IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


මේ AI දහය ඔබට වැදගත්

අන්තර්ජාලය තුළ තිබෙන විවිධ වර්ගයේ කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතා කිරීමට පෙර, කෘත්‍රිම බුද්ධි මෙවලම් ගැන කෙටි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ලටම වර්ධනය වීම සඳහා ඉදිරි වසරවල දී කෘත්‍රිම බුද්ධි මෙවලම් සහාය වනු ඇත. එමගින්, අද දේවල් සිදු කරන ආකාරය අනාගතයේ දී සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම, අනාගතයේ දී සියලු‍ම ක්ෂේත්‍ර සඳහා කෘත්‍රිම බුද්ධි මෙවලම් නැතිවම බැරි සහායකයෙකු වෙනු ඇත.


මේ මොහොතේ, ව්‍යාපාරවලට, ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් වලට, කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිත කිරීමෙන් ඇති වාසි කුමක් දැයි හඳුනාගත යුතුව තිබේ. මිනිසුන්ට තීරණ ගැනීමේ නිදහස ලබා දෙමින් අනිකුත් කාර්යයන් යන්ත්‍රවලට පැවරීමට කෘත්‍රිම බුද්ධි මෙවලම් මගින් හැකියාව ලබා දේ. එවැනි කෘත්‍රිම බුද්ධි මෙවලම් 10ක් පහතින් දැක්වේ.

චැට් ජී.පී.ටී. (CHAT GPT)

චැට් ජී.පී.ටී., ඕපන් ඒඅයි සමාගමේ නිර්මාණයක් වේ. චැට් ජී.පී.ටී. යනු සංවාදයක් ගොඩ නගා ගත හැකි චැට් බොට් එකක් ලෙස හැඳින්විය හැක. ව්‍යාපාර ක්ෂේත්‍රයට වටිනා සහායකයෙකු ලෙස ද චැට් ජී.පී.ටී. හැඳින්වීමට පුළුවන. බ්ලොග් අඩවිවලට අවශ්‍ය ලිපි ලිවීමට, වෙබ් අඩවිවල ගුණාත්මකභාවය වැඩි කර ගැනීමට, සේවාදායකයන්ට යවනු ලබන විද්‍යුත් ලිපි නිර්මාණය කර ගැනීමට, සංකීර්ණ ගණිත ගැටලු‍වලට විසඳුම් ලබා ගැනීමට සහ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති නිර්මාණය කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සඳහා චැට් ජී.පී.ටී. අපට සහාය කර ගත හැක.

 

ඩල් ඊ 2 (Dall-E 2) / 

ක්‍රෙයෝන් ඒඅයි (Crayon AI)

ඩල් - ඊ 2 යනු ඕපන් ඒඅයි සමාගමේ තවත් නිර්මාණයක් වෙන අතර, අප ලබා දෙනු ලබන විස්තරයක් මත කලා හෝ ග්‍රැෆික් නිර්මාණයක් උත්පාදනය කිරීමේ   හැකියාව ඩල් - ඊ 2 ට තිබේ. ඡායාරූප ශෛලියකින් යුත් අශ්වයෙකු පිට නැගි ගගනගාමියෙකුගේ කලා නිර්මාණයක් ලබා දෙන ලෙස ඩල් - ඊ 2ට විස්තරයක්  ඇතුළත් කළ විට අපට එම විස්තරයට ගැලපෙන පරිදි කලා හෝ ග්‍රැෆික් නිර්මාණයක් ඩල් - ඊ 2 ලබා දේ. ක්‍රෙයෝන් ඒඅයි මෙවලමද ඩල් - ඊ 2ට  බෙහෙවින් සමාන අතර ක්‍රෙයෝන් ඒඅයි අප ලබා දෙන තොරතුරු මත පදනම්ව කලා නිර්මාණ, ඡායාරූප, චිත්‍ර සහ වෙනත් ග්‍රැෆික්ස් උත්පාදනය කරනු ලබයි.

 

 

සින්තසිස් (Synthesys)/ 

සින්තේසියා (synthesia )

සින්තේසියා මෙවලම අපට වාණිජ අරමුණු වෙනුවෙන් අවශ්‍ය වෘත්තීමය වීඩියෝවක් විනාඩි කීපයක් තුළ නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දේ. කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වූ චරිත 140 කට වැඩි ප්‍රමාණයක් සින්තේසියා මෙවලම සතුව ඇති අතර පරිශීලකයාට අදහස්වලට ගැලපෙන විශේෂ චරිතයක් වුවද සින්තේසියා මෙවලම වීඩියෝව සඳහා නිර්මාණය කර දෙනු ලබයි. එපමණක් නොව, කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කර ඇති හෝ කරනු ලබන චරිතය ඇඳ සිටින ඇඳුම සහ චරිතයේ වයස තීරණය කිරීමට ද සින්තේසියා මෙවලම පරිශීලකයාට අවස්ථාව දෙයි. එසේම, වීඩියෝව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය තිර රචනය නිර්මාණය කර ගැනීමට ද චැට්බොට් මාර්ගයෙන් පරිශීලකයාට සින්තේසියා සහාය ලබා දෙයි. වෘත්තීය අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය වීඩියෝ, අලෙවි නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය වීඩියෝ, පරිගණක තාක්ෂණ දැනුම ලබා දීමට අවශ්‍ය වීඩියෝ, පාරිභෝගිකයන්ට සහාය ලබා දීමට අවශ්‍ය වීඩියෝ සහ අලෙවිකරණය සඳහා අවශ්‍ය වීඩියෝ නිර්මාණය කර ගැනීමට සින්තේසියා මෙවලම භාවිත කළ හැක. සින්තසිස් මෙවලම ද සින්තේසියා මෙවලමට බෙහෙවින් සමාන මෙවලමකි. භාෂා 120 කට වඩා වැඩි ප්‍රමාණයකින් අවශ්‍ය වීඩියෝ නිර්මාණය කරදීමට මෙම මෙවලම් දෙකටම හැකියාව තිබේ.

 

මයික්‍රොසොෆ්ට් කෝ පයිලට්

(Microsoft Copilot )

ඕපන් ඒඅයි සමාගමේ සියයට 49ක කොටස් අයිතිය මයික්‍රෝසොෆ්ට් සමාගමට තිබෙන බවත් මයික්‍රොසොෆ්ට් නිර්මාණයක් වන කෝපයිලට් සතුව චැට් ජීපීටී තුළ තිබෙන විශේෂාංග සියල්ල තිබෙනු ඇති බවත් විශේෂඥයන් පවසා ඇත. කෙටියෙන් පැවසුවහොත්,    මයික්‍රොසොෆ්ට් කෝ පයිලට් චැට් ජීපීටී මෙවලමේ වැඩිමහල් සහෝදරයා වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. ස්ප්‍රෙඩ්ෂීට් විශ්ලේෂණය කිරීමට, ටෙම්ප්ලේට් සදා ගැනීමට, ප්‍රසන්ටේෂන් යාවත්කාලීන කිරීමට සහ ආයතන ප්‍රධානියෙකු වෙනුවට රැස්වීම්වලට සහභාගී කරවීමට මයික්‍රොසොෆ්ට් කෝ පයිලට් භාවිත කළ හැක.

 

 

ගූගල් බාර්ඩ්/ඩුවට්

(Google Bard/Duet )

චැට් ජීපීටී සමඟ තරග කිරීමට ගූගල් සමාගමේ නිර්මාණය බාර්ඩ් වේ. දැනටමත් ජීමේල් තුළ විද්‍යුත් ලිපි ලිවීමටත් ව්‍යාකරණ දෝෂ සෙවීමටත් බාර්ඩ් භාවිත කරනු ලබයි. එළඹෙන මාස 6 තුළ සියලු‍ විශේෂාංග වලින් සමන්විත බාර්ඩ් සංස්කරණයක් එළි දැක්වීමට නියමිතව ඇත. ඩුවට් යනු ගූගල් ව්‍යාපාර මෘදුකාංග බාර්ඩ් ගෙන් බලාත්මක කිරීමට භාවිත කරන මෘදුකාංගය වේ.

 

 

හේවයර්.ඒඅයි (Heywire.ai)

හේවයර් මෙවලම වැඩි බලයක් සහිත කෘත්‍රිම බුද්ධි මෙවලමක් වන අතර සමාජ මාධ්‍ය, බ්ලොග් අඩවිවල පළකිරීමට අවශ්‍ය අන්තර්ගතයන් (කන්ටෙන්ට්) නිර්මාණය කරනු ලබයි. හේවයර් මෙවලම වෙල්ස් කෘත්‍රිම බුද්ධියෙන් බලාත්මක වන අතර කිසිදු මිනිසෙකුගේ මැදිහත්වීමකින් තොරව අන්තර්ජාලයෙන් නවතම තොරතුරු ලබා ගනිමින් සමාජ මාධ්‍ය, බ්ලොග් අඩවි සඳහා අවශ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරනු ලබයි. සමාගම් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සහ බ්ලොග් අඩවිවල පළකිරීම සඳහා අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සේවකයන් තබා ගැනීම හේවයර් නිසා තවදුරටත් අවශ්‍ය නොවන බව එම සමාගම ප්‍රකාශ කර ඇත.

 

 

එයිටිෆයි (Eightify)

අපට වීඩියෝවක් නැරඹීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති විට එම ප්‍රශ්නයට එයිටිෆයි විසඳුම ලබා දේ. එයිටිෆයි අප වෙනුවෙන් ඕනෑම වීඩියෝවක් නරඹා එම වීඩියෝවේ ප්‍රයෝජනවත් තැන් පෙන්වා දෙමින් සාරාංශ කරනු ලබයි. ව්‍යවසායකයන්ට සහ කාර්යබහුල පුද්ගලයන්ට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් මෙවලමකි.

ටෙමී (Temi)

ටෙමී යනු කෘත්‍රිම බුද්ධියෙන් බළගැන්වුණු මෙවලමකි. මෙම මෙවලම ලේඛකයන්ට, සිසුන්ට සහ ව්‍යාපාරිකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. හඬ පටයක් හෝ වීඩියෝවක් ටෙමී වෙත උඩුගත කළවිට ටෙමී එම හඬ පටය හෝ වීඩියෝව වචනවලට පිටපත් කරදෙනු ලබයි. මෙම මෙවලම භාවිත කරන්නන් ප්‍රකාශ කර ඇත්තේ ටෙමී සිදුකරන පිටපත්වල කිසිදු දෝෂයක් නොමැති බවත් විනාඩි 10 ක පිටපතක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත්ය.

 

 

ෆෙදරි (Feathery)

වෘත්තිමය පෝරමයක් හෝ අයැදුම්පත්‍රයක්  විනාඩි කීපයක් තුළදී නිර්මාණය කිරීමට ෆෙදරිට හැකියාව තිබේ. රැකියා අයැදුම්පත්‍රයක්, ව්‍යාපාරයේ වෙබ් අඩවියට පැමිණෙන්නන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා අයැදුම්පතක්, ආයතනයේ හෝ ව්‍යාපාරයේ සේවාදායකයන්ට මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා පෙර සැකසූ මිල ගණන් සඳහන් පෝරමයක් විනාඩි කීපයක් තුළදී නිර්මාණය කිරීමට ෆෙදරි කදිම කෘත්‍රිම බුද්ධි මෙවලමකි.

 

 

ඉන්ටර්විව්.ඒඅයි

ඉන්ටර්විව්.ඒඅයි රැකියා අයැදුම්කරුවන්ට ඉතාමත් ප්‍රයෝජනවත් මෙවලමකි. ඉන්ටර්විව්.ඒඅයි මෙවලම මගින් රැකියා අපේක්ෂිතයන්ව සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් කරනු ලබයි. ඉන්ටර්විව්.ඒඅයි නිර්මාණය කර ගත් ඇල්ගොරිදමයක් මගින් සම්මුඛ පරීක්ෂණයකදී ඇසිය හැකි ප්‍රශ්න නිර්මාණය කර ගනු ලබන අතර එම ප්‍රශ්න මත පදනම්ව අයැදුම්කරුවන්ගේ භාෂා කුසලතාවන් වැඩි දියුණු කරමින් සම්මුඛ පරීක්ෂණයකදී  සංවාදයක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ  පුහුණුවක් ලබා දේ. මෙය පොදුවේ සියලු‍ දෙනාටම ප්‍රයෝජනවත් මෙවලමකි.


මෙම මෙවලම් සහ චැට්බොට් සඳහා මාසික අයකිරීමක් සිදු කරනු ලබන අතර නොමිලේ අත්හදා බැලිය හැක. එසේම ඇතැම් මෙවලම් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර අත්හදා බැලීම සඳහා ලියාපදිංචි විය යුතුය.

■ විමුක්ති එස්. රුද්‍රිගු

 

 



අදහස් (0)

මේ AI දහය ඔබට වැදගත්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3800 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 48 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1477 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 463 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 276 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1768 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site