු වනවා.අපි නිර්මාණ කරන්නේ ජනතාව වෙනුවෙන් .ජනතාවට අමතරව කිසියම් සාහිත්‍ය මණ්ඩලයක් මගින් අපේ නිර්මාණ ඇගයීමට ලක් වුණාම ඒක වෙනම සතුටක්.හැබැයි ඒකේන් ආඩම්බර වෙන්න හොඳ නැහැ.අපි පුළුවන් තරම් කරන්න ඕනෑ  තව තවත් හැදෑරීමයි.    

 

* ඔබ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් යන දෙකෙන්ම නිර්මාණකරණයේ යෙදෙනවාද?  වඩා කැමති කුමන මාධ්‍යයටද?                        

මම වඩා කැමති සිංහලෙන් ලිවීමටයි. මොකද සිංහල භාෂාව තමයි අපේ මවු භාෂාව.අපි ඉංග්‍රීසියෙන් මොන නිර්මාණ කළත් සිංහලෙන් ලියන්නත් මම බොහෝ කැමතියි.  මට ලියනවා කියන හැඟීම දැනෙන්නේ එතකොට.කොහොම නමුත් මම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පෙලඹුණේ මට තේරූණා ඉංග්‍රීසියෙන් ලියන අය අඩුයි කියලා.මම කාලයක් ඉංග්‍රීසි භාෂාවෙන් මෙරට පළවෙන පොත් පිළිබදව අධ්‍යයයනය කළා.ඒ අධ්‍යනයෙන් පස්සේ තමයි මගේම කෘතියක් පළ කරන්න  කල්පනා කළේ.       

               

  * මීට පෙර  ඔබ පළකළ සාහිත්‍යය කෘති මොනවාද?                        

මා විශේෂයෙන් ළමා සාහිත්‍යය යටතේ පොත් කීපයක් පුස්තකාල සේවා මණ්ඩල අනුග්‍රහය යටතේ පළ කර තිබෙනවා සාහිත්‍යකරුවෙකු ලෙස ඉස්සරහට එන්න ඒ අනුග්‍රහයන් මට බොහෝ සේ උපකාරී වුණා.එවැනි අනුග්‍රහයක් නැතිවුණා නම්  මම බොහෝ විට සාහිත්‍යකරුවෙක් විදියට ඉස්සරහට එන්න අවස්ථාව නැති වෙන්න තිබුණා .ඒ අත්දැකීම් එක්ක තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නත් මට පන්නරය ලැබුවේ.

         

 * ඔබ කවියට වස්තු විෂය කරගන්නා මාතෘකා මොනවාද?       

  මගේ මාතෘකා බොහොමයක් පරිසරය හා මිනිසා අතර අන්තර් සම්බන්ධතාව ගැන ලියවුණු නිර්මාණ . ඊට හේතුව තමයි මා දකින විදියට මිනිසාගේ  බොහොමයක් ගැටලුවලට හේතුව මේ සම්බන්ධතාව නොසලකා හැරීමයි. ඒ නිසා පුළුවන් තරම් ඒ පැත්ත ගැන අවධානය යොමු කරන්න මම උත්සාහ කළා.

          

  * ජීවිතේ මුහුකුරා ගිය    අත්දැකීම් එක්ක ලංකාවේ සාහිත්‍ය කලාව දෙස ආපසු හැරී බැලීමේදී මොකද හිතෙන්නේ.    ?                     

සාහිත්‍යය  පිළිබඳව   මහත් පිබිදීමකට දැන් අපේ රට ඇව්ත් තිබෙනවා. ඒක සතුටට කරුණක්.එහෙත් 1960 - 70 දශක වලදී තරම් ගැ‍ඹුරු ලෙස කළ නිර්මාණ අද බිහිවන්නේ අල්ප වශයෙන්.ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා.ඒකට හේතුව තමයි පාසල් අධ්‍යාපනයෙන් පවා අද උගත් දරුවන් බිහිවනවා විනා නිර්මාණශීලී දරුවෙක් බිහිවෙන්න පාර කැපෙන්නේ නැහැ.ඒක කනගාටුවට කරුණක්.පිට රටවල ගත්තොත් එදා අම්මා වැනි විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ බිහි වුණා සේම අදටත් හොද සාහිත්‍ය නිර්මාණ බිහිවෙනවා.ඒත් අපි හැමදාම කතා කරන්නේ ගම්පෙරළිය,යුගාන්තය ගැන පමණයි.තව අවුරුදු 100 ක් ගියත් කතා කරන්න වෙන්නේ මේ නිර්මාණ ගැන විතරනම් ඒක මම දකින්නේ ලොකු ඛේදවාචකයක් විදියටයි. 

            

*සිංහල කවියේ සදැස් නිසැදස් ලෙස   විවිධ බෙදීම් තිබෙනවා. ඉංග්‍රීසි කවියේත් එවැනි බෙදීම් තිබෙනවාද?     

එහෙම බෙදීමක් ඉංග්‍රීසි කවියේ නැහැ. . එහෙත් විවිධ කාව්‍ය වර්ග තිබෙනවා. එමෙන්ම නොයෙකුත් පර්යේෂණවල ඉංග්‍රීසි කවියේ තිබෙනවා.ඉංග්‍රීසි කවිය සිංහල කවියට සාපේක්ෂව වේගයෙන් ඉදිරියට ඇද⁣මින් තිබෙනවා.                      

*මෙම පොත මේ නමින් නම් කිරීමට හේතුවක් තියෙනවාද?                       

ඔව්. මා පෙර කිවූ පරිදි පරිසරයත් මිනිසාත් අතර ඇති  සුන්දර සබඳතාව අමතක කර දමා තිබෙනවා. කවරයේ ඇති කවියෙන් කියන්නේ මැදියමෙන් පසු වැටෙන පිනි බින්දු පත් මත සෝදා හරින බවයි. සොබාදහම සැමවිටම සැදී පැහැදී සිටින්නේ මිනිසාගේ කුණු කන්දල් සෝදා හැරීමටයි.       

               

* ඔබ කැමැත්තක් දක්වන අනෙකුත් සාහිත්‍යය ඉසව්  මොනවාද?                          

මා බොහෝ කාලයක සිට කෙටි කතාවට ලොකු කැමැත්තකින් හිටියා.ඒ වගේම මා බොහෝ කෙටිකතා ප්‍රමාණයක් කියවා තිබෙනවා.ඒවායින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් මම ලබා ගත්තා .ඒ වගේම මම මෙතෙක් කුරුටුගාපු කෙටි කතා ප්‍රමාණයක් තිබෙනවා.ඒවා ඉදිරියේදී සංස්කරණය කරලා කෙටිකතා පොතක් එළිදක්වන්නත් මා බොහෝ ආසාවෙන් පසුවෙනවා.       

             .  

*මේ දිනවල ඔබ නිරත වී සිටින සාහිත්‍ය නිර්මාණ මොනවාද?

මේ දිනවල මා අලුතින් සාහිත්‍ය නිර්මාණ කටයුත්තක යෙදී සිටිනවා.ඒ තමයි ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය ඇසුරෙන්  කෙටි කාව්‍ය සිංහලෙන් ලියමින් යනවා.මේ කෘතියත් ඉතා ඉක්මනින් පළ කිරීම තමයි මගේ අරමුණ .



අදහස් (1)

එදා බිහිවුණු ගැඹුරු නිර්මාණ අද නැහැ - සම්මානලාභී ලේඛක පද්මසිරි ජයතිලක

Sharmila Danwatte Wednesday, 04 December 2024 08:52 AM

සුභ පැතුම් එක්කරමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site