ඔන්න ඉතින් ට්‍රැක්ලන්තෙට මොනා ලියන්නද කියලා කල්පනා කර කර ඉද්දි මට හිතුනා නිකමට වගේ නිවුස් සයිට්වල පත්තරවල මොකද වෙන්නේ කියලා බලන්න. ලංකාදීප පත්තරේකුත් දිග ඇරගෙන මේ දවස්වල රටේ තත්වේ බලන්න ගත්තා. මේං තියනවා මරු නිව්ස් ටිකක්.
ජීවිතේට දුම්රිය ප්‍රමාදවීම්, දුම්රිය පීලි පැනීම් සිදු නොවන රටවල් අතුරින් ට්‍රැක්ලන්තේ පළමු ස්ථානයට. දේශද්‍රෝහියෝ නම් කියයි. මොන බොරුද මේ කියලා. ඇත්තටම මහ ජනතාව වෙනුවෙන්ම වැඩ කරන පාලනාධිකාරියක් ඉන්න මේ රටේ දුම්රිය ප්‍රමාදවීම් කොහොම වෙන්නද. මිනිස්සු කිසිම දවසක රස්සාවලට යන්න බැරුව ස්ටේෂන් වල රස්තියාදු වෙලා නෑ. 6.00 එන දුම්රිය කවදාවත් පරක්කු වෙන්නෙ නෑ. 5.59 වත් 6.01 වත් නෙමෙයි. 6 නම් 6 . අන්න එහෙමයි අපේ කෝච්චි. කිසිම දවසක උද්ඝෝෂණ නෑ. පඩි ඉල්ලලා වර්ජන කරන්නේ නෑ. රට වෙනුවෙන් සේවය කරන්න කැප වුණ මිනිස්සු. අනික පඩි වැඩි කරන්න කියලා වර්ජන කරන්න තරම් ට්‍රැක්වාසීන්ට ආර්ථිකමය වශයෙන් කිසිම අහේනියක් නෑ. අන්නෙහෙමයි අපේ රට. ඉන්දියන් සාගරේ මුතු ඇටය නෙමෙයි. ඉන්දියන් සාගරයේ චූටි මැණික කිව්වත් කමක් නෑ.
ඒ ඇරුනම අපේ ක්‍රිකට් ටීම් එක. ආයේ ඉතින් මැච් එකකට ගියොත් දිනුම්. වෙන රටවල වගේ බුකියේ ක්‍රිකට් හෑලි ලියන්න ඕනෙත් නෑ. කවදාවත් පරදින්නේ නෑ. මං හිතන්නේ අපේ ක්‍රිකට් ටීම් එකට දිනලම මහන්සි ඇති. අනිත් රටවල වගේ මැච් පරදිනවා කියලා කමිටු පත්කරන් බලධාරීන් අරයට මෙයාට ඇගිල්ල දික් කරන්න අවශ්‍ය නෑ. අපිට හුරේ දාලම ඇතිවෙලා තියෙන්නේ.
කිසිම ආර්ථික අපහසුතාවක් නැති අපේ රට ඇමරිකාව, එංගලන්තය වගේ නැතිබැරි රටවල් වලට ණය දෙනවා. පව්නේ ඉතින්. ණය දීලා දීලා ඒගොල්ලොන්ට ගෙවාගන්න බැරි උනාම , අපේ රටේ ඇත්තෝ එංගලන්තෙටයි , ඇමරිකාවටයි අපේ රටේ නම දායි. වැඩියෙන්ම රටේ ඇත්තෝ ණය දෙන්නේ චීනෙට. පව්නේ හරි අහිංසක මිනිස්සු. ඒ රටේ වරායන් ෂොපින් මෝල් එහෙමත් අපිට බදු දීලා තියෙන්නේ.
පාස්කු ප්‍රහාරය උනත් බලන්නකෝ අවුරුදු ගණන් කල් ගියේ නෑ. වගකිවයුතු වැරදි කාරයෝ හොයාගත්තා ක්ෂණිකව නඩු දැම්මා. ඒ විතරක්ද පාස්කු ප්‍රහාරයෙන් පීඩිත ප්‍රජාවට උපරිම සාධාරණෙත් ඉටු කළා. එවකට හිටපු ජනාධිපති ඇතුලු ආරක්ෂක ප්‍රධානීන් පවා වරද පිළි අරන් තනතුරුවලින් ඉවත් වුණා. අනේ ඉතින් මෙයාලට අර කුකුල් චමින්ද කියන පියා ලව්වා බත් කවන්න ඕනේ.
පාර්ලිමේන්තුව වුණත් බලන්නකෝ කිසිම කල කෝලාහලයක් නැති හරි සෞම්‍ය තැනක් නේ. වෙන රටවල් වල වගේ මන්ත්‍රීලා , ඇමතිලා ඇණකොටා ගන්නේ නෑ. මන්ත්‍රීවරු, ඇමතිවරු ඇවිදිනකොට ඝාණ්ටාර සද්දේ ඇහෙනවා මුලු පළාතම සිල් සුවදයි. ට්‍රැක්වාසීන් උනත් පුදුම ආදරෙයි. බුකියේ සටහන් වලත් යහපත් දේවල්මයි ලියැවෙන්නේ. 225 ම මවුබිම වෙනුවෙන් තමා මේ හැමදේම. කිසිම බල තන්හාවක් නෑ. කිසිම අමාත්‍යංශයක ස්ට්‍රයික් නෑ. විශ්ව විද්‍යාලවල ස්ට්‍රයික් නෑ. තැපැල් ස්ට්‍රයික් නෑ. දුම් රිය ස්ට්‍රයික් නෑ . ඩෙංගු පැතිරීමෙ අවදානම් වලට විසඳුම් අරන් ආසාවට ඩෙංගු රෝගියෙක් නෑ. කිසිම ඖෂධ හිගයක් නෑ. කොච්චර පිටිසර පළාතකට ගියත් සියලු සැපපහසුකම් සහිත හොස්පිට්ල් හැමතැනම. මැති ඇමතිවරුත් පොරකනවා ජාතික රෝහල් වලට යන්න. වෙන රටවල් වල මැති ඇමතිලා, ජනාධිපතිවරුත් එනවා අපේ රටට ජාතික රෝහල්වලින් බෙහෙත් ගන්න. මේ ලඟදී ඉන්දීය අගමැති ආවා කළුබෝවිල රෝහලට. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න. රට කරවන උන්දැලා ජනතා බදු මුදලින් සැප විඳින්නේ නෑ. ජනතාව වෙනුවෙන් උණ්ඩකපුච්චේ උනත් ගලවල දෙන්න සූදානම් උත්තමයෝ තමා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම. හැමෝම එකතුවෙලා සමගියෙන් රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. අනේහ් ඉතින් මේ 225 ටම මං නම් කියන්නේ කුකුල් චමින්දලා 10 ක් 20 ක් විතර දම්මලා. වටකරලා බත් කවවන්න ඕනේ.
ඔන්න ඔහොමයි රටේ තත්ත්වේ. ට්‍රැක්ලන්තේ ලියන්නම රටේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් දීලමද කොහෙද දැන්නම් මටත් ට්‍රැක්.
ජයනි සිතාරි අල්විස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කිසිදා ට්‍රැක් නොපනින ට්‍රැක් ලන්තය