IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මේ වසරේ පොහොර ලබා දෙන බවට රජය සහතික විය යුතුයි

2021 අප්‍රේල් සිට 2021 නොවැම්බර් දක්වා රජය රසායනික පොහොර ගෙන්වීම තහනම් කළ නිසා 2021 යල, තිබූ පොහොරවලින් ගොවියා වගා කළා. නමුත් 2021/22 මහකන්නයට කිසිදු රසායනික පොහොරක් නියම අයුරින් ලැබුණේ නෑ. නැනෝ නයිට්‍රජන් කාබනික දියර පොහොර ආදිය ලැබුණත් ඒවා ඵලදායි වූයේ නැහැ. දේශීයව නිපදවන ලද කාබනික පොහොර ලබා දුන්නත් ඒවා ගොවීන් ප්‍රතික්‍ෂේප කළා. දේශීයව නිපදවූ කාබනික දියර පොහොර කලබලයට සකස් කළ අතර නියමිත ප්‍රමිතියට සකස් කර නැහැ. ඒ නිසා ඒවායින් ගොවියාට ඵලක් වුණේ නැහැ.   

කාබනික පොහොර නිපදවීමට මාස 3කට වැඩි කළත් ගතවන නමුත් සතිදෙකෙන් තුනෙන් දියර පොහොර සකසා වෙළෙඳපොළට එවීම නිසා මහත් අර්බුදයක් හට ගැනිණ. කාබනික දියර පොහොර අඩංගු කෑන් පිපිරීමටත්, ගඳ ගැසීමටත් පටන් ගත්තේය. අඩු කාලයකින් සකස් කරන කාබනික පොහොර හෝ කාබනික දියර පොහොරවල නිසි ප්‍රමිතියක් නෑ. දියර පොහොර නිපදවීමේදී ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වෙනවා. ක්‍ෂුද්‍ර ජීවින් පොහොර නිපදවීමේ ක්‍රියාවලියට දායක වී සති දෙකකින් තුනකින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නවතිනවා. එසේ නොමැති වුවහොත් පුරවන ලද බෝතලයේ කෑන් නිර්වායු තත්ත්වය යටතේ වියෝජනයවීමට පටන් ගන්නවා. එහිදී මීතේන් වායුව සෑදී ඉඩකඩ සීමා වුණාම පුපුරා යෑමට ඉඩ තිබෙනවා. ගන්ධය ඇතිවෙන්නේ මෙවැනිම සංසිද්ධියක් මතයි. ඒ නිසා නියම ප්‍රමිතියට සකසන ලද නියමිත කාලය ගත වූ කාබනික දියර පොහොර ගොවිජනතාවට ලබාදීම රජයේ වගකීමක් වෙනවා. 

 

වී වගාව සඳහා පමණක් වසරකට පොහොර මෙට්‍රික් ටොන් 385000 ක් පමණ අවශ්‍ය වෙනවා. වෙනත් බෝග සඳහා මෙට්‍රික් ටොන් 375000 පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා රජය කන්නය පටන් ගැනීමට මාස දෙකකට පමණ පෙර මෙම පොහොර ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සංචිතවල පවත්වාගෙන යා යුතුය. පොහොර ඇණවුම් කර ශ්‍රී ලංකාවට ළඟා වීමට මාස 2-3 ක් අතර කාලයක් ගත වෙනවා. එමනිසා යල කන්නය, මහ කන්නයට මාස දෙකකට පමණ පෙර පොහොර සංචිත රට තුළ තිබිය යුතුය. ඒ අනුව ගොවියා විශ්වාසයෙන් යුතුව ගොවිතැන් කටයුතු ආරම්භ කරනවා. 


2022 යල කන්නය අප්‍රේල් මාසයේ ආරම්භ වෙනවා. 2022/23 මහකන්නය ඔක්තෝබර් මාසයේ පටන් ගන්නවා. වගා සංග්‍රාමයකට යා යුතු යැයි ප්‍රථම වරට ඉරිදා ලංකාදීපය 2021.11.21 දින එළිදරව් කළා. ඒ අනුව රජය “අපි වවමු රට නගමු” වැඩ සටහන යළි ආරම්භ කිරීමට තීරණය කළා. මේ කොයි වැඩසටහන කළත් ගොවියාට අවශ්‍ය රසායනික පොහොර ලබා දිය යුතුයි. රජය මෙය පෞද්ගලික සමාගම් වෙත භාර දී අත පිසදා නොගත යුතුයි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි. දැනට ලෝක වෙළෙඳපළේ පොහොර මෙට්‍රික් ටොන් එකක මිල වෙනදා මෙන් තුන් ගුණයකින් ඉහළයි. වෙනදා ඇමෙරිකානු ඩොලර් 390ට ගත් මෙට්‍රික්ටොන් එකක මිල වර්තමානයේ 1200 ක් පමණ වෙනවා. කිලෝ 50ක පොහොර මිටියක් දැනට පෞද්ගලික සමාගම් ලබා දෙන්නේ රුපියල් 8500 ක මිලකට. නමුත් අම්පාර, කල්මුණේ, පුත්තලම වැනි ප්‍රදේශවල පොහොර මිටියක් පෞද්ගලික වෙළෙඳුන්ගෙන් රුපියල් 18000/=, 25000/=, 30000/= වැනි මිලකට අලෙවි වෙනවා. වර්තමාන ලෝක වෙළෙඳපළ මිල යටතේ ලංකාවට පොහොර ගෙන්වුවහොත් කිලෝ 50 මිටියක් රුපියල් 17500 ක් පමණ මිලකට අලෙවි කරන්න සිදු වෙනවා. මෙය ගොවියට දැරිය හැකිද? මේ ලෝක වෙළෙඳ මිල තත්ත්වය මාර්තු, අප්‍රේල්, මැයි මාස වන විට සමනය වනවා. නමුත් පොහොර මිල ගොඩක් අඩුවෙයි කියා සිතිය නොහැක. මේ නිසා රජය මේ පිළිබඳ ප්‍රමුඛස්ථානය දී කටයුතු කළ යුතුයි. දැනට ලෝක පොහොර අපනයනය කරන රටවල් පොහොර ලබාදීම අඩු කර තිබෙනවා. චීනය සහමුලින්ම වෙළෙඳපළට පොහොර ලබා නොදෙන අතර රුසියාව 50% කින් ලබා දෙනවා. ජපානය ද ලබාදෙන ප්‍රමාණය අඩුයි. ලංකාවට පොහොර ලබා ගැනීමට සිදු වී ඇත්තේ මැදපෙරදිග රටවල්වලින්. කොවිඩ් 19 යටතේ ඒ ඒ රටවල දේශීය පොහොර අවශ්‍යතාවයේ පැන නැගුණු ගැටලු නිසා මෙලෙස ලෝක වෙළෙඳපළට පොහොර නිකුත් කිරීම අඩු කර තිබෙනවා. මේ තත්ත්වයට රජය මුහුණ දිය යුතුයි. 


පෞද්ගලික සමාගම් 14ක් මඟින් 2020 වසරේ ලංකාවට ගෙන්වන ලද පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5918720.55 කි. රජයේ පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ගෙන්වන ලද ප්‍රමාණය වන්නේ මෙට්‍රික් ටොන් 299452.98 කි. 


පෞද්ගලික සමාගම් වෙත පොහොර ගෙන්වා බෙදාහැරීමට දීමෙන් රජය කරනු ලබන්නේ පොහොර ලබාදීමෙන් මඟහැරීමයි. ඇත්ත වශයෙන්ම එය නොකළ යුත්තකි. අපට අවශ්‍ය බත, එළවළු, ධාන්‍ය, පලතුරු ලබාදෙන දේශයේ කොඳුනාරටිය වැනි ගොවි ජනතාවගේ හද ගැස්ම හඳුනාගෙන ඔවුනට අවශ්‍ය පොහොර සාධාරණ මිලකට ලබාදීමට රජය මැදිහත් විය යුතුමයි. 


ගොවියාගේ පැත්තෙන් ගත් කල ඔවුනට ප්‍රධාන ගැටලු ගණනාවක් තිබෙනවා. 
• රජය පොහොර ලබාදෙන්නේ නොමිලේද සහනාධාරයක් යටතේද? සහන මිලකටද? 
• ලබාදෙන පොහොර ගුණාත්වයෙන් හා ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික වන්නේද? 
• පොහොර ඕනෑම වේලාවක ඕනෑම පොහොර කඩයකින් ලබාගත හැකිද? 
• තවදුරටත් කාබනික පොහොර යෙදීම ප්‍රවර්ධනය කරනවාද? 
• ලබා දෙන පොහොරවල මිල කොපමණද? 


මෙම ප්‍රධාන ගැටලුවලට රජය වහාම පිළිතුරු ලබා දිය යුතුය. එසේ නොවන්නේ නම් 2022 යල කන්නය මෙන්ම 2022/23 මහ කන්නයේ වගාව ද බරපතළ තත්වයකට ඇද වැටීමයි. මේ නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යළි පහසුවෙන් ගොඩගත නොහැකි තත්වයකට පත්වීමට ඉඩ තිබෙනවා. 


රජය පසුගියදා තීරණයක් ගත්තා “අපි වවමු රට නගමු” වගා සංග්‍රාමය යළි ආරම්භ කරනවා කියලා. ගෙවතු වගාව සිදු කරන අයට රුපියල් 5000/= සහ 10000/= ලබා දීමට තීරණය කළා. එය හොඳ වැඩක් බව පැවසිය යුතුයි. නමුත් ඒ වැඩසටහනේ උපරිම ප්‍රතිඵල නෙළාගන්න නම් ගොවියාට කලට වේලාවට රසායනික පොහොර ලබා දිය යුතු වනවා. එසේ නොවුණහොත් නැවත ආරම්භ කරන වගා සංග්‍රාමයේ නිසි ප්‍රයෝජන ලබාගන්න නොහැකි වෙනවා. 


වී වගාව සඳහා පමණක් වසරකට පොහොර මෙට්‍රික් ටොන් 385000 ක් පමණ අවශ්‍ය වෙනවා. වෙනත් බෝග සඳහා මෙට්‍රික් ටොන් 375000 පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා රජය කන්නය පටන් ගැනීමට මාස දෙකකට පමණ පෙර මෙම පොහොර ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සංචිතවල පවත්වාගෙන යා යුතුය. පොහොර ඇණවුම් කර ශ්‍රී ලංකාවට ළඟා වීමට මාස 2-3 ක් අතර කාලයක් ගත වෙනවා. එමනිසා යල කන්නය, මහ කන්නයට මාස දෙකකට පමණ පෙර පොහොර සංචිත රට තුළ තිබිය යුතුය. ඒ අනුව ගොවියා විශ්වාසයෙන් යුතුව ගොවිතැන් කටයුතු ආරම්භ කරනවා. ඒ නිසා දැනට ගොවියා වික්‍ෂිප්තභාවයට පත්වී අරමුණක් නොමැතිව මානසික වශයෙන් පහත වැටී විශ්වාසයක් නොමැතිව කටයුතු කරන වකවානුවක රජය මඟින් ඉදිරි යල කන්නයේ සිට පොහොර නියමිත පරිදි ලබා දෙනවා යැයි සහතික වීමක් සිදුකළ යුතුය. ඒ අනුව ගොවියා විශ්වාසයෙන් ගොවිතැනට බහිනු ඇත. 
තොරතුරු සැපයීම : කේ. බී. ගුණරත්න - හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂ

 

 

 

සටහන: 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක

 



අදහස් (0)

මේ වසරේ පොහොර ලබා දෙන බවට රජය සහතික විය යුතුයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4272 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 183 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site