IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


බුදු තාත්තේ මොකද කළේ ?

 

පවුල් ජීවිතයක් ගතකරද්දී සැමියාගේ සහ බිරිඳගේ අවබෝධය වැදගත්ය. එලෙස අවබෝධය නැතිකම හෝ ගිලිහීයාම නිසා ක්ෂණයකින් ඇතිවන්නේ අවාසනාවන්ත තත්වයකි. මේ නිසාම අපේ රටේ සිය දිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති අතර පසුගිය වසරේ පමණක් මෙලෙස සිය දිවි නසා ගැනීම් දහසකට වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත. අරණායක සාමසර කන්දේ නාය යෑමේ ඛේදවාචකයෙන් පසු අරණායක පොලිස් බල ප්‍රදේශයේ මෑත කාලයේ අසන්නට ලැබුණු පවුල් ආරවුලක් නිසා ඇති වූ ශෝචනියම කතා ප්‍රවෘත්තිය වන්නේ අම්බලමකදී පියකු තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර ඔහුද දිවි නසාගත් සිදුවීමය.

අරණායක මාවනැල්ල මාර්ගයේ පොල්අඹේගොඩ ප්‍රදේශයේ ගොඩිගමුව ඉපැරණි අම්බලම පිහිටා තිබුණේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරකිනි. අක්කර ගණනාවක්ම පෙනෙන තෙක් මානයට ඇත්තේ වෙල්යායයි. මිය ගොස් සිටි කුඩා දරුවන්ගේ මවගේ නිවස පිහිටා ඇත්තේද හරියටම අම්බලමේ සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකිනි.   


මෙම සිදුවීමෙන් මිය ගොස් සිටියේ නව හැවිරිදි ත්‍රිත්මි කරුණාරච්චි දියණිය, වයස අවුරුදු 06 ක් වන දෙනුවන් කරුණාරච්චි යන දරුවන් සහ ඔවුන්ගේ පියා වන 35 හැවිරිදි වසන්ත කරුණාරච්චි යන තිදෙනාය.   


සිද්ධියේ තොරතුරු අරණායක පොලිසිය වෙත වාර්තා වූ සැණින් අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගෙන් සහ ඥාතීන්ගෙන් සාක්ෂි සටහන් කර ගත් අතර පොලිසිය මුලින්ම සාක්ෂි සටහන් කර ගත්තේ මෙම ස්ථානයේ සිටි මිය ගිය දරුවන්ගේ සීයාගෙනි.   

 

මරාදැමුණු දරු දෙදෙනා


නිමල් විමලසූරිය නම් වූ ඔහු අදහස් දක්වමින් පවසා තිබුණේ මෙවැන්නකි.   


‘මේ මිය ගිහින් ඉන්නේ මගේ බෑනා. සහ මගේ දුවගේ දරුවන් දෙදෙනායි. බෑනාගේ අම්මාගේ මහ ගෙවල් තියෙන්නේ ගිරිඋල්ලේ’ දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් යමින් හිටියේ අපේ ගෙදර අරණායක, ගොඩිගමුවේ. බෑනා දරුවන් පාසල් වලින් අස් කරගෙන දුවත් එක්කම ගිරිඋල්ලට එක්ක ගියා. එහේ ඉන්නකොට දෙන්නා ආරවුලක් ඇති කරගෙන. මගේ දුව අපිට කතා කරලා කීවා කඩුවක් අරන් මං පස්සේ පන්නනවා මරන්න කියලා. අපිට දුව කතා කරනවා කීවේ සැඟවිලා අපි ඊට පස්සේ ත්‍රීවීල් එකක් අරන් ගිහින් දුව ගොඩිගමුව ගෙදරට එක්කරගෙන ආවා. 05 වැනිදා උදේ අරණායක පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ 06 වැනිදා උදේ 10 ටයි. 05 වැනිදා බෑනා දරුවන් දෙදෙනා බයිසිකලයෙන් ගොඩිගමුව අපේ ගෙදරට එක්ක ආවා.   


දරුවන් ඇවිත් කෑම බිම කලා අයිස් ඕනැ කීවා. මම කීවා ශීතකරණයේ ඇති කන්න කියලා ‘ඒවාත් කාලා සතුටින් හිටියා. හවස බෑනා යන්න ලෑස්ති වුණා. දරුවන් දෙදෙනා එක්ක’ මම කීවා දරුවන් අරන් දැන් යන්න ඕනෑ නැහැ, හෙට නැවත එන්නත් ඕනෑ නෙ කියලා. දරුවන් පාසල් යවන්නත් ඕනෑ ඒ නිසා එක්ක යන්නම් තාත්තා කියලා ඔහු කීවා. ඉතින් එයාගේ ළමයිනේ’ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව හවස 05 ට විතර එක්ක ගියා. රාත්‍රි 12.15 ට විතර කෝල් එකක් මට ආවා බෑනාගෙන්.   


බෑනා කීවා බයිසිකලයේ රේසර් ගියා. බයිසිකලය දාලා පයින් යනවා කියලා. මම කීවා පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියලා. උදේ එන්න කියලාත් කිවා. එහෙම ගිය පාර තමයි උදේ වෙන කොට මේ ආවාසනාවන්ත සිද්ධිය ​ෙවලා තිබුණේ යැයිද ඔහු පැවසීය.   


කෙසේ වෙතත් මෙම සිදුවීම් මාලාව දෙස බලන විට අනාවරණය වන සමහර කරුණු පවුලේ තිබූ ආරවුල් තත්ත්වයන් පෙන්වයි. මිය ගොස් සිටි පියා වන වසන්ත බිරිඳට හා දරුවන්ට අසීමිත ලෙස ආදරය දැක්වූ අයෙකු වන බව බොහෝ ගම්වැසියෝ අප සමග අදහස් දක්වමින් පැවසූහ. යුද හමුදා සේවයේ මුලින් සේවය කර පසුව එයින් නීත්‍යනුකූලව ඉවත් වී රියදුරු රැකියාවක් කර නිවසේ අගහිඟකම් පිරිමැසූ අයෙකි.   


බිරිඳ හා සැමියා අතර විටින් විට ආරවුල් ඇතිවී තිබේ.   


සිය මවට අයත් ගිරිඋල්ලට ඔහු දරුවන් රැගෙන යන්නේ බිරිඳ සමගය. බිරිඳගේ පියාණන් පවසන්නේ පවුලේ ආරවුලක් නිසා සිය දියණිය ත්‍රීවීල් රථයකින් මහගෙදරට රැගෙන පැමිණි බවයි. ඒ පැමිණ අරණායක පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන්නේ සිය ස්වාමියාගෙන් දික් කසාදවීමේ පරමාර්ථයෙනි. සිය බිරිඳ නිවසින් බැහැර වීම නිසා කලබලයට පත් වූ වසන්ත කරුණාරච්චි ගිරිඋල්ල පොලිසිය වෙතද පැමිණිල්ලක් කර ඇති බව මේ පිළිබඳ තොරතුරු සොයා ගිය අපට අරණායක පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. නිවසේ සිටි තම බිරිඳ අතුරුදන්වීම සම්බන්ධයෙන් වසන්ත ගිරිඋල්ල පොලිසියට පැමිණිලි කර තිබුණි.   


එම මරණ සිදු වූ ස්ථානයට වැඩම කළ අරණායක හොරේවල හේවාසිංහරාමාධිපති විලානගම චන්ද්‍රරතන හිමියන් පැවසුවේ මෙවැනි කතාවකි.   


මේ සිදුවීම දැක්කාම හරිම සංවේගයක් ඇතිවෙනවා. ගැටලුවක් තිබෙනවා නම් සාකච්ජා කරලා විසඳාගත යුතුව තිබුණත් අහිංසක දරුවන් බිල්ලට අරන් සියලු දෙනාම දිවි අහිමි කර ගැනීමට වඩා දරුවන්ගේ අනාගතය ගැනවත් හිතන්න තිබුණා. හදිසි තීරණ ගැනීම නිසා අහිසංක දරුවන් බිලිදීම වැරදි දෙයක්.’ උන්වහන්සේ කීහ.  

 

ඡායාරූප සහ සටහන : මාවනැල්ල 
හෙම්මාතගම - සමන් විජය බණ්ඩාර

 



අදහස් (0)

බුදු තාත්තේ මොකද කළේ ?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4272 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 183 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site