IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ වැදගත්කම

සිංහල අවුරුදු චාරිත්‍රවල හිසතෙල් ගෑමේ චාරිත්‍රය මෙවර යෙදී ඇත්තේ 16 වැනිදාටය. එය ජ්‍යොතිෂවේදීන් දක්වා ඇත්තේ මෙසේය. ‘අප්‍රේල් මස 16 වෙනි ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹපාට) වස්ත්‍රාභරණයෙන් සැරැසී දකුණු දිසාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුගපත්ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි’ යනුවෙනි.   


මහනුවර යුගයේ සිංහල රජවරුන් ඉටුකළ අවුරුදු චාරිත්‍රවල වැදගත් තැන හිමිවී තිබුණේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයටය. ඒ බව 2 වැනි රාජසිංහ රජු සමයේ ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් සහ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් මෙරටට පැමිණ සිටි වෛද්‍ය ජෝන් ඩේව් විසින් තබා ඇති සටහන්වලින් මනාව පැහැදිලි වේ.   


අදද ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අවුරුදු චාරිත්‍රවල වැදගත්ම චාරිත්‍රය ලෙස සලකන්නේ හිසතෙල් ගෑමයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය දැකිය හැකිය. ගමේ පන්සලේ නානු පිළියෙල කොට පිරිත් කියා නානු පේ කොට සුභ මොහොතින් ගමේ කවුරුත් පන්සලට එකතු වී හිසතෙල් ගෑමේ චාරිත්‍රය පවත්වා අවුරුදු ගනුදෙනු කොට වැඩ අල්ලන්නේ එයින් පසුවය. එම ප්‍රදේශවල බුලත් හුරුළු ගෙන වැඩිහිටියන්, ගුරුවරුන්, නෑයන් හමුවීමට යන්නේද හිසතෙල් ගෑමෙන් පසුවය.   
මහනුවර රජ දවස අවුරුදු සිරිත් පැවැත්වීමේ වැදගත් තැන හිමිවී තිබුණේ දළදා මාලිගයට සහ රජ මාලිගයටය. අවුරුදු නැකැත් පිළියෙල කළේ දළදා මාළිගාවේ නැකැත් රාලය. හිසතෙල් ගෑම සඳහා නානු පිළියෙල කිරීමට ඖෂධ වට්ටෝරුව නියම කළේ දළදා මාළිගාවේ කාරියකෝරාලය. ඔහු ලබාදෙන ඖෂධ වට්ටෝරුව අනුව නානු පිළියෙල කළේ නාථ දේවාලයේය. එසේ පිළියෙළ කළ නානු මුට්ටි දහසකට පුරවා වැසුම් යොදා රජ මාළිගයට ගෙන යයි. අනතුරුව මහනුවර අවට විහාර දේවාලවලට මෙම යුෂ මුට්ටි බෙදා හරිනු ලැබේ. මෙම චාරිත්‍රයේ වැදගත් තැනක් එදා නාථ දේවාලයට හිමිවී තිබුණ නිසාම වර්තමානයේදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ ප්‍රධාන රාජ්‍ය උත්සවය පවත්වනු ලබන්නේ නාථ දේවාලයේදීය.   


වර්තමානයේදී නාථ දේවාලයේ නානු සෑදීමක් නොකෙරේ. පෙර සිරිතට අනුව දළදා මාළිගාවේ නැකැත්කරුවන් පිළියෙළ කරන නැකතට දළදා මාළිගාවේදීම නානු පිළියෙල කරනු ලැබේ. ඒ සඳහා ඖෂධ වට්ටෝරුව පිළියෙළ කරන්නේ දළදා මාළිගාවේ කාරියකෝරාලය. ඒ අනුව දළදා මාළිගයේදී පිළියෙළ කරන නානු පෙර සිරිතට අනුව උඩරට විහාර දේවාල 83 කට බෙදාහරින බව කාරියකෝරාල කරුණාතිලක මහතා අප සමඟ පැවැසීය. පෙර පරිදි එම නානු නාථ දේවාලයට යවා එහි සිට බෙදා හැරීමක් සිදු නොකෙරේ.   
අවුරුදු මංගල්‍යය රටවැසියන් විසින් ඉතා වැදගත්කොට සැලකූ බව නොක්ස් සඳහන් කර ඇත. ඔහු සඳහන් කරන්නේ අවුරුදු නැකැත් යෙදීමට මසකට පමණ කලින් සිට රටවැසියන් හා රජතුමා ඒ සඳහා සූදානම් වන බවයි. රජ මාලිගයේ දොරටුවක් පාසා තොරණ බැඳ සැරැසිලි කළ බව ඔහු සඳහන් කර ඇත. කණු සතක් හෝ නවයක් මැද කණුව උස්ව සිටින ලෙස සිටුවා හරස් ලී බැඳ එම තොරන් සෑදූ බව දැක්වේ. වර්තමාන කාලයේද මහනුවර ප්‍රදේශයේ සම්ප්‍රදායික තොරන් සාදනු ලබන්නේ මේ ආකාරයටය. තොරන්වල දොරටුවෙහි ආරුක්කු බදනා ලද බවත් තොරන් මුදුනේ හරස් ලීවල ගෙඩි වළලු‍‍ එල්ලා මිනිස්, සිව්පා හා පක්ෂි රූපවලින් යුත් කොඩි බැන්ද බවත් සඳහන් කරයි. මේ ලෙස සැරැසිලි කොට රජ මාලිගය දෙව් විමනක් ලෙස අලංකාර කළ බවද නොක්ස් සඳහන් කර ඇත.   


ඩේව් සඳහන් කරන පරිදි අවුරුදු දා උදෑසන සන්නාහ සන්නද්ධ සේනා මහ පෙළපාලි පවත්වන්නට සූදානම් වෙයි. රජතුමා උදෑසන හිස් සෝදා නා ස්වරණාභරණයෙන් සැරැසී මෙම පෙලපාලි පරීක්ෂා කර බලයි. මේ මොහොතේ ආචාර වෙඩිමුර පවත්වනු ලැබේ.   


හිසතෙල් ගෑමේ නැකත උදාවීමට මොහොතකට කලින් රජතුමා මාලිගයට සැපත් වී සිංහසනාරූඪ වේ. සුබ මොහොත මහජනයාට දැන්වීමට රජමාලිගාවේ කොඩිතුවක්කු වෙඩි පත්තු කරනු ලැබේ. රජතුමා සිංහසනාරූඪ වූ පසු තෝරාගත් කන්‍යාවන් කීප දෙනෙක් දකුණතින් බුලත් ද වමතින් කහ දිය හා කැකුළු සහල් බහාලු බඳුන්ද ගෙන රජු දෙපසින් සිටිති. දැල්වූ පොල්තෙල් පහන් පසෙකින් වේ. 

 
නැකැත්කරු විසින් නියම කරන ලද කොළ දෙවර්ගයක් ගෙන එක් වර්ගයක් උඩින් එල්ලන අතර අනෙක් කොළ වර්ගය දෙපතුළට තබනු ලැබේ. රජතුමා සිංහාසනයෙහි හිඳ නියමිත කොළ වර්ගය මත පා තබා වම් අතින් කොළ වර්ගයක් ගෙන දකුණතේ ඇඟිලිවලින් බෙහෙත් දියර (නානු) ස්වල්පයක් ගෙන හිසේ ගා ගනී. කන්‍යාවරු සහ අධිකාරම්වරු මේ අවස්ථාවේ රජුට දීර්ඝායු පතති.   


අනතුරුව කිරිබත් සහිතව පිළියෙළ කළ ආහාරය රජතුමා ඉඳුල් කළ පසු සෙසු නිලධාරීහුද ඉඳුල් කරති. ඒ අවස්ථාවේම ගනුදෙනු කිරීමෙන් පසු රජතුමා ජලස්නානයට පිටත්වේ. දිය නා පැමිණෙන රජු බැහැ දැකීමට නිලධාරීහු පැමිණ සිටිති. ඔවුන් රජුට නමස්කාර කළ පසු රජතුමා නිලධාරීන්ද සමඟ දළදා මාළිගාවට ගොස් පුද පූජා පවත්වති.   
මෙම විස්තරයට අනුව මහනුවර රජ සමයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය අනෙකුත් සියලුම අවුරුදු සිරිත් අභිබවා මුල්තැන ගත් බව පෙනේ.

 

විජේරත්න අතුරුපාන   

 



අදහස් (0)

හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ වැදගත්කම

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4131 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 67 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1524 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 499 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 177 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 612 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2110 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1835 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site