IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ශිෂ්‍ය ණයට සුදුසු නම් පොලී රහිත ලක්ෂ 8 ක්

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් සිසු සිසුවියන්ට පිළිගත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ වැඩසටහන මෙවර ක්‍රියාත්මක වෙන්නේ 7වැනි වතාවටය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල මුල් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උසස් පෙළ සමතුන්ට හිමි වෙන අතර වසර හතරක උපාධි පාඨමාලාවක් සඳහා ලක්ෂ 8 ක මුදලක් ද වසර තුනක උපාධි පාඨමාලාවක් සඳහා ලක්ෂ 6 ක මුදලක් ද ලබා දේ. එම වැඩසටහන පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක (ශිෂ්‍ය ණය) චන්දිමා ජානකී මහත්මිය සමග කළ සාකච්ඡාවක් මෙසේය.


?පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන හැඳින්වීමක් කළොත්?


මුලින්ම කතා කරන්න ඕනෑ, පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ඇයි අපි හඳුන්වා දුන්නෙ කියලා. ඒ වගේම, කොහොමද මේක ඇති වුණේ කියන එක ගැන. 2017 දී මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරපු අයවැය යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයකට අනුව මේ වැඩසටහන ආරම්භ කරන්න යෙදුණා. වසරක දී අපොස උසස් පෙළ විභාගයට ළමයි ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මුහුණ දෙනවා. එයින් ලක්ෂ දෙකක විතර පිරිසක් සරසවි ප්‍රවේශය සහිතව විභාගයෙන් සමත් වෙනවා. ඒත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන පහසුකම් අනුව ඒවට බඳවා ගන්න හැකියාව තියෙන්නෙ ළමයි 45000 ක් පමණ පිරිසක් විතරයි. දරුවෝ කියන්නෙ රජයක වගකීමක් වෙන නිසා රජය විසින් දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා විටින් විට විවිධ වැඩසටහන් හඳුන්වා දී තියෙනවා. 2017 දී ආරම්භ කරපු පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමය මෙවර ආරම්භ කරලා තියෙන්නෙ හත් වැනි වතාවට. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම සඳහා ලබාදෙන අවස්ථාවට අමතරව උසස් පෙළ කරන ළමයින්ට ලබා දී තියෙන හොඳ අවස්ථාවක් හැටියට මම මෙය දකිනවා.


?2019, 2020 සහ 2021 අවුරුදුවල උසස් පෙළ විභාගයට මූණ දුන්නු අයට මේ ණය සඳහා අයැදුම් කළ හැකි බව දැක්වෙනවා. ඊට අමතරව සලකා බලන තවත් සුදුසුකම් තියෙනව ද?


අනිවාර්යයෙන්ම. මේ සඳහා සලකා බලන අවම සුදුසුකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පාඨමාලාවලට ආවේණික වූ සුදුසුකම් කීපයකුත් තියෙනවා. අවම සුදුසුකම වෙන්නෙ උසස් පෙළ විභාගය වාර තුනකට අඩු ගණනක දී විෂයයන් තුනම එකවර සමත් වී තිබීම. අවම එස් සාමාර්ථ තුනක් ලබාගෙන තියෙන්න ඕනෑ. 


උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා අවම වශයෙන් ලකුණු 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තියෙන්න ඕනෑ. ඒ වගේම තමයි ශිෂ්‍ය ණය අයැදුම්කරුවන් වයස අවුරුදු 26 ට වඩා අඩු වෙන්න ඕනෑ. මීට කලින් අපි වයස් සීමාව දාලා තිබුණෙ අවුරුදු 25 ක් කියලා. 


නමුත් රටේ තියෙන ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙවර වැඩසටහන මාස හයක පමණ කාලයක් ප්‍රමාද වුණු නිසා දරුවන්ට ලබා දෙන අවස්ථා වැඩි කිරීම සඳහා සලකා බලන වයස් සීමාව අවුරුදු 26 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවල දී ඉංග්‍රීසි විෂය සඳහා ‘එස්’ සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් ලබා තිබිය යුතුයි. මේවා තමයි අවම සුදුසුකම් හැටියට සලකන්නෙ.


?පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමේ දී මවුපියන්ගේ හෝ ඇපකරුවන්ගේ බැංකු ගිණුම් ශේෂ හෝ දේපළ වත්කම් සැලකිල්ලට ලක් කරනව ද?


නෑ. මේ ණය මුදල ලබා දෙන්නෙ ලංකා බැංකුව හා මහජන බැංකුව ඔස්සේ. ඒ සඳහා ඇපකරුවෝ දෙදෙනෙක් ඉදිරිපත් වීම අවශ්‍යයි. එතනදී මවුපියන් දෙන්නාගෙන් කෙනෙක්ට හා දරුවගෙ ඥාතියෙකුට ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ ඇපකරුවන්ගේ ආදායම් තත්ත්ව අපි පරීක්ෂාවට ලක් කරන්නෙ නෑ. නමුත් ඇපකරුවා වශයෙන් ඉදිරිපත් වෙන ඥාතියාගෙ වයස අවුරුදු 55 ට වඩා අඩු විය යුතු බවට කොන්දේසියක් තියෙනවා. මොකද, මේක අවුරුදු 12 ක් දක්වා දිවෙන ණය මුදලක්. ඒ දක්වා ඥාති ඇපකරුවා සිටිය යුතු නිසා තමයි ඒ විදිහෙ වයස් සීමාවක් දාලා තියෙන්නෙ. මවුපියන්ගෙ වයස මෙතැන දී සැලකිල්ලට ගන්නෙ නෑ.


?මේ ණය මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරිය හැකි බව දැක්වෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි පාඨමාලා පමණද හැදෑරිය හැක්කෙ? නැතිනම් විදේශ රටවල පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලින් ලබා දෙන උපාධි පාඨමාලාත් හැදෑරිය හැකි ද?


එතනදී පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕනෑ. අපි මේ ආයතන හඳුන්වන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල හැටියට නෙවෙයි, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන හැටියට. මේ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙන ආයතන. විශ්වවිද්‍යාල පනත මගින් ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් උපාධි පිරිනැමිය හැකි ආයතන ගැසට් කරලා තියෙනවා.


ඒක අධීක්ෂණය කරන්නෙ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. එවැනි උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රථම උපාධිය හැදෑරීමට පමණයි මේ ණය මුදල් ලබා දෙන්නෙ. අපි අනුමත කරපු එවැනි උසස් අධ්‍යාපන ආයතන 24 ක් තියෙනවා. ඒවායෙන් ආයතන 17 ක් අපේ ණය යෝජනා ක්‍රමය ඇතුළෙ ඉන්නවා.


?මේ ණය වැඩසටහන මගින් රැකියා ඉලක්ක කරගත් උපාධි පාඨමාලාවලට ප්‍රමුඛතාව දෙන බව පැවසෙනවා. ඒ යටතේ සිසුන්ට හැදෑරිය හැකි පාඨමාලා මොනවා ද?


අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරපු රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 24 හි උපාධි පාඨමාලා 200 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් උපාධි පාඨමාලා 99 ක් පමණයි අපේ වැඩසටහන සඳහා තෝරා ගෙන තියෙන්නෙ. එයිනුත් විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය, ඉංජිනේරු යන විෂයයන්ට ප්‍රමුඛ තැනක් ලබා දීලා තියෙනවා. රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමක් ඒ උපාධි පාඨමාලාවලට තියෙන නිසා. වාණිජ, මානව ශාස්ත්‍රීය හා සමාජ විද්‍යා විෂයයන්වලට ලබා දෙන්නෙ අඩු ආසන ප්‍රතිශතයක්.
මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ පසුගිය 6 වතාවේ දී කොපමණ සිසුන් පිරිසකට ණය මුදල් ලබා දීලා තියෙනව ද?


මේ දක්වා අපි සිසුන් 14000 ත් 15000 ත් අතර පිරිසකට මේ ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීලා තියෙනවා. මේ යටතේ අපි අවුරුදු 4 ක පාඨමාලාවකට ලක්ෂ 8 ක මුදලකුත් අවුරුදු 3 ක පාඨමාලාවකට ලක්ෂ 6 ක මුදලකුත් ලබා දෙනවා. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයන් සෘජුවම ගොස් ලියාපදිංචි වී උපාධි පාඨමාලාවක් හදාරනවා නම් ඒ සඳහා ලක්ෂ 12 සිට ලක්ෂ 30 ඉක්මවන මුදලක් වැය වෙනවා. ඇතැම් උපාධි පාඨමාලාවලට ලක්ෂ 30 ඉක්මවන මුදලක් අය කරනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සම්බන්ධ වෙන දරුවන්ට ලක්ෂ 8 ක මුදලකට මේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දීමට මේ ආයතන එකඟ වෙලා තියෙනවා. මේ ණය මුදල සඳහා සුදුසුකම් ලබන දරුවන්ට අපි වසරකට රුපියල් 75000 බැගින් ශිෂ්‍යාධාර මුදලකුත් ලබා දෙනවා. මේ මුදලත් ශිෂ්‍ය ණය මුදල හා සමගාමීව යන ණය මුදලක්. මොකද, මේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන බොහොමයක් පිහිටා තිඛෙන්නෙ කොළඹ නගරය ආශ්‍රිතව. කොළඹින් දුර බැහැර ප්‍රදේශවලින් උපාධි හැදෑරීමට පැමිණෙන දරුවන්ට තියෙන දුෂ්කරතාවලට යම්තාක් දුරකට සහනයක් දීමේ අරමුණින් තමයි මේ ශිෂ්‍යාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නෙ. ඒ අනුව දරුවෙකුට මාසිකව රුපියල් 6250 බැගින් මුදලක් ලබා දෙනවා. 


?මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම් කරන්නේ කෙසේ ද ?


පළමුව www.studentloans.mohe.gov.lk කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගොස් එහි තියෙන ශිෂ්‍ය අත්පොත හොඳට පරිශීලනය කළ යුතුයි. ඒක භාෂා තුනෙන්ම තියෙනවා. අපේ අයැදුම්පත තියෙන්නෙත් මාර්ගගත ක්‍රමයටමයි. මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින් ලියාපදිංචි විය යුතුයි. උසස් පෙළ විභාග අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය ලබා දුන්නහම ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට පස්සෙ ශිෂ්‍යයන්ගෙ විද්‍යුත් තැපැල් ලිපිනයට අයැදුම්පත පිරවීමට අදාළ මුරපදය එනවා. ඊට පස්සෙ ඒ මුරපදය උපයෝගී කරගෙන කලින් කිව්ව ශිෂ්‍ය අත්පොතේ උපදෙස් අනුව අයැදුම්පත සම්පූර්ණ කරන්න පුළුවන්.


ඒ විදියට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් ලියාපදිංචි වුණාට පස්සෙ ඒ අයව සම්මුඛ පරීක්ෂණයකට කැඳවනවා. ඒක කරන්නෙ සිසුන් ලබා දීලා තියෙන තොරතුරු, ඒ කියන්නෙ වයස, අධ්‍යාපන සුදුසුකම්, පාසල් හැර යාමේ සහතිකය, උප්පැන්න සහතික වගේ දේවල්වල නිරවද්‍යතාව පරීක්ෂා කර ගැනීම සඳහා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගන්නා දරුවන්ව අපේ අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය හරහා වෙන විශේෂ පරිගණක පද්ධතියකට යොමු කරලා තෝරා ගැනීම් සිදු කරනවා. 


ඒ විදිහට තෝරා ගැනීම් සිදු කරද්දී බලන මූලික සුදුසුකම් කිහිපයක් තියෙනවා. ඒ යටතේ අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබීම, දරුවන් ඉල්ලා තියෙන පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර තිබීම, වයස අවුරුදු 26 ට වඩා අඩු වීම, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී හෝ උසස් පෙළ විභාගයේ දී සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් ‘එස්’ සාමාර්ථයක් ලබා තිබීම, අපොස උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා තිබීම (උපරිම වාර තුනක් යන කොන්දේසියට යටත්ව) යනාදිය සලකා බලනවා. 


මේ මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇති දරුවන්ට තමන්ගේ අයැදුම්පත්‍රය පිරවීමේ දී කැමැත්තේ අනුපිළිවෙළ මත කැමති පාඨමාලා ප්‍රමාණයක්, විෂය සුදුසුකම් තියෙනවා නම් අයැදුම් කරන්න පුළුවන්. ඒ කැමැත්තේ අනුපිළිවෙළත්, දරුවන් උසස් පෙළ විභාගයේ දී ලබා ගෙන ඇති ‘‘ඉසෙඩ්’’ අගයත්, ඒ ඒ ආයතන මගින් අපට ලබා දී තියෙන සහ අප තෝරාගෙන ඇති ආසන ප්‍රමාණයත් අනුව සිසුන් තෝරා ගැනීම සිදු කරනවා. ඉන් පස්සෙ දරුවන් තේරුණු ආයතන හා පාඨමාලා පිළිබඳව ඔවුන්ව දැනුවත් කරනවා. ඉන් පස්සෙ තමයි දරුවන්ව ආයතනවල ලියාපදිංචි කරන්නෙ.


?මේ ශිෂ්‍ය ණය ක්‍රමය සඳහා සුදුසුකම් නොලබන දරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනව ද ?


ඔව්. අභියාචනා ඉදිරිපත් කිරීමට මාසෙක කාලයක් ලබා දීලා තියෙනවා. අයැදුම් කරපු පාඨමාලාවක් වෙනස් කරන්න අවශ්‍ය නම් සම්මුඛ පරීක්ෂණ කැඳවන අවස්ථාවේ ශිෂ්‍යයන්ට අභියාචනා ඉදිරිපත් කරන්නත් පුළුවන්.

 

■ උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

ශිෂ්‍ය ණයට සුදුසු නම් පොලී රහිත ලක්ෂ 8 ක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3799 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 48 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1477 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 463 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 276 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1599 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site